මේ දවස් වල එපා වෙන්නම තියෙන නිසා හැමෝම කතාකරන දෙයක් වෙලා වැස්ස. යතුරු පැදිය ගමනා ගමනය සඳහා භාවිතා කරන අපි වගේ කට්ටියට ඉතින් උදේටයි හවසටයි වැස්සෙන් සිදුවන සේවාව ගැන නම් කියලා වැඩක් නැහැ. වැරැද්ද් වැස්සෙද නැත්නම් වහලෙ නැතුව මෝටර් බයිසිකල් හදපු මනුස්සයගෙද මන්දා. වැස්සත් එක්ක උදේට තියෙන සීතල නිදා ගන්න කියාපු එකක් ඒත් ඉතින් අවාසනාවට ජීවත් වෙන්න රැකියාවක් කරන්න වෙලානේ ඉතින් සීතලේ නිදා ගන්න වෙන්නෙ නැහැ. දවල්ට වහිනකොට නම් වැස්ස දිහා බලාගෙන හූල්ලන්වා අනේ ගෙදර හිටියනම් හොඳට පොරෝගෙන නිදා ගන්න තිබ්බා කියල. ඉස්කෝලෙ යනකාලේන්ම් වහින දවසට තමා වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කෝලෙ යන්නේ මොකද එදාට ලමයි අඩුයි ගුරුවරුත් නැහැ කලින් ඉස්කෝලෙ අරිනව ඒක නිසා ගිය වෙලාවෙ ඉඳන් කාගෙන් වත් බැනුම් අහන්නේ නැතුව වැස්සෙ සෙල්ලම් කරලා ගෙදර එන්න පුළුවන් නිසා. ඒවා නම් ඉතින් හැබෑම සොඳුරු මතකයන්.
වැස්සත් එක්ක තියෙන සීතලේ මත්පැන් වඩියක රහ බලන්න තිබ්බනම් ඉතින් මරේ මරු.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
Subscribe to:
Post Comments (Atom)

4 අදහස්:
දැන් නම් වැස්ස අහවර වෙන්න වගේ හදන්නේ නේද
එහෙම උනොත් නම් හොඳයි. අදනම් අඩුයි ඒත් කියන්න බැහැ
වැස්ස එක්ක දැන් නම් නිදිමත තමයි පෑහෙන්නේ. ඉස්කෝලෙ යද්දි නම් මමත් ආසම වැස්සෙ ඉස්කෝලෙ යන්න. ටිකක් ලොකු වෙද්දි නම් වැස්සට ගෙදරම හිටියා අර නින්ද එක්ක. සෙටා වීම් නම් වැස්සත් නොවැස්සත් එකයි. වැස්ස නැති කොට සෙටා වීම ආතල් නම් වැස්ස ඇති විට ෆුල් ආතල්..
කියලා වැඩක් නැහැ
Post a Comment