මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉස්කෝලෙ 10 ,11 ඉන්නකොට බැලුවා අමුතුම පත්තර සඟරා ජාතියක්. දැන්නම් එවා බලන්නේ නැහැ. හැබැයි ඒ කාලෙනම් හොය හොයා තම බැලුවෙ. ඉස්සරනම් බොහොම අමාරුවෙන් හොයා ගත්තතෙ දැන් නම් තත්වෙ කොහොමද දන්නේ නැහැ. කාලයක් පිටකොටුවෙ බොහෝම ලේසියෙන් ගන්න තිබ්බා.

විජය පත්තරේ "මල් මාමා" සහ නවයුගයේ "පණ්ඬිතුමා" ඔය පත්තර අතරේ ඉඳලා හම්බ වෙච්ච අමතක නොවෙන චරිත.

පරිගනක වෙනුවෙන් තියෙන සඟරා වලින් මන් දන්නේ විජය පරිගනක ගැන විතරයි තව කීපයක් තියෙන බව අහලා තිබ්බත් කියවලා නම් නැහැ. ඉස්සර තිබ්බ කියලා ඉංග්‍රීසි එකක් ඒත් එක කලාප කිහිපයකින්ම නැවතුනා.

ගොඩක් වෙලාවට දිනපතා / සතිපතා පත්තර කියවන අයගේ දේශපාලන පක්ෂේ එයාලා කියවන පත්තරෙන් කියන්න පුළුවන්. හැම වෙලාවටම හරිගියේ නැතත් ගොඩක් වෙලාවට ඒක හරි.

ඉස්සරනම් පත්තර එච්චරම ගනන් නැහැ ඒත් දැන්නම් ටිකක් ගනන් වැඩි මේ හේතුව නිසාත් මිනිස්සු පත්තර ගන්න එක අඩු වෙලා ඇති දැන් ඉරිදා පත්තරයක් රුපියල් 40-50 ත් අතරත් දිනපතා පත්තරයක් රුපියල් 20කුත් වෙනවා. ඒ ඇරෙන්න අනික් පත්තර රුපියල් 20 සිට ඉහලට වගෙ තියෙන්නේ. සඟරානම් රුපියල් 50 සිට ඉහලට තියෙනවා

පත්තර සඟරා කොච්චර තිබ්බත් මේවායේ බලන්න දේවල්නම් මහ ගොඩක් නැහැ හරිම ටිකයි වැඩකට ඇති දේවල් තියෙන්නේ. ඇතටම කියනවානම් අපි ගෙවන මුදලට හරියන්න දෙයක් මේ එක පත්තරයකින්වත් සඟරාවකින්වත් හම්බ වෙනවද කියන එකනම් මන් දන්නේ නැහැ

8 අදහස්:

හ්ම්ම්.... මමත් පොඩිකාලේ ඉදන් පත්තර බලනවා. මුලින්ම බෑලුවේ " බිංදු " පත්තරේ. එකේ ච්ත්තර පිටුවට චිත්තර ඈදලා මට සහතිකයකුත් හම්බවේලා තියනවා. ඉතින් ඉට පස්සේ ගොඩක් පත්තර ගත්තා . " විජය " , " විදුසර " , " විජය පරිගනක " ..... , එත් දෑන්නම් ඕවට වේලාවක් නෑහෑ. එක නිසා කියවන්නේ ඉරිදා පත්තරේ විතරයී. ඔන්න කොච්චියේ නම් පරන පත්තර 20 ට 3 යී ගානේ විකුනනවා.

මේ අර 11 වසරේදි කියවපු සගරාවක නම කියන්නකො.... ,! # @ % ?

හ්ම් හ්ම් කාන්තා පත්තර වල නම් 75% ක් තියෙන්න ‍ඉතිං වෙළද දැන්වීම් තමා.. අනිත් එව්වත් ඉතිං එච්චරට පොඩ්ඩක් මෙහායින් එහෙම තමයි නේ!

ඔය 10,11 පංතිවලදි කියවපු සගරා නම් ඕන එක්කෙනෙක් කියවල ඇති.දැන් නම් ඕව විකිනෙනව අඩු ඇති.අන්තර්ජාලය තියෙද්දි ඕව ගන්න මහන්සි වෙන්න ඕන නැහැනෙ....:P

අයියෝ දැන් නම් ඒකාලෙ බලපුවා නැතුවත් ඇති
පෙරදිග සුළං පිටකොටුවේ ස්ටේෂන් එකේ තියෙන පොත් කඩේ නම් තියෙන්වා. මන් නම් ගන්න කියලා කියන්නේ නැහැ.
පත්තරයක දැන්වීම් දාන්න වෙන්නකරන ප්‍රතිෂතයක් තියෙනවලු. අපේ පත්තරනම් දැන් ඒකත් ඉක්මවලලු

ඒ කාලෙ ඕකක් බලන එක මහා අපරාධයක්. ඒත් මටනම් වෙච්ච හානියක් නැහැ. දැන්නම් ඉතින් අන්තර්ජාලෙන් ගෙදරටම ගෙනත් දෙනවනේ

ඔය පත්තර සඟරා ගැන කියවනකොට මම අහලා තියන කතාවක් මතක්වුනා. මීට දශක දෙක තුනකට කලින් තිබුනු පත්තරයක කාර්එකක් බේරේ වැවට පෙරලිලා තිබුණු සිද්ධියක් හෙඩ්ලයින් එක විධිහට වාර්තා කරලා තිබුනෙ මෙහෙමලු.

කාර් එකත් බේර් - දෙකක් බේර් - එකක් බේරේ

කාර් එකක් බේර් කියන්නෙ කාර් එක බේරේ වැවට පෙරලිලා
දෙකක් බේරේ කියන්නෙ ඒකෙ හිටපු දෙන්නෙකුත් බේර් වැවට වැටිලා
එකක් බේරේ කියන්නෙ ඒදෙන්නගෙන් එක්කෙනෙක් ජීවිතේ බේරගෙන

කොහොමද ඒකාලෙ නිර්මාණාත්මක වාර්තාකරණය!

ම-- මල් මාමා තාම ජීවතුන් අතර නේද?

මමගි-- ඒ ගැන නම් කියලා වැඩක් නෑ... මාරයි... අපි හිතාගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා...

මං හිතන්නේ මල් මාමා තාම ඉන්නවා . කාලෙකින් දැක්කේ නැහැ විජය පත්තරයක් නම්

Bloggers.com - Meet Millions of Bloggers