මන් වැඩියම ඉංග්‍රීසි සිංදු අහන කෙනෙක් නෙමෙයි ඒත් ඉතින් ඉඳලා හිටලා අහන්නේ නැත්තේම නැහැ. 50 Cent ගේ In Da Club වගේ සිංදුවක් අහලා නටන අය මේකේ මේ තියෙන වචන ටිකම සුද්ද සිංහලෙන්ම කිව්වොත් මොනා කියයිද අපෝ මොන ජරාවක්ද, හරිම Third Class Song එකක් වගේ දේවල් ගොඩක් කියයි. මීට වඩා බරපතල විදිහට ඉංග්‍රීසි කුණුහරප පිරිච්ච සිංදු ඇති ඒත් මන් වැඩිය අහන්නේ නැති නිසා ඒවා ගැන වැඩිය දන්නේ නැහැ.
මට තියෙන ගැටළුව තමා කුණුහරප කියන ඒවා කුණුහරප වෙන්නේ ඒවා සිංහල උනාම විතරද කියන එක. එකපාරක් අපේ නෑදෑ ගෙදරක ආපු මල්ලි කෙනෙක් ආපු වෙලේ ඉඳන් කියන හැම වචනයක්ම කිව්වේ එෆ් අකුරෙන් පටන් ගත්ත විශේෂන පදයක් මුලට දාලා. එතන හිටපු ලංකාවේ කාටවත් ඒක ගානක් උනේ නැහැ ඒත් එයා ගියාට පස්සේ පිට රට ඉඳලා ආපු මගේ ඥාති සොහොයුරියක් විතරක් කීවේ ඇය ඔහුට පොඩ්ඩක්වත් කැමති නැති බව සහ එයට හේතුව වුයේ ඔහු කුණුහරප කීමත් බවය. මට මගේ ජීවිතේ ඉංග්‍රීසි කුණුහරප , කුණුහරප ලෙස සැලකූ කෙනෙක් මුන ගැසුනු එකම අවස්ථාව ඒක විතරමය.
අපේ අය ගොඩ දෙනෙක් බොහොම ප්‍රසිද්ධියේ බෝහොම උජාරුවෙන් ඉංග්‍රීසියෙන් කුණුහරප කියන්වා ඒත් බැරි වෙලා හරි සිංහලෙන් ඔය වචනයක් කිව්වොත්, කියපු එකා දිහා බලන්නේ මහා අපරාධයක් කරපු කෙනෙක් දිහා බලනවා වගේ.
මන් හිතන විදිහටනම් කුණුහරප කියන ඒවා මොන බාසවෙන් කිව්වත් ඒවා කියන කෙනා ඒ ගැන ආඩම්බරයට නෙමෙයි ලැජ්ජාවට පත් වෙන්න ඕනේ. මොකද කුණුහරප කියන්නේ කුණුහරප වලට නිසා
Can't read
පිදුම
අයිතිවාසිකම්
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
හරිනම් ඉතින් මේක දාන්න ඕනේ අපේ කමු බොමු එකට ඒත් ඉතින් ඒකේ කෑම ගැන ලියන්න වෙනම පිරිසක් ඉන්න නිසා මන් ඔය වැඩියම නොදන්න දේ ගැන ලියන එක හරි නැහැනේ ඒක නිසා මන් මේ මැරතන් එකට පාන් ගැන ලියනවා.
පාන් කියන්නේ ලෝකේ කෙසේ වෙතත් මන් හිතන්නේ ලංකාවේ අපේ නම් ජනප්‍රියම කෑමක්. පානුයි පරිප්පුයි නැති හෝටලයක් තියෙනවනම් ඒක හෝටලයක්ද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න වෙනවා. ඒ තරමටම මිනිස්සුන්ට පාන් කියන එක නැතුවම බැරි කෑමක්. පහුගිය කාලේ පාන් වෙනුවට බත් කන එක මිනිස්සු අතර ජනප්‍රිය කරන්න නොයෙකුත් වැඩ සටහන් කලත්, පාන් වල ඇති අගුණ ගැන කොච්චර කිව්වත් අපේ අය ගොඩ දෙනෙක්ගේ ප්‍රධාන ආහාරයක් වෙන්නේ පාන්.
මන් දන්න පාන් ජාති නම් තියෙන්නේ දෙක තුනයි. අච්චු පාන් , තැටි පාන් , රෝස් පාන් සහ සැන්විච් පාන්. ඔයටික ඇරෙන්න විවිධ නම් වලින් තියෙන විවිධ පාන් ජාති අපේ කඩවල් වල තියෙනවා. ඒත් ගොඩක් ඒවා මන් කාල නම් නැහැ. මන් වැඩියෙන්ම කන්න කැමති නම් තැටි පාන්. කොච්චරද කියෙනවනම් සතියේ දවස් පහේම උදේ තේ බොන්නේ තැටි පාන් බාගයක් කලවම් හොද්දකුත් එක්ක දෙසා බාලා තමා.
මන් ජීවිතේ රසම පාන් ජාතිය කෑවේ කොහෙන්ද කියලා මටනම් මතක නැහැ. ඉස්සර නම් අපි පාන් ගත්තේ හැමදාම උදේට ලොකු පෙට්ටියක පාන් දාගෙන බයිසිකලයක් පැදගෙන එන පාන් කාරයාගෙන්, ඒත් දැන් නම් පාන් අපි කඩෙට ගිහින් ගන්නවා. සමහර පැති වල නම් ත්‍රීවිලර් වලින් පාන් ලඟටම ගෙනත් දෙනවා. ඒත් අපේ පැත්තේ නම් තාම එහෙම එකක් දකින්න නැහැ.
පාන්පිටි වලින් හදන් පාන් අගුණයි කියලා හාල් පිටි වලින්, කුරක්කන් පිටි කලවම් කරපු පාන් පිටිවලින් හදන් පාන් ජාතිත් නැත්තේම නැහැ, ඒත් මන් හිතන්නේ ගොඩක්ම ජනප්‍රිය අපේ ශරීරයට අහිතකරයි කියන පාන් පිටිවලින්ම හදන් පාන් ම තමා. පාන් පිටි කිව්වට එකෙන් පාන් හදනව මිසක් පාන් පිටි කරලා ඒ පිටි හදනවා එහෙම නෙමෙයි ඕන්
පාන් කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියනවා නම් අපේ රටේ මැතිවරණ වේදිකාවල හිටන් කතා බහ වෙන දෙයක්, පාන් ගෙඩියේ බර සහ මිල එක එක ආකාරයෙන් වෙනස් උනාට අපේ අයගේ පාන් කෑම නම් එහෙම වෙනස් වෙලා නැහැ කියලා තමා මට නම් හිතෙන්නේ
තාම මට බයිට් එකට පාන් කන්න නම් බැරි උනා ඒත් එක පාරක් රෝස් පාන් ගෙඩියක් නම් බයිට් එකට කෑවා. එකත් නරකම නැහැ.
ඡායාරූපය මෙතනින්
මැරත්න් තියා මොක උනත් ඉතින් පටන් ගන්න ඕනේ කැමතිම මාතෘකාවෙන්නේ ඔන්න ඉතින් පටන් ගත්තා
මිල රුපියල් 2700.00 ඇල්කොහොල් 40% මිලි ලීටර් 700යි මේ තමයි මෙන්ඩිස් අවුරුදු 18ක් පරන අරක්කු එක.
මගේ මචං කාරයා ආයිත් පොඩි නිවාඩුවකට පහුගිය දොහේ ලංකාවට සැපත් උනා. ඉතින් එයාගේ නිවාඩුවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් හම්බ උනේ නැහැ මට නිවාඩු නැති නිසා. ඒත් හිටපු සති අන්ත දෙකම මුන ගැහෙන්න අපි අතපසු කලේ නම නැහැ.
වෙනද වගේම ඒකා මෙරටට සැපත් වෙනකොට තීරු බදු රහිතව රැගෙන ආපු, මන් මීට කලින් බීල තිබ්බේ නැති Absolut Tropics සහ Absolut Pears බෝතල් දෙකම ඉක්මනින් අවසන් උනේ අපිට තව බොන්න දවසක්ම ඉතුරු වෙලා තියෙද්දි.
ඉතින් මක් කරන්නද හැමදාම බොන ජාති පැත්තක දාල අපි දෙන්න හිතුවා අළුත් යමක් බොන්න ඕනේ කියලා. ඉතින් අපි දෙහිවල ආර්පිකෝ එකට ගිහින් ඇහුවා මෙන්ඩිස් ගැන. එහෙම අහලා දැනට විකුනන්න තියෙන ගනන්ම අරක්කු බෝතලෙන් ඉතුරුවෙලා තිබ්බ එකම බෝතලේ උස්සන් ගෙදර ආවා. ඇවිත් හරියට අළුතෙන් මනමාලියක් එක්ක ආවා වගේ හැමතැනම තිය තියා ෆොටෝ ගැහුවා ඒත් මන් ගහපු ෆොටෝ වලින් දෙකක් ඇරෙන්න අනික් සේරම ෆොටෝ ගහලා තියෙන්නේ බෝතලේ පිටිපස්සේ ලේබල් එකක්.(බෝතලේ දැකලම වෙරි). අපි දෙන්න බෝතලේ ෆොටො ගහනවා, වීඩියෝ කරනවා දැකලා අපේ අක්කා අහපි ඔය දෙන්නට පිස්සු හැදීගෙන එනවද කියලා. (පිස්සු නොහැදී තියෙයියෑ මේක දැක්කම). ඉතින් ඕක කඩලා අමුවෙන්ම ටිකක් බීලා බැලුවා. ෂා..... අමෘතේ වගේ (ඔය ඒ කාලේ අමෘතේ කියන්න ඇත්තේ පරන මත්පැන් ජාතියකට තමා ) ටිකක් සැරයි ඒත් මාර රසයි. අමෘතේ උනත් බොනකොට පහසුවෙන් බොන්න ඕනේ නිසා අයිස් සහ ජින්ජ ඒල් දාගෙන තමා බිව්වේ ඊට පස්සේ. නියම බීම. ඕන් දවල් බාගයක් ඉවර කලා ඊට පස්සේ රෑ අනික් බාගෙත් ගහලා බෝතලේ (බෝතලේ කිව්වට අනික් බෝතල් වලට වඩා මිලි ලීටර 50ක් අඩුයි ඒත් සැර වැඩියි . අනික් අරක්කු ඇල්කොහොල් 33%-35% වගේ මේක 40% )ඉවර කලා අපි දෙන්නා එක්ක.
ඔන්න ඉතින් බීලා නිදා ගෙන පහුවදා නැගිට්ට කියමුකෝ මාර වැඩක්. කලින්දා බිව්වද කියලවත් නැහැ. මීට කලිනුත් අපි දෙන්නා ඔය වගේ එක එක ජාති දිවා රෑ පානය කරලා තියෙනවා ඒත් ඒ හැමදාම පහුවදා 10 විතර වෙනකම් කලින් දවසේ බීපුවා වැඩ කරනවා ඒත් මේක කොච්චර හොඳද කියන්වනම් බීපු වගක් වත් නැහැ.
මන් නම් හිතන්නේ මේක තමා ලංකාවේ තියෙන අපේ බීම ජාති වලින් හොඳම එක. ඉතින් කවද හරි රස බලන්න.
මුලින්ම මේ වගේ තරඟයක් සංවිධානය කරනවට සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයට අපේ ස්තූතිය පුද කරනවා. මන් හිතන්නේ මීට කලින් මැරතන් තරඟ කීපයක් තිබ්බත් මන් සහභාගී උනේ එකකට විතරයි.
ඒක බොහොම රසවත් අත්දැකීමක් උනා. ඒ පාර මැරතන් එකේදි අළුතෙන් බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එක්ක යාළු මිත්‍රකම් ඇතිකරගන්නත් හම්බ උනා. අපේ තිලිණ බුවා එක්ක ඒ පටන්ගත්ත යාළුකම අදත් අපි අතර තියෙන්නේ එදා මැරතන් එකට මාත් සහභාගි උන නිසයි.
ඉතින් මේ දවස් වල බක්මහ අකුණුත් එක්ක තියෙන අයහපත් කාලගුණයයි, අවුරුදු ඉවර උනත් තාම ගිහින් ඉවර නැති අවුරුදු ගමන් ටිකයි එක්ක දුවන්න ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල දෙගිඩියාවකින් ඉඳලා අන්තිමේ දුවන්න පුළුවන් බව දැකලා ඉල්ලුම් කරන්න එනකොට වෙලාව පැනලා. ඒත් ඉතින් ඔන්න ඔහේ ඉල්ලුම් කරලා යාන්තම් දුවන්න සෙට් උනා.
එහෙනම් ඕන් පටාන් ගත්තා දුවමු දුවමූ......
ඉස්කොලේ යන කාලේ මන් කැමතිම විෂය තමා මේක. මේ විෂය උගන්නන කාල පරිච්ඡේද වලට තමා මන් කැමතිම. මන් විතරක් නෙමෙයි අපේ පන්තියේ ඉන්න ලමයි හැමෝම කැමතිම විෂය තමා මේක. පොඩි අවුලක් තියෙන්නේ අනික් විෂය වගේ මේක සතියට නිෂ්චිත කාලපරිච්ඡේද ගානක් උගන්නනේ නැහැ . සමහර සති වල ඇත්තේම නැහැ සමහර සතිවල දෙක තුන තියෙනවා. ඉතින් අපි නියමිත විදිහටම වැඩ කරන්නේ ඔය විෂය තියෙන කාලපරිච්ඡේද වලදි විතරයි. මන් මේ කියන විෂය උගන්න්න කාලපරිච්ඡේද වලට කියන්නේ ෆ්‍රී පීරියඩ් කියලා නැත්නම් කෙටියෙන් නම් ඕෆ් එකක් කියලත් කියනවා.
ඔය විෂය තියෙන වෙලාවට අපි හරිම ප්‍රයෝජනවත් විදිහට කාලය ගෙවන්න විවිදාකාරයේ ක්‍රියාකරකම් වල නියැලෙනවා. එවායින් අපේ බුද්ධිමට්ටම සෑහෙන්න ඉහල ගියා ඒ කාලේ. එකක් තමා පෑන් ගැහීම. දෙදෙනෙක් හෝ වැඩිපිරිසක් සහභාගී වී ප්‍රතිවාදියාගේ පෑන මේසයෙන් බිමට දැමීම තමා තරඟය. මුලින් මුලින් නිකම් පෑන විතරක් පාවිච්චි කලත් පස්සේ පස්සේ යකඩ ඇන වැනි බර දේවල් හයි කරපු පෑන් පවා භාවිතා උනා. මන් ගාවත් පරාල ඇණ දෙක තුනක් හයිකරපු පෑනක් තිබ්බ.
තව එකක් තමා බුක් ක්‍රිකට්. ආණ්ඩුවෙන් නිකන් දෙන අච්චුපොතෙන් වඩාත් වැඩි ප්‍රයෝජනක් ගත්තා මේක නිසා. පොත ඉරට්ටේ අංක තිබෙන ලෙස පෙරලා , අහඹු ලෙස පිටුපෙරලීම තමා තරඟය. සීමිත පන්දුවාර, ටෙස්ට් තරඟ ඕනෑම එකක් ක්‍රීඩා කල හැකි අතර වර්ෂාවෙන බාදාවක් නැත.
කොටු පිරවීම (කොටු පැනීම නම් අල්ල්පු වත්තේ තිබ්බ බාලිකා පාසැලේ සිසුවියන් සමග සුහදව සිදුකරන ලදී) මේක නම් පසු කාලේක පර්ගනක ක්‍රීඩවක් ලෙසත් තියෙනවා මන් දැක්කා. තව චිත්‍රපටිවල නමේ මුල අකුරයි අග අකුරයි ගහලා අනික් අකුරු ප්‍රතිවාදියාට අනුමානය කර ලකුනු ලබාදෙන එකක් කලා ඒකට කියපු නම නම් මට මතක නැහැ. ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර..... ඔන්න ඔය වගේ එකක් කලා. මේක ගෙදරදිත් කලා. මේක වැඩිහිටියොත් කරන එකක් කියලා මන් අහලා තියෙනවා. එක්කෙනෙක් අකුරක් යෝජනා කර ඒ අකුරෙන් අනික් අය ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර වල නම් ලියන එක තමා තරඟේ. තව ඕකට එළවලු, ඇඳුම්, චිත්‍රපටි වාහන වගේ ගොඩක් ජාති එකතු කරගන්නවා. විභාගයක් ලියනකොටදි වත් නැති තරම් ලඟ ඉන්න එකාගෙන් හංග ගෙන තමා අපේ එකේ ලියන්නේ.
කලාතුරකින් කෙනෙක් තමා ඔය විෂය තියෙන වෙලාවට පංති කට්කරලා පුස්ථකාලෙට යනවා වගේ වැඩකට නැති වැඩක් කරන්නේ. අපිටත් එක්කම අල්ලපු පංතියටත් මේ විෂයම තිබ්බොත් එහෙම කලු ලෑල්ලේ ලියන්න තියෙන හුණුකූරු ටික ඉවර වෙනකම් පංතිදෙක අතර පොඩි පහේ යුද්ධ උනත් දකින්න නැතුවාමත් නොවේ. ඉඳලා හිටලා ගීතයෙන් ගීතය තරඟ තියන්න ගිහින් අල්ලපු පංතියේ ගුරුවරයා ඇවිත් අපිට අනාගතේ වේදිකාවේ ඉන්න පුරුදු කරවන්න හිතාගෙන මේසේ උඩට වෙලා ඉන්නත් අවස්ථාවත් සලසා දෙනවා.
ඉඳලා හිටලා අපේ මේ කැමතිම විෂය ඉගෙන ගන්නත් බාධා ඇති නොවෙනවම නෙමෙයි. කොහේවත් යන අපි වගේම නිකන් ඉන්න ගුරුවරයෙක් ඇවිත් අපිට වෙනම විෂයක් උගන්නන්න යෑම නිසා සමහර දවස් වලටනම් අපිට අපේ ප්‍රියතම විෂය තියෙන කාලපරිච්ඡේද වලට සහභාගී වීමේ අවස්තා නැති වෙලා යනවා
මම මේ අපේ ධන රින ඇමතිතුමා වගේ ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න යනවා එහෙම නෙමෙයි ඒත් මගේ සිහිනය සැබෑකරගන්න ණයක් ගන්න ගියාම සහ පහුගිය දවසක කියවන්න ලැබුන පොතක් නිසා හිතුන දේවල් ටිකක් මේ.
පොත ගැන විස්තරේ පහල තියෙනවා. මන් හිතන්නේ අපේ රටේ ඔය ආර්ථිකේට සම්බඳ ලොකු ලොකු තනතුරුවල ඉන්න අය ටිකක් පෙරලලාවත් බැලුවොත් හොඳයි මේ පොත.
අපේ රටේ බැංකුවකින් ණයක් එහෙම ගන්න යනවනම් අපි ගන්න යන මුදල වගේ දෙගුණයක්වත් වත්කම් අපිගාව තියෙන්න ඕනේ එහෙම තිබිලත් ගන්න ණය වගේ දෙතුන් ගුණයක් අපි ආපහු ගෙවන්නත් ඕනේ. අතේ මිටේ සල්ලි නැතිකෙනෙක්ට නම බැංකුවකින් ණයක් ගන්නවා කියන එක හීනයක්. හම්බ කරපුවා ඉතිරි නොකිරීමේ වරද නිසා මටත් ඉතින් සිහින සැබෑකරගන්න නම් පොඩි පහේ ණයක්ගන්න උනා. ණයක් ගන්න ඕනෙ කරන කිසිම සුදුසුකම්ක් මට නැති නිසා ඊට වඩා වැඩිමුදලක් ඇපේට තියලා තමා ණය ගන්න උනේ. අන්තිමේ ඇපමුදල තියෙනවා කියෙලා හිතුන නිසාත්, මන් හරියට ණය ගෙව්වත් ඒක එකතු කරන එක නම් නොකරන නිසාත් ඒ වෙලාවේ නම් ඒක හොඳයි කියලා හිතුනත් දැන් ගෙවනවා ගෙවනවා ඒත් ණයෙන් අඩුවෙන්නේ ඉතාම සුළු කොටසක් වගේ පේන කොටනම් කරගත්ත මෝඩ කමක් කියලා නොහිතෙනවාම නෙමෙයි.
බංගලිදේශයේ ග්‍රාමින් බැංකුවනම් ණයදෙන්නේ දුප්පත් අයට කිසිම ඇපයක් නැතුව තමා මේ ණය මුදල් ඔවුන් දෙනවා කියන්නේ. පොතේ තියෙන විදිහටනම් ණය ආපහු ගෙවන ප්‍රතිශතයත් ඉහල අගයක තියෙනවා. අපේ උනත් බැංකු වලට වැඩියෙන්ම පොලු තියෙලා තියෙන්නේ සල්ලිකාරයෝ මිසක් දුප්පත් අය නෙමෙයි දුප්පත් මිනිහෙක් පොල්ලක් තිබ්බොත් ඒ මිනිහාව එල්ලයි ඒත් කෝටිපතියෙක් පොල්ලක් තිබ්බොත් එයාට තව ණයක් දෙයි.
ලෝක බැංකුව වගේ ආයතන දුප්පත්කම තුරන් කරන්න කියලා දුප්පත් රටවල් වල ඉන්න සල්ලි තියෙන අය තවත් පොහොසත් කරනවා වගේ වැඩ ගැන මේ පොතේ හොඳ විස්තරයක් තියෙනවා. අනික මේ ග්‍රාමින් බැංකුව වැඩිපුරම ණය දෙන්නේ කාන්තාවන්ටලු. මොකද එයාලා පිරිමින්ට වඩා වගකීමකින් ණය මුදල පාවිච්චි කරනවා වගේ හේතු නිසා.
පොහොසත් අයට කෝටි ගනන් ණය ඕනේ උනාට දුප්පත් අයට ණය ඕනේ ඉතාම සූළු මුදලක් අනික ඔවුන් එය ගෙවන්නෙත් සති පතා වාරික වලින් එතකොට ආපසු ගෙවන ප්‍රමානයත් පොඩි ගානක් වෙන නිසා ණය මුදල ඉබේම පියවෙන බවක් තියෙනවාලු. මේ ක්‍රමේ අපේ රටේ අයත් කරනව කියලා මට අහන්න ලැබුනා. ණයට රුපියල් පන්දාහක් දුන්නම් දවසට සීය ගානේ දවස් හැටකින් ගෙවන්න ඕනේලු. ඒ විදිහට ණය දෙන අය ගොඩක් ඉන්නවා කියලා මට අහන්න ලැබුනා.
අපේ රටේත් ග්‍රාමීන් බැංකුවක් තියෙනවා. නමේ අග ටික ග්‍රාමින් උනාට මුල ටික ලොකුම ලොකු මුදල් වංචාවල් වලට සම්බන්ද නිසා මට නම් ඒ බැංකුව ගැන කිසිම විස්වාසයක් නැහැ. කොහොම උනත් පොතේ කියැවෙන හැටියට ඇත්තටම දුපත්කම නැති කරන්න නම් ඔය ලොකු ලොකු කර්මාන්ත ආරම්භ කරනවාට වඩා දුප්පත් අයට ණය දීලා ඒ අයව තමන්ගේම කිසියම් ස්වයං රැකියාවකට උනන්දුකරන එක හොඳයි කියලා මටත් හිතුනා
Banker to the Poor
Micro-Lending and the Battle Against World Poverty
by Muhammad Yunus
මුහම්මත් යුනුස්, ඇලන් ජොලිස් සමග
දුප්පතාගේ බැංකුකරු
ග්‍රාමීන් බැංකුවේ කතාන්දරය
පරිවර්තනය සරත් කැල්ලපත
සරසවි ප්‍රකාශනයක්
මිල රුපියල් 650
පොඩිකාලේ ඉස්කොලේ යන්න පටන් ගන්න කොට නම් මොකටද ඉස්කොලේ යන්නේ කියලා කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. කවුරු හරි ඇහුවාම ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල හැමෝම කියන නිසාද කොහෙද ඇහුවොත් කියන්නේ දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙනවා. කියලා. ඒ කාලේ නම් පරිගණකය කියලා එකක් තියෙනවද කියලවත් දැනගෙන නොහිටපු නිසා කීයටවත් දැන් කරන රස්සාව නම් කරන්න හීන මවපුනැති බව මට 1000%ක් විස්වාසයි.
අනික් අය ගැන කෙසේ වෙතත් මම නම් රස්සාවක් කරන්නේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න. මොකද ඔය මොනා කිව්වත් ජීවත් වෙන්න සල්ලි ඕනේ නිසා. අපොස උසස් පෙලත් හරියට පාස් උනේ නැති උනාට පස්සේ තමා රස්සවක් කරන එක ඉලක්ක කරගෙන එක එක පාඨමාලා කොරන්න පටන් ගත්තේ. කොහොමින් කොහොම හරි අන්තිමේ මෙතන නැවතිලා ඉන්නවා.
මන් මේ කියන්න හදන්නේ මගේ එදිනෙදා වියහියදම් ගැන මට හිතුන දෙයක්. ගිය අවුරුද්දේ මේ කාලෙදි මන් උපයපු මුදලට වඩා ටිකක් වැඩි මුදලක් මේ අවුරුද්දේ මේ දවස් වල මන් උපයනවා ඒත් පුදුමේ කියන්නේ ගිය අවුරුද්දේ මේ කාලේ මාසේ අන්තිමට මගේ අතේ ඉතුරු උන මුදල වත් දැන් මගේ අතේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක නම් පුදුම වැඩක්. මන් හිතන්නේ ඕකට හේතුව බඩුමිල ඉහල යාම ම නෙමෙයි. උපයන මුදල වැඩිවෙනකොට අපි වියදම් කරන මුදලත් ඉබේම වැඩි වෙන එකයි. (ඒ කාලේ සංස්ථා ඕල්ඩ් බිව්වත් දැන් ඊටත් වඩා ගනන් අඩු ගල් බොන්නේ ඒත් ඉතුරුවක් නැතිහැටි ).
දැන් ඉතින් මන් ඉන්නේ ජීවිතේ හතරවෙනි දශකයේ නිසා හම්බ කරන සේරම කාලා බීලා හරියන්නේ නැහැනේ. ඒ කාලේට වඩා මට අලුතින් එකතු උන වියදම් නම් නැහැ ඒත් මටම හිතා ගන්න බැරි විදිහකින් මගේ ආර්ථිකය කඩා වැටිලා. කොහෙන් කොහෙන් හරි නිස්කාරන වියදම් ටිකක් ඇවිත් වගේ.
බ්ලොග් ලියන ගොඩ දෙනෙක් වැඩිය පවුල්බර එහෙම නැති අය ඉතින් ඒ අයට තමා මන් මේ කියන්නේ. සල්ලි කියන දේ අපේ අනාගතයේදි සෑහෙන්න වැදගත් කමක් උසුලනවා ඒක නිසා තම තමන් උපයන මුදල් ටිකක් අරපරිස්සමින් වියදම් කරන්න. තමන්ටම කියල මොකක් හරි කරන්න ගියාම තමා ඒ ඉතුරු කරපු සල්ලිවල අගේ තේරෙන්නේ. හැමෝගෙම දෙමව්පියන්ට සේරම කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට තමන් ගාව තියෙනවා නම් පිට කාගෙවත් රැස්පොට් බලන්නේ නැතුව තමන්ගේ දේවල් බලා කියා ගන්න පුළුවන් (අනික් අයට කිව්වට මටත් මේක තාම හරියට කර ගන්න බැරි උනා ඒත් මට ලැබුන අත්දැකීම් වලින් මේ කියන්නේ)


