මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ කම්මැලිකමෙන් උපයන්නේ අපි නෙමෙයි අනික් අය. සක්විතිලා, දඬුවම්ලා, Golden Key ඔච්චර සල්ලි ගොඩකට වග කිව්වේ මිනිස්සුන්ගේ තියෙන කම්මලිකම නිසා. නිකන් ඉඳගෙන සල්ලි ගොඩක් හොයන්න මිනිස්සු තමන්ගාව තිබ්බ සල්ලි ඒවායේ දාලා නිකන් හිටියා අන්තිමට සල්ලිත් නැහැ.

දැන් දැන් නිතර දකින්න හම්බ වෙන වෙළඳ දැන්විම් තමා Online සල්ලි හොයන ක්‍රම ගැන තියෙන පාඨමාලා. කියන්නේ නම් ගෙදර ඉඳන් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියලා. ඉස්සර නිවසේ සිට කරන රැකියාවලට තිබ්බේ ලියුම් කවර සෑදීම, හඳුන් කූරු හැදීම , බිම්මල් වගාව වගේ ඒව දැන් ඒ ගොඩට අළුතින්ම එකතු උන එක තමා Online Money කියන එක.

2000/= විතර ඉඳන් 20000/= විතර වෙනකම් අයකරලා තමා මේ Online සල්ලි හොයන ක්‍රම උගන්නන්නේ. දැන් කාලෙකට ඉස්සල්ල කවුදෝ කෙනෙක් මේ වගෙ කතාවක් කියල Slot වික්ක. මාත් Slot ගන්න හදලා ඒකක් ගන්නවත් අතේ සල්ලි තිබ්බේ නැති නිසා යන්තම් බේරුනා.අන්තිමට මිනිහා අතුරුදහන් උනේ කෝටි ගානක් සල්ලිත් එක්ක.

එක දැන්වීමක් මන් දැක්ක ඒකෙ තිබ්බේ Google සමගමේ Part Time රැකියාවක් කරන්න එන්න කියලා වගේ කතාවක්.හැමෝම කැමතියි පොඩ්ඩක් වැඩකරලා ගොඩක් සල්ලි හම්බවෙන රස්සාවක් කරන්න. ඒත් ඔය Online සල්ලි හොයන විදිහ කියන තරම් ලේසිද කියලා නම් මන් දන්නේ නැහැ. මන් දන්න විදිහටනම් ඒක හිතන තරම් ලේසි නැහැ හැබැයි කරන්න බැරිම දෙයක්නම් නෙමෙයි.

Online සල්ලි හොයන්න හොයන්න ගිහින් අතේ තියෙන ටිකත් නැතිකරගන්නවට වඩා මහන්සිවෙලා ටිකක් හරි හම්බ කරගන්න විදිහ තමා හොඳම.

සංසාරණ්‍යයේ අසබඩ
ගොපළු තරුණයා
සයිමන් නවගත්තේගම
මට පිස්සු

කිසිම තේරුමක් නැහැ. ගොඩ දවසක ඉඳන් හිතේ තියෙන වචන ටිකක්. මොන හේතුවකට කිසිම සම්බන්ඳයක් නැති මේ වචන ටික මගේ හිතට ආවද මන්දා. මන් හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවද කොහේද.සංසාරණ්‍යයේ අසබඩ කියන පොත මන් කියෙවුව කාලෙකට කලින් ඒක ලියල තියේන්නේ සයිමන් නවගත්තේගම. පොතේ තිබ්බ මේලෝ සංසාරයක් මට තේරුනේ නම් නැහැ

ඉතින් හෙටින් උදා වෙන නව වසර හැමෝටම සුබ එකක් වේවා!!!!

අරක්කු, බියර්, සිගරට් මිල අඩු වේවා!!!
වැඩි වැඩියෙන් බොන්න ලැබේවා!!!!!
බොන්න නෙමෙයි නාන්න ලැබේවා!!!!
පඩි වැඩි වේවා!!!

මගේ අනික් වැඩ කටයුතු වගේම බ්ලොග් ලිවිල්ලටත් පටන් ගන්නකොට තිබ්බ උනන්දුව දැන් නැහැ (මේ දවස් වල මම වැඩියෙන්ම උනන්දු වෙන්නේ මොනාටද කියලා මම වත් දන්නේ නැහැ). මුලදි දවස ගානෙම ලිවුවා දැන් දැන් සතියකට එකක්වත් නැහැ. සැප්තම්බර් 22 ක් තිබ්බට දෙසැම්බර් වෙනකොට ඒක 6 ට බැහැල.

බීම ඇරෙන්න (ඒක නම් පටන් ගන්නකොට තිබ්බට වඩා උනන්දුවෙන් සහ බොහෝම පිලිවෙලට සැලසුම් සහගතව දැන් කරනවා ) අනික් හැම දේකම තත්වේ ඕකයි.

ඉතින් මම කොහොමද මනුස්සයෙක් වෙන්නේ. මම වගේ මිනිස්සු ඉන්න මේ රට කොහොමද දියුණු වෙනනේ???

කම්මැලිකම!!!!!!!!

උපතින් බෞද්ධ නිසා මන් බෞද්ධයෙක් ඒ ඇරෙන්න විශේෂ ආගමික ලැදියාවක් නම් මට නැහැ. බාරදීපු දවසට පමනක් සීමා වෙච්ච මගේ දහම් පාසැල් ගමනෙනුත් මගේ ආගමික නැඹුරුවට එච්චරම උපකාරයක් උනේ නැහැ. හැබැයි මන් ඔය හතර පෝයට සිල්ගන්න අයට වඩා නම් හොඳ බෞද්ධයා කියල නම් මන් දන්නවා.
නත්තල් උත්සවයේ පරමාර්ථනම් මන් දන්නේ නැහැ හැබැයි මන් කැමතිම ආගමික් උත්සවය නත්තල මොකද ඒකට විතරයි බාර් වහන්නේ නැත්තෙ. අපෙ හැම එකටම බාර් වහල වැඩිගානට විකුනන එකනේ කරන්නේ. පොයටයි අවුරුද්දටයි හැම එකටම බාර් ටික වහගන්නවා ඊට පස්සෙ ඒ වහපු බාර් එකෙන්ම වැඩිගානට විකුනනවා. මේ පාරා නත්තලට බොන්න එපා කියල හැමතැනම පෝස්ටර් ගහල තියෙන්වා මන් දැක්ක ඒත් ඕවායින් වැඩක් වෙයිද නම් මන් දන්නේ නැහැ.මන් නම් දත කට මැදගෙන ඉන්නෙ 24,25,26 හොඳට සෙට් වෙන්න ( හරියයිද නම් දන්නේ නැහැ ).
එහෙනම් චියර්ර්ර්ර්ස්ස්ස්ස්!!!!

ශාරුක් ඛාන්ගේ අළුත්ම චිතරපටිය Rab Ne Bana Di Jodi ලොවපුරා ප්‍රදර්ශනය කරන දවසෙම ලංකාවෙත් ප්‍රදර්ශනය ඇරඹුවා. තාම බලන්න නම් යන්න බැරි උනා ගිය සති අන්තයේ තිබ්බ පොලිම දැක්කම තව කාලෙකට සෙනඟ අඩුවෙන එකක් නැහැ කියලා හිතුනා. ඔය චිත්‍රපටිය බලන්න යන අදහසක් තියෙන නිසා මම සිංදු ටික Download කලා. එකක් දෙකක් තියෙන්වා හොඳ එවා. මුළු ෆිල්ම් එකටම සිංදු පහයි තියෙන්නේ. එකත් පුදුමයි. ෆිල්ම් එක බලන්න කලින් සිංදු ටික අහලා ගියාම ෆිල්ම් එක යන අතරේ සිංදුව ඇහෙනකොට මාර ගති . මන් හිතන්නේ ඒක වෙන්න ඇති ෆිල්ම් එක එන්නත් කලින් සිංදු ටික විකුනන්න දාන්නේ

ලිබර්ටි සිනමාහලෙ මේ ෆිල්ම් එකෙ අළුත් වැඩක් පටන් අරන්. සති අන්තෙට ගාන වැඩි. ලඟදි ලිබර්ටි එකෙ ෆිල්ම් එකක් බලපු නැති නිසා කලිනුත් තිබ්බද දන්නේ නැහැ. හැබැයි මේකෙනම් එහෙමයි. සති අන්තෙ බැල්කනි ටිකට් එකක් 360/= සතියේ දිනවල 340/= කොහොම උනත් ෆිල්ම් ටිකට් එකක් 360/= කියන්න්නේ නම් මාර වැඩි වගේ (අරක්කු බාගෙක ගාන අප්පා ). පුදුමයක් නැහැ මිනිස්සු රුපියල් 100/= දීලා DVD එක ගෙදර ගෙනියන්නම ගන්න එක.

දැන් බලන්නකෝ දෙන්නෙක් එක්ක ගිහින් සති අන්තයේ ෆිල්ම් එකක් බලන්න 720/= ෆිල්ම් ටිකට් වලට විතරක්. තව කන්න බොන්න මොනාහරි ගත්තොත් අඩුම ගානෙ 300/= ක් වත් යනවා ඊලන්ගට ෆිල්ම් බලල නිකන් එන්න පුළුවනෑ දවල්ට කන්නත් එපායැ ඒකටත් 1000/= ක් 1500/= ක් විතර ගියාම සතිඅන්තෙට විතරක් 2000/= ක් 2500/=ක් ඉවරයි. අනේ මන්දා කොහොම කරන්නද කියලා.

ශාරුක් ඛානුත් අපිටමනේ කෙලින්නේ!!!!!!

පහුගිය දවස් වල නිකුත් උන සිංහල Music Video කිහිපයක්ම මාත් ඉතින් Download කරල බැලුවා සමහර ඒවා හොඳයි සමහර ඒවා නම් ඉතින් ගන්න දෙයක් නැහැ සිංදුවත් වැඩක් නැහැ Video එකත් වැඩක් නැහැ සමහර ඒවායෙ නම් සිංදුව කෙසේ වෙතත් Video එක නියමෙට තිබ්බ නිසා බලන් හිටිය.

මේ හොඳ නරක දෙජාතියෙම තිබ්බ එපාම කරපු දේ තමයි සිංදුවට කිසිම ගැලපීමක් නැතුව වෙළඳ භාණ්ඩ ප්‍රචාරය කිරීම. බීම බොතල්, බීම කෑන්, මදුරු නාශක ජංගම දුරකතන, දුරකතන සේවා, සුවඳ විළවුන් ආදී මෙකී නොකී සියළුම වර්ගවල දේවල් මේ සිංදු අස්සේ තිබ්බා. සිංදුවටනම් මේවායේ කිසිම අදාලත්වයක් නැහැ.

අළුත් තාලේ Music Video එකක් හදන්න ගොඩක් වියදම් අනිවාර්යෙන්ම යන්වා ඇති ඇයි ඉතින් හැම දරශනේකටම වගෙ බාගෙට ඇඳ ගත්තු ගෑනු ලමයිව දාන්න එපායැ. එයාල නිකන් එහෙම ඉන්නවායැ. ඉතින් ඒ වියදම ටිකක් හරි පිරිමහගන්න මෙහෙම වෙළඳ දැන්වීම් දන්න ඕනේ ඇති ඒත් ඉතින් ඒක බලන අයට අප්‍රසන්න විදිහට නොපෙනෙන විදිහට දාන්න මෙයාලට බැරිද දන්නේ නැහැ.

කොහොමත් බාගෙට බාගයක් මේ Video හින්දි, ඉංග්‍රීසි කොපි කරලානේ හදන්නේ ඒත් එවායෙ මෙහෙම තියෙන්වා මටනම් මතක නැහැ. තිබ්බත් මේ තරම් තියෙනවද මන්දා

මම මේ කඩේ කෑම කිවුවෙ කඩයක් කන එකක් ගැන නම් නෙමේයි කඩවල් වල විකුනන්න තියෙන සුපිරිසිදු සුමිහිරි කෑම ගැන. දවසේ කෑම වේල් තුනෙන් දෙකක්ම කඩෙන් කන නිසා තමයි මේක ගැන ලියන්න හිතුනේ. අපි කඩෙකට ගිහින් කෑවම අනිවාරයයෙන්ම කඩේ මුදලාලි කියන ගාන ගෙවලා තව කීයක හරි වේටර්ටත් ගෙවල තමා එන්නෙ (වේටර්ට දෙන එක මම දැන් කරන්නේ නැහැ ) ඉතින් එහෙම කරලා එන අපිට ගෙවන මුදලට සරිලන කෑම වේලක් මේ කඩවල් වලින් දෙනවද?

මට තේරෙනෙ විදිහටනම් කඩවල් වලින් 99%කම දෙන කෑම ගැන කොහෙත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක ඉඳල හිටලා කනකොට තේරුනේ නැතත් දිගටම කනකොට හොඳට තේරෙනවා. පිරිසිදු කම කියන එක නම් මොකද්ද කියලවත් කෑම කඩ කාරයො දන්නේ නැහැ. කෑම අහක දාන්න හොඳ නැහැ තමා ඒත් දවල් බත් රෑට ෆ්‍රයිඩ් රයිස් වෙන එක වරදක් නැහැ ඒත් එක පහුවදාට නාසිගුරාන් වෙන එකනම් වැරදියි.ඉතුරු වෙන මාළු පිනි ශීතකරනයේ දදා ආයි ආයි දෙනවා. ඊලන්ගට උයන්න ගේන්නෙ වෙලඳ පොලේ තියෙන ලාබම එළවළු වර්ග. ලාබ උනත් කමක් නැහැ තේරිච්ච නැති හොඳ ඒව ගේනවනම් එකත් ගන්නේ නරක් වෙන්න ඔන්න මෙන්න එවා.

පහුගිය කාලෙ හාල්මිල සීඝ්‍රයෙන් ඉහල ගියා ඒ කාලෙත් බත් ගනන් වැඩි උනා, ඊට පස්සෙ කාලයක් එළවළු මිල වැඩි උනා එතකොටත් බත් වල ගාන වැඩි උනා. ඒත් දැන් මෙවා එහෙම්ම වැඩි නැහැ හැබයි වැඩි උන බත් වල ගාන ඒකම තමයි. පාරලිමේන්තුවේ කෑම වෙලට වෙළඳ පොලේ බඩු මිල බල නොපෑවට නිකන් කඩවල් වලට ඒක බලපානව. හරිම කලාතුරකින් තමා හොඳ බත් කඩයක් ගැන අහන්න හම්බ වෙන්නේ.

කෑම කඩ බොහොමයක් අරිනවට වඩා වේගෙන් වැහෙන්නෙ මෙ විදිහට ජාරාව මිනිස්සුන්ට කවන නිසා වෙන්න ඇති

නිකන් ඉන්න වෙලාවට මන් අපේ සුද්ද සිංහල වචන වලට ගූගල් වල තියෙන තැන හොයන්න ඒවා ගූගල් වල Search කරලා බලනව. මේ ලඟදි ආපු ප්‍රථිඵලයක් දැක්කම මටම පුදුමයි. අපේ කුණුහරපවලට ගිය තැනක්. කැමති නම් ගිහින් බලන්න. (කාන්තාවනට සුදුසු නැත ) ඉතාලියේ රොක් සංගීත කන්ඩායමක පලමු ඇල්බමයේ නම අපේ ලංකාවට අනුවනම් සුද්ද සිංහල එකක්. වැඩේ තියෙන්නේ Amazone වල මේක විකුනන්නත් තියෙන්වා ඒ නමින්ම. ලඟදි මචං නුත් බලපු නිසා අපේ ඈයො පිටරටවල ගිහින් නිකම්ම ඉන්නේත් නැහැ කියලයා හිතුනා.

මූ නම් මහ නැහැදිච්ච එකෙක් කියලා මට බනින්න නම් එපා ඕන්. ඔව් මම නැහැදිච්ච එකෙක් තමා. මගේ කොම්පියුටර් එකෙන් මම මට හිතෙන ඕනෙම වචනයක් Search කරනවා ඒකෙ වැරැද්දක් නැහැනේ.

සිංහලෙන්ම සුද්ද සිංහල වචන Search කලාම ගොඩක් ප්‍රතිඵල එන්නේ සිංහල බ්ලොග් වලට අනික් අය දක්වපු අදහස් ඉතින් එහෙම අදහස් දක්වන අයට සාපේක්ෂව මන් එච්චරම පහත් කියල මන් හිතන්නේ නැහැ.

Bloggers.com - Meet Millions of Bloggers