මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අද මාර්තු 12 හොඳ නැකත් දවසක්ලු, මම නැකත් කියන ඒවා සතපහට විශ්වාස නොකලත් අපේ රටේ බහුතරය නැකත් කියන ඒවා ඔළුව උඩ තියාගෙන ඉන්නේ ඒක නිසා ගොඩක් දෙනෙක් අද වගේ දවස්ව අළුත් වැඩ වැපටන් ගන්නවා. අපේ ගෙවල් ගාව එක මගුල් ගේකුයි අළුතෙන් කඩ දෙකකුයි පටන් ගන්නව.

මගුලනම් ඉතින් කරගත්තමසදහටම ඉන්න වෙන නිසා ඒක නම් ඔහේ තියෙනවා. හැබැයි කඩ ගැනනම් කියන්නම ඕනේ. පහුගිය කාලෙ දාපු කඩ බොහොමයක් වැහුන. අපේ මිනිස්සු අළුත් වැඩක් පටන් ගන්නකොට කේන්දරේ බලනවා මිසක් පටන් ගන්න හදන වැඩේට අදාල දැනුවත් වීම් වගේ දේවල් ගැන පොඩ්ඩ්කවත් හිතන්නේ නැහැ. ඉතින් ඔය කියන මාහා බලගතු නැකතට පටන්ගන්න දේවල් වලින් බාගයක්ම ටික කාලෙකින්ම නැවතෙනවා.

මිනිහෙක් අතේ සල්ලි නැතුව මොන නැකතින් පටන්ගත්තත් ගෙයක් ඉබේ හැදෙන්නේ නැහැ හැබැයි සල්ලි තියෙනවානම් රාහු කාලෙ පටන්ගත්තත් ගේ හැදෙයි ඒත් අපෙ අයට ඔක හරිය තේරෙන්නේ නැති එක තමයි පුදුමේ.

මිනිස්සු පුදුම විදිහට නැකත් වලා වහල් වෙලා. පුංචිම පුංචි වැඩක් උනත් අලුතින් කරන්න පටන් ගන්න ඉස්සෙල්ල නැකත් පැත්තකට දාල කරන්න යන වැඩේට අදාලව දැනුමක් අවබෝධයක් ලබාගෙන පටන් ගන්නවනම් වෙලාව කොච්චර නරක් උනත් වැඩේ සාර්ථක වේවි.

6 අදහස්:

මලමිනීත් සරසන කාලයක්නේ මේක. ඉතින් මාත් මගේ මරනය මල්වලින් සැරසුවා.

ඒක නම් ඇත්ත‍. ඒත් නැකත් කේන්දර වගේ දේවල් අපේ සංකෘතියත් එක්ක බැදිලා තියනවාලුනේ. අනික අපි එපා කිව්වත් වටේ පිටේ ඉන්න අයට ඒවා හරියට තියෙන්න එපායෑ..
මැරුණ මනුස්සයෙක්ව මිහිදන් කරන්නත් දවස් බලන එකේ. ජිවත් වෙලා ඉන්න අය මොනා නොකරයිද?

බයිද වේ මරණය කොහොමත් සුන්දර නිසා තීම් එක බ්ලොග් එක‍ට ගැලපෙනවා.

කවදාකවත් අලුත් වැඩක් පටන් ගන්න කාලෙක නැකැත් කාරයන් ලගට යන්න එපා ගියොත් එදවස්වල මෙ වැඩෙ හෙද නැ කියා අපල කියා වැඩෙ බඩු බනිස් කරයි

මගෙත් වෙලාවද මන්ද... ඔයාත් මාර ටයිම් එකකනේ පෝස්ට් එක දාලා තියෙන්නේ... කොම්පැණිය අස්ථාවර නිසා මමත් පොඩි බ්ස්නස් ලයින් එකකට අත ගැහුවා. නැකත් බලන්නනම් අදහසක් මගේ නෑ. ඒත් අම්ම කියන්නේ නැකත් බලන්න කියලා. හෙට අනිද්දා වැඩේ පටන්ගත්තම නිවුස් එක දෙන්නම්.

මගෙන් සුබ පැතුම් පුළුවන් ඉක්මනට වැඩේ පටන්ගන්න

ම- බොහෝම ස්තූතියි. අද හෙටම පටන් ගන්නවා...

Bloggers.com - Meet Millions of Bloggers