මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පොඩි කාලෙ ඉඳලම මන් පත්තර සඟරා බලනවා. ඒකාලෙ මන් බැලුවෙ "බිංදු", "මිහිර","විජය" වෙන පොඩි අයගෙ පත්තර තිබ්බද කියලා මට මතක නැහැ. දැන් නම් පත්තර ලැල්ලක් ගාවට ගියොත් ඒක පිරෙන්න තියෙන්නෙ අර බබා මේ බබා කියල පොඩි අයට තියෙන පත්තරමනේ.

මට මතක ඇති කාලෙ ඉඳලම මට "මනහර", "මුතුහර", "රසවාහිනී", "නවයුගය" සඟරා කියෙව්ව. "රසවාහිනී" ඇරෙන්න අනික් එවා තාමත් තියෙනවා. ඒ අතිරින් නවයුගයනම් මන් තාමත් ගන්නවා. අනික් එව හම්බ උනොත් විතරයි බලන්නේ.

මට මතක පරණම දිනපතා / සතිපතා පත්තරේ "දවස". දන් නම් "දවස" නැහැ ඒත් වෙන දිනපතා / සතිපතා පත්තර තොගයක් තියෙනවනේ. ඒ අතින් දෙක තුනක් නිතර බලන්න හම්බ වෙනවා.

අපේ රටේ ගොඩක් සඟරා නම් "මංගල කළාපය" ට විතරක් සීමා වෙනවා. මොකො පලවෙන් එක එනවා ඊට පස්සෙ නැහැ. ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා ගිය පත්තර ප්‍රමානයත් අති විශාලයි.

මේ පත්තර සඟාර අතරෙන් කවුරු හරි ඇහුවොත් මොකද්ද හොඳ කියලා කියන්න එකක්වත් නැහැ. ටිකක් හරි හොඳ කියන්න පුළුවන් නවයුගය සඟරාව, දිනපතා ලංකාදීප පත්තරේ සහ ඉරිදා ලක්බිම පත්තරේ . මේ ඇරුනම "Explore Sri Lanka" කියන ඉංග්‍රිසි සඟරවත් ටිකක් හොඳ තත්වයේ තියෙන්වා.

6 අදහස්:

පොඩිම කාලේ බලන්න ඇත්තේ "පුංචි" පත්තරෙයි "කැකුළු" පත්තරෙයි. මට නම් මතක ‍ඒ දෙක තමයි.. ඊට පස්සේ ඉතිං විජය, මිහිර, සතර, සාධන, තරුණි, සිරිකත, රැජින, භාවනා, ඈ,මනහර, මුතුහර,දැන් වෙනකොට පෙරදිග සුළං දක්වා..ම‍ගේ පත්තර සගරා කියවීම ව්‍යාප්ත වෙමින් පවතිනවා කියලා තමයි කියන්න තියෙන්නේ.අනේ මන්දා කාලෙන් කාලෙට ‍මේවයේ අන්තර්ග‍තයේ හොද හා නරක් වීම් තියනවා කියලනම් ගොඩක් වෙලාවට දැනිලා තියෙනවා.

පෙරදිග සුළං මාත් එකක් ගත්ත. ටිකක් තේරෙන්වා අඩු නිසා ඊට පස්සෙ ගත්තේ නැහැ. කාන්තා පත්තර කාලයක් බැලුවා. දැන් ඒවයෙත් වැඩිපුර තියෙන්නේ වෙළඳ දැන්වීම් නේ. හැම එකකම අන්තරගතය නම් දවස ගානෙ නරක පැත්තට වැඩි වෙන බවක් තමා තියෙන්නේ

This comment has been removed by the author.

මම නම් ආසාවෙන් කියවන සගරාවක් තමයි "Reader's Digest".සල්ලි දීල නම් ගන්නෙ නැහැ.පුස්ථකාලෙකින් අරගෙන තමයි කියවන්නෙ.කාන්තා පත්තර නම් වැඩිය කියවල නැහැ.ඒ වල ඉතින් අපිට වැදගත් වෙන දේවල් අඩුයිනෙ....:)

@ ම & මලී - පෙරදිග සුළං ගන්න තැනක් කියන්නකො.පානදුරෙන් හරි කොළඹින් හරි ගන්න පුලුවන්නම් ලේසියි.

චිත්‍රකතා කෑලි ටික පරිස්සමට තියා ගනින්. දැන් ටෙලි නාට්ටි හදන්නේ ඒවායින් නිසා ඉස්සරහට ඉල්ලුමක් තියෙයි. මාත් මධුර, සිත්තර, සත්සිරි වගේ චිත්‍ර කතා බැලුවා. හැබැයි හොරෙන්. ඒ කාලෙ චිත්‍ර කතා බලන එකත් හරියට වැඩිහිටියන්ට පමනයි වගේ. දැන්නම් චිත්‍ර කතා පත්තර තියෙනවද මන්දා. "චිත්‍ර කතා" කියන චිත්‍ර කතා පත්තරේ ලොකු ගොඩක් මන් ගාව තිබිලා කාලෙකට කලින් පුච්චලා දැම්මා.අපරාදේ දැන් නම් ඒ ගැන දුකේ බැහැ

මම සඟරා ගන්නේ ඇත්තටම අන්තර්ගතය නිසා විතරක්ම නෙමෙයි. මට ඉස්සර ඉඳලම ග්‍රැෆික් උණක් තියෙනවා. ඒ නිසා මුද්‍රණ තත්ත්වයෙන් උසස් සඟරා මම ගන්නවා. GO, Explore Sri Lanka, Femina, Business Today වගේ ඒවා... තව ඔය ඒරොප්පෙන් දෙක තුනක් ඉඳලා හිටලා එනවා... ඒකත් නිකං කෝඩෙට වගේ. හැබැයි ම‍ට හිතෙන හැටියට අන්තර්ගතට කෙසේ වෙතත් ලංකාවේ සඟරාවල පිටුසැලසුම (Layout), චිත්‍රක (Graphics), මුද්‍රණය ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා...
හැබැයි ඉතින් අතේ කාබන් ඇලුනත් විදුසර පත්තරේට මම තවමත් කැමතියි...

Bloggers.com - Meet Millions of Bloggers