මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම වගේ මිනිස්සු කොටස් තුනකට බෙදලා තියෙනවනේ, සල්ලි තියෙන අය එකකටත් සල්ලි නැති අය තව එකකටත් ඔය දෙකටම නැති අය මැදටත් දාල. ඔය බේදිල්ල ගැනනම් මම හරියට දන්නේ නැහැ ඒත් මන් කියන්න යන්නේ මාත් ඇතුළුව මගේ වටේ පිටේ මට වැඩිපුර දකින්න ලැබෙන අය ගැන.

අර මන් කලින් කිව්ව විලාසිතා මන් දැක්කේ තරුපහේ හෝටල්වලදිවත් එහෙම නැත්නම් සල්ලි කාරයො ගැවසෙන තනකදිවත් නෙමෙයි (ඒවගේ තැන් මටත් අවසර නැහැ ) ඒ සේරම මේ මහ පාරේ , බස් එකේ නැත්නම් කෝච්චියේ දැකපුවා.

දුප්පත් මිනිස්සුන්ට විලසිතා කරනවට වඩා බඩ ගැන හිතන්න ඕනේ. සල්ලි තියෙන අය මොන විලාසිතාවක් කලත් ඒයලා ගැවසෙන සමාජෙට එවා විකාරයක් වෙන්නේ නැහැ මන් හිතන විදිහට ඒත් මේ මැද පන්තියේ තරුණ තරුණියෝ වැලඳගන්න මේ විකාර විලාසිතා එයාලාව අනික් මිනිස්සු ඉස්සරහ මල විකාරයක්ම කරනවා.

බොහෝ වෙලාවට තමන් උපයන සල්ලිත් නෙමෙයි අම්මලා තාත්තලා අමරුවෙන් හොයන සල්ලි මේ වගේ විකර දේවල් වලට වියදම් කරන එක ගැන හැබෑටම ඒ ලමයින්ගේ අම්මලා තාත්තලට පේන්නේ නැද්ද මන්දා.

අනික් පන්ති දෙකටම වඩා ඉක්මනින් මේ වගේ වසංගත වලට මැද පන්තියේ ඉන්න පිරිස අහුවෙන්නේ ඒ පන්තියේ තියෙන වැරැද්දක්ද මන්දා?

5 අදහස්:

අනේ මන්දා. ඔය විලාසිතා ඉක්මනින්ම රට පුරහා ව්‍යාප්ත කරන්න අපේ රටේ රූපවාහිනී මාධ්‍ය ටිකත් සැදී පැහැදී ඉන්නවානේ.. අනික අපේ රටේ මැද පංතියේ මිනිස්සුන්ට තියෙන්නේ ඇති දේකුත් නෑ ඕනි නැති මළමගුලකුත් නෑ කියන මානසිකත්වයනේ.. ඉතිං ඉක්මනින්ම හැම දේකම ගොදුරු බවට පත් වෙනවා වෙන්න ඕනි.
අනේ මන්දා තව අවුරුදු 10කින් මේ රට කොයි විදියට තියෙයිද කියලා...

" සල්ලි තියෙන අය මොන විලාසිතාවක් කලත් ඒයලා ගැවසෙන සමාජෙට එවා විකාරයක් වෙන්නේ නැහැ මන් හිතන විදිහට ඒත් මේ මැද පන්තියේ තරුණ තරුණියෝ වැලඳගන්න මේ විකාර විලාසිතා එයාලාව අනික් මිනිස්සු ඉස්සරහ මල විකාරයක්ම කරනවා. "

මේ කියමන නම් සහතික ඈත්ත , උදාහරන ඔන තරම් මේ සමාජයේ තියනවා...

මලී කියපු එක තමයි මටත් හිතන්න පුළුවන් ආසන්නම එක. ලංකාවෙ ඇඩ්වර්ටයිසිං කොම්පැණි වල ඉන්නේ පිටරට ඔළු ති යෙන උදවියනේ. ඊට අමතරව නානාප්‍රකාර මල විකාර චිත්‍රපටි. ඒව වැඩි හරියක් බලන්නේ මැද පන්තියේ අයනේ. ඉහල පන්තිය ඒව කරන එකේ දෙකක් නෑ. පහල පන්තියට කරගන්න විධියක් නෑ. ඕක එක අතකට මැද පන්තියේ හීන මානයකුත් තමයි. හරියට මොබයිල් ෆෝන් වගේ. කන්න නැතත් ෆෝන් එකක් ඕන.

ඔය කියන කාරණය ඇත්තමට වසංගත තත්වයක් බවට පත්වෙලාද? මම නම් හිතන්‍නැහැ!

මම හිතන්නේ ලොකු පන්තියටත්, මැද පන්තියටත් වඩා වැඩි පිරිසක් මැද පන්තියේ ඉන්න නිසා ගොඩක් අයගේ ඉලක්ක පාරිභෝගිකයෝ මැද පන්තිය වෙන්න ඇති... දැන් බලන්නකෝ ෆිල්ම් එකක් උනත්... ගොඩක් සම්භාව්‍ය උනොත් බලන පිරිස අඩුයි... වැඩිහිටියන්ට පමණයි උණත් බලන පිරිස අඩුයි... ජෝක් විතරක් උනත් බලන පිරිස අඩුයි... එත් ලව් සීන් දෙකයි, ෆයිට් තුනයි, සින්දු පහයි, ගෘංගාරාත්මක සිද්ධීන් ලාවට ටිකක් දැම්මම මිනිස්සු ඕනතරම් ඉන්නවා බලන්න... ඒ තමයි මැද මාවත... බුදු හාමුදුරුවොත් වෙනත් කෝණයකින් කියලා තියෙන්නේත් මැද මාවතෙ යන්න කියලනේ...