මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉහළ පංතියේ අයට තමන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. පහල පංතියේ අය කොහොම ජීවත් උනත් අනික් අය මොකුත් කියන්නේ කරන්නේ නැහැ ඒක නිසා ඒ මිනිස්සුත් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඒත් මේ මැදපන්තියේ අය මොනවා කලත් අනික් අයගෙන් කතාවක් නම් ඉතින් අහන්න සිද්ධ වෙන්න පුළුවන්. මගුලක්, මරණයක්, උපන්දින සැමරුමක්, ඇඳුමක්, පැලඳුමක්, ගෙයක් දොරක් බඩු මුට්ටුවක්, කෑමක් බීමක් මෙකී නොකී මොකක් කලත් එක්කෝ ගොඩේ කියයි, එක්කෝ ලෝබකමට කලා එහෙමත් නැනම් බොරු සල්ලි නස්තියක් කරලා සෝබනේට කලා කියයි එහෙමත් නැත්නම් ගැලපෙන්නේ නති විදිහට කලා කියයි. ඔය වගේ මොකක් කලත් දාහක් කතා.

මාත් ඉතින් මේ මැද පංතියට අයිති නිසා මන් කැමති විදිහට නෙමෙයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අහලපහල අයට ඕනේ විදිහට එහෙමත් නැත්නම් නෑදෑ සනුහරේට ඕනේ විදිහට.මාත් පහළ පංතියේ ඉපදුනානම් මීට වඩා සන්තෝසෙන් ඉන්න තිබ්බා

මොකුත්ම නැති මිනිස්සුත් සතුටින් ඉන්නවා. සේරම තියෙන අයත් ටිකක් හරි සතුටින් ඉන්නවා මේදෙකටම නැතුව බාගෙට තියෙන මිනිස්සුන්ට යන එන මං නැහැ. උන් ඔහේ ඉන්නවා එහෙම නැත්නම් මොකක් හරි පස්සේ ඔහේ දුවනවා

13 අදහස්:

ඒ විතරක් නෙවෙයි යාළුවා.. බ්ලොග් ලිවිල්ලත් එහෙමයි.

හැබෑට ඒකත් මැද පංතියේ අය විතරක් කරන දෙයක්ද?

මම අදහස් කලේ එය නොවෙයි. බලන්න බ්ලොග් එකේ අපේ නිදහස් සිතුවිලි සටහන් කරන්න නොදී සමහර අය කහින හැටි.

ඉහළ පන්තිය වුනත් මමනම් හිතන්නේ නෑ ඒ අයට ඕන විදියට ඉන්න පුලුවන් කියලා. ඒ අයට වඩා සල්ලි අඩු අයට වැඩිය ටිකක් පාලනය තියෙනවා තමයි. ඒත් හැමෝම සමාජේ බැමි වලිනුත් බැඳිලා ඉන්නේ නිසා කාටවත් බෑ තමන්ටම ඕන විදියට ඉන්න.

බ්ලොග් ගැන කියනවනම් මට හොඳ යාලවෙක් ඉන්නවා මගේ පෝස්ට් වල හරි වැරදි හොයලා පෙන්නලා දෙන්න ;) ඒත් ඒ යාලුවා මල වදයක් වෙන එකනම් නවත්තන්න බෑ. හැබැයි ඒ නවත්තන්න බැරි එක පන්ති වෙනසක් හින්දා සිද්ධවෙන දෙයක් නෙවෙයි.
ඒක නිසා anonymous ඔබ කියන දේ මෙතනට කොහොමවත් අදාල නෑ.

මටත් Anonymous ගේ කතාවනම් තේරුනේ නැහැ

@ ම - anonymous කට්ටිය කියන ඒව වැඩිය ගනන් ගන්න එපා. ඒ වුණාට ඒක වැරදිමත් නෑ. ඍජුව අදාල නෑ හැබැයි. ඔයත් බ්ලොග් එක සින්ඩියට නොදාන්නේ නිදහසේ කතා කරන්නනේ....

ඔව් ඔව් සින්ඩියට නොදා ඉන්නේ නම් නිදහස ඕනේ නිසා තමා

http://btemplates.com/2008/03/11/dead/

මචන් මේ තීම් එක උඹට හොඳද බලපන්...?

මන් නම් හිතන්නේ සමාජයේ බැඳීම් කියලා ජාතියක් තියෙන්න ඕන. නැත්තන් හිතන්නකෝ අපේ උන් කොහොම පිස්සුවක් නටයිද කියලා.

Template එක නම් එළ ඒත් මෙන්න මෙහෙම Error එකක් එනවනේ. ඒක නිසා මන් Template එක වෙනස් කරන්නේ නැත්තේ.
"Please confirm that the following widgets should be deleted. All the widgets' configuration data will be lost."

ඒ කතාවත් ඇත්ත තමා මෙහෙමවත් විනයක් ඉතුරු වෙන එකක් නැහැ සේරම බැඳීම් නැති උනා නම්

ඔව් widgets ටික වෙනම save කර ගන්න ඕන.
http://bloggerthemes-templates.blogspot.com/
තව ඕන තරම් තීම් තියෙනවා

මට කියන්න තියෙන්නේත් හරේෂ් කිව්ව ටිකම තමයි..හොද ලිපියක්!

ස්තූතියි අමල් Template එකට. ටෙස්ට් කරන්නත් එක්ක දාලා බැලුවා

Bloggers.com - Meet Millions of Bloggers