මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය සතිඅන්තයේ අපිත් ගියා සීගිරිය නගින්න. මම ගියේ ගොඩ කාලෙකට පස්සේ. අන්තිම පාර ගිය වෙලාවේ හිතුවා ආයිනම් එන්නේ නැහැ කියලා ඒත් මේ පාරත් ආයි ගියා.

පහුගිය දවස් දෙකකම සීගිරියේ දෙබරු ඇනලා මිනිස්සු තුවාල උනා. අපි ගිය දවසේනම් වාසනාවට එහෙම අකරතැබ්බයක් උනේ නැහැ ඒත් මම නම් බයෙන් ගියේ මොකෝ මට ඉස්සරහින් ගිය වයසක නඩය, සීගිරියේ ඉඳලා ඈතින් පේන බුදුපිලිමෙකට වැඳගෙන මහ හයියෙන් සාදු කියන්වා. හැම තැනම බෝඩ් ගහලා තියෙද්දිත් සද්ද කරන්න එපා දෙබරු ඇවිස්සෙයි කියලා මෙයාලාට ගානක්වත් නැහැ. ස්‍රද්ධාව වැඩි කම්මටද මන්දා.

ඊටත් වඩා මේයාල කරපු පුදුම වැඩක් තමා සීගිරි ලඳුන්ගේ චිත්‍රවලට පඬුරුදාල වැඳපු එක. (අනේ මන්ද කොල්ලො ටිකක් නම් අඩනිරුවත් ගෑනු සරීරෙට එහෙම සැලකුවට කමක් නැහැ ඒත් ඉතින් මෙයාලා ) එතන ඉන්න මනුස්සයත් තව තව බයිලා කියල වැඩිපුර සල්ලි දම්මෝ ගත්ත මොකෝ ඉතින් මිනිහටනේ සේරම.

මම දන්න විදිහට නම් කාශ්‍යප කියන්නේ හොඳ රජෙක් නෙමෙයි එහෙවු රජ්ජුරුවන්ගේ තැනටත් ගිහින් පඬුරුදාල වඳින අපේ කට්ටිය තව ටික කාලෙකින් ප්‍රභාකරන්ගේ ගෙවල් වලටත් ගිහින් පඬුරුදාල සාදු කියයිද දන්නේ නැහැ මිනිහත් ඉතින් ඉන්න හරියේ අමුතු අමුතු දෙවල් හැදුවනේ. දැයට කිරුළට ගිය කවුද කිව්ව ලොකුම පෝලිම තිබ්බේ ප්‍රභාකරන්ගේ සබ්මැරීන් බලන්න කියලා

8 අදහස්:

ඔය වයසත අයට ඔහොම (අමුලික) සද්ධාවක් ඇතිවෙන්නේ මැරේන බයට පුලුවන් කාලේ පිස්සු නටලා නාකි උනාම බුදු වෙන්න හදනවා


අර පඩුරු දාන වැඩෙනම් මරු (හික්)

පන්සලක් , පල්ලියක්, කෝවිලක් නම් කමක් නැහැ සිගිරි බිතුසිතුවම් තියන හරියේ පලාතෙ එහම ආගමික රූපයක් නැහැ ඉන්නේ උඩුකය නිරුවත් කාන්තාවො ඒකටත් පඬුරුදාල සාදු කියනකොට පුදුම ශ්‍රද්ධාවක්නේ. (අඩනිරුවත් කාන්තාරූපය වැන්දුම් පිදුම් කරන්න තරම් වටිනවා කියන එක වෙනම කතාවක් ඒත් ඒක මෙහෙම කරන්න ඕනේ නැහැනේ )

කතාව හරි... කාශ්‍යප රජතුමා ගැන යමක් කියන්න ඕනි... මම නම් කාශ්‍යපගේ වැරැද්ද ලෙස දකින්නේ තාත්තව මරපු එක ... කොහොමත් රජකම හිමිවුනේ කාශ්‍යපට තමා...මිගාර කියලා සෙන්පතියෙක්ගෙ කුමන්ත්‍රණයක් හින්දානෙ රජකම මුගලන්ට දෙන්න තීරණය වුනේ.. කාශ්‍යපගේ කාලයේ රට ඇතුලේ අර්බුද තිබුනා කියලානම් කොහෙවත් සඳහනක් නෑ.. කොහොමත් සීගිරිය නම් අසමසම නිර්මාණයක්... නිර්මාණකරුව කාශ්‍යප මර දැම්ම කියලත් කතාවක් තියෙනවා ඒකනම් විශ්වාසදායක ලෙස කියන්න බෑ....

ඕක ඇත්තටම බොරු ශ්‍රද්දාව... එයාලට හරි වැරැද්ද පෙන්නුවාම විකාර කිය කිය බනිනවා... ඕක වෙන්නේ අර දිසා කිව්ව වගේ මරණ බය ආවාම .... අපිටත් ඔය දේම වෙන්න පුලුවන් ...

අපොයි ආච්චිලා ගැන නම් කථා කරලා වැඩක් නෑ පංසලක් පල්ලියක් බෝගහක් පිළිමයක් පේන්න බෑ.. හැබැයි ඉතිං හිත ඇතුලේ ඔක්කොම කුණු පල්වෙනවා..

මං සිගිරි ගිහින් තියෙන්නේ එක පාරයි අප්පා..ආයේ යන්න හිතුනා

ආගන්තුකගේ කතාවට ස්තූතියි. මන් හිතුවේ කාශ්‍යප කියන්නේ ජරා පාලකයෙක් කියලා

මේ දවස් වලනම් යන්න එපා දෙබරු අනිනවා. මන් දැක්ක උඩට යන්නත් දෙන්නේ නැහැ කියලා තිබ්බ

ගියට කමක් නැහැ, අනේ පඬුරු දාලා සාදු කියන්න නම් එපා.

මචෝ, කාශ්‍යප කියන්නේ අවංකම එසේ කලායැයි කියන්නේ ප්‍රවාදවලත්, මහාවංශයේත් වගේම මිගාර රජ්ජුවෝ ගැන විස්තර තියෙන තැනකදි කියලා අහලා තියෙනවා, පරණවිතාන මහතා එහෙම කතාවක් කිව්වාලු. මං දන්නේ නැහැ මචෝ, එහෙත් අපේ ඉතිහාසය කියලා අපි අනුමත කරන එව්වා ගොඩරියක් එව්වා පර්ස්පරයි වගේම එහි ඇත්ත නැත්ත ගැන මට කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් දිසා අයියාගේ කතාව ඇත්ත තමා.

මම නම් අන්තිමට සීගිරි ගියේ අවුරැදු 15-20 කට විතර ඉස්සර. සීගිරියට යන පාර දෙපැත්තෙ තිබුණෙ කාශ්‍යප රජ කාලෙ හදපු දිය පොකුණු. මේ පින්තූරෙ තියෙනව ‍ව‍ගේ swimming pool නෙමේ. පරණවිතාන මහත්තයා එයාගෙ ජීවිතයෙන් සෑහෙන කාලයක් වැය කරල තියෙනව සීගිරියේ ඉතිහාසය හොයල අපට තේරෙන විදියට ලියල තියන්න. ම‍ගේ මතකයේ හැ‍ටියට එයා කියල තිබුණා එයා මැරෑණට පස්සේ සීගිරිය පැත්ත බලා සිටින විධියට වල දාන්න කියල. එයා ඒ තරමට සීගිරියට ආදරය කලා. මම ඒකාලෙ දැකපු පරණවිතාන මහත්තයාගෙ හිසේ statue එක සහිත කණුව තාම සීගිරියේ ඇති කියල හිතනව. අළුත් පරම්පරාව මේව ගැන තව ටිකක් කියවනව නම් හොඳයි. මාටින් වික්‍රමසිංහ මහත්තයා අපේ ගැමියො ගැන කොච්චර ලියල තියෙනවද? ඒව කියවල තියෙන, සිංහල ගැමියාගේ මනස තේරැම් ගන්න කෙනෙක් නම් ඒ අය ගැන මෙහෙම ලියන එකක් නෑ. ඒ මිනිස්සු වැන්දෙ අඩ නිරැවත් ගෑණුන්ට නෙමෙයි, අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය නිර්මාණය කරපු, අපිට ඒව ඉතිරි කරල ගියපු කලාකරැවන්ට. පඩුරැ දාන්නෙ ඒව තව දුරටත් ආරක්ෂා කරන්න. අනික මට නම් හිතුනෙ ඒ ගෑණුත් මල් අරගෙන යන්නෙ වඳින්න. ඒ කාලෙ දැන් ‍වගේ ගෑණු මිනිස්සු උඩ ටික වහගෙන හිටියෙ නෑනෙ:) මෙහෙම ලිව්වට තරහ ගන්න එපා. අපේ ඉතිහාසය, සංස්කෘතිය ගැන අපේ උගතුන් ලියපුව කියවල තේරැම් ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම මේ වගේ තැන් බලන්න යන්න කලින් ඒ තැන් ගැන ටිකක් කියවන්න. එතකොට මේ දේවල් තේරැම් ගන්න ලේසියි.
කොහොම වුණත් ඔයාගෙ බ්ලොක් මම ආසාවෙන් කියෙ‍ව්ව. තව ලියන්න.

Bloggers.com - Meet Millions of Bloggers