මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් දන්න විදිහට ලංකාවේ ජනප්‍රියම අරක්කු ජාතිය මේක. මිලත් අනික් එවාට සාපේක්ෂව අඩුයි. ගොඩක් දෙනෙකුට මොනා තිබ්බත් මේක නැත්තනම් වැඩක් නැහැ. මන් හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම විකිනෙන අරක්කු ජාතියත් මේක වෙන්න ඕනේ.

මම නම් දන්නේ නැහැ මේක ගල් බෝතලේ උනේ කොහොමද කියලා. සංස්ථා අති විශේෂ උනාට හැමෝම මේකට කියන්නේ ගල් බෝතලේ කියලා.

ගල් අරක්කු, මම නම් වැඩිය බොන්න කැමති නැහැ මොකද ඒ තරමටම මේක සුවඳයි හැබැයි මොකුත් නැත්නම් නොබී ඉන්නෙත් නැහැ.

පහුගිය කාලෙ මියගිය ප්‍රසිද්ධ දේශපාලකතුමෙක් රඹුටන් බයිට් එකත් එක්ක මේකම පාවිච්චි කාලා කියල කතාවක් මන් අහලා තියෙනවා. ඇත්තද නම් දන්නේ නැහැ. සිංගප්පූරුවෙ ගල් බෝතලයක් රුපියල් 5000ක් විතර වෙන කතාවක් චැට් එකකදි හම්බ උන කෙනෙක් දවසක් කිව්වා. ඒ කතාවත් ඇත්තද කියලනම් මන් දන්නේ නැහැ. කොහොම උනත් ඔය පිටරට ගිය අයත් මෙහෙ ඉන්න යමක් කමක් තියෙන අයත් අතර ගල් වලට ප්‍රියකරන අය සොයා ගන්න එකනම් එච්චර අමාරු දෙයක් නෙමෙයි.

වැඩි විස්තර මේතනින් බලන්න. දැන් ගල් බෝතලයක් රුපියල් 545.00 වෙනවා (හිස් බෝතලේට රුපියල් 25.00)

ඉන්නගමන් මේකත් බලන්න

19 අදහස්:

ලොක්කා, මම දන්න කෙනෙක් මට කිව්වා මේකට "ගල්" කියන්න හේතුව මේක මුලින්ම පෙරන්න පටන් අරන් තියෙන පළාත කියල. සංස්ථාව මුලින් තිබ්බෙ "ගල්" වලින් පටන් ගත්ත පළාතකලු. ඉතින් ඒක නිසා ගල් අරක්කු කිව්වලු. හැබැයි කතාවෙ ඇත්ත නැත්ත ෂුවර් නෑ.

මම වෙලාවක ඔය පෑත්තේ එන්නම් හිස් බොතල් ටික එකතු කරගන යන්න
: D

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුනයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්.


කවුරුවත් දන්නෙ නැත්ද VAT69 වලට නම ආපු හැටි??

පලාත ගල් ඔය ගල් ඔය සීනි කම්හලේ උක් රොඩ්ඩ පල් කරලා තම මුලින් පෙරලා තියෙන්නේ... උස්වැව සීනි කම්හලෙත් තාම නිෂ්පාදනය කරනවා... ඇත්තටම මුල් කාලේ ගල් බෝතලයේ තත්වය බලාගන්න ඕනිනම් උස්වැව ගල් බෝතලයක් ගහල බලන්න කියලා අපෙ මාමා කිව්වා... අඳුරගන්න ලේසියි... ගල් පාට බෝතලේ වෙනස්... සමහරවිට දන්නවත් ඇති...ඕන්න මම දන්න "ගල්" විස්තරේ...

මම හිතන්නේ... Template ගැලපෙන්නේ නෑ වගේ... ටිකක් රළු එකක් දාමුකෝ... මම නිකන් Fit එකට කිව්වේ තරහ ගන්න එපා....

VAT69 කතාවනම් මෙතන තියෙනවා.

VAT69 මටනම් ජරාවක් හරිම සැරයි ඒක.

"උස්වැව ගල්" තාම තියෙනවද? මම නම් දැකලා නැහැ කොහේදිවත්.

තාම හොඳ Template එකක් සෙට් උනේ නැහැ. දාන ඕනේ තද එකක්

ගල් ඉතිහාසය දැනගෙන හිටියෙ නැහැ.මේ කමෙන්ට් වලින් ඒක දැනගන්න ලැබුණු එක කොයිතරම් හොද දෙයක්ද.
ආර්ථික අවපාතයත් එක්ක දැන් ඉස්සරට වඩා ගල් පෙවෙනව වැඩී. හැබැයි දැන් නම් ඉස්සර වගේ නෙමෙයි ගල් වලට වේලනව :(

කිව්වත් වගේ මාත් වැඩියෙන්ම දැකලා තියෙන්නේ ගල් ‍බෝත‍ල් තමා

අනේ මම අර කලීන් සැරේ කිව්ව දේ වෙනවා නම්.

එකේක වර්ග වලට මාරු වෙලා අන්තිමට නෑවතුනේ ඔතනම තමා.සෙමට නියම බේත.

හපොයි දෙවියනේ! ජිම් පප්පා පොඩි කාලේ අරිශ්ඨ කල්දේරමක වැටුන වගේ අපේ මරණය වැටිලා තියෙන්නේ අරක්කු කල්දේරමකද කොහෙද?

ආ... තිතට මත වගේ...

මචෝ, සොරි වේවා මට අද තමා මුලින් ඔයාගේ එක කියවන්න හම්බ වුණේ. මචං උඹ කියන එක ඇත්ත තමා, ඉතින්ං චමිලයි මලී අක්කායි එකතු වෙලා කියන එව්වා තමා කියන්න තියෙන්නේ, කෝ ඉතිං අපේ කාටහරි (කාටද කියලා කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා) මොකක් හරි කිව්වොත් බළල් පවුලේ සතෙක්ගේ නමක් දාලා කතා කරත් අපේ රාවණගේ පොඩි වැඩක් හින්දා ඔච්චර කඩේ යන එකට මුකුත් නො කියන්නේ මොකෝ? අනික මචෝ, කවුද දන්නේ සීතාගේ අතීතේ?

macho,ubala beela nathiwenawa witharak nevi anith podi unwath amaruwe danawa.......bonaeka aththatama somida?

මටනම් බොන එක ඇත්තටම සොමි, ආයි කියලා වැඩක් නැහැ.

බීලා නැති උන අය වගෙම නැති නොවී බොන අයත් මටනම් හම්බ වෙලා තියෙනවා.

බොන එක ගැන බ්ලොග් එකක දැම්මට පොඩි උන් නරක් වෙයි කියලා මන් නම් හිතන්නේ නැහැ මොකෝ උන් කොහොමත් අපි හිතනවට වඩා නරක් වෙලා නිසා.

හා හා මෙවා මිට පස්සේ ලියනවා නොමෙ එහෙම උනොත් ගමෙ .ඇති හිටියා. වලට වගකියන්නේ පොලිසියෙන්ද? ඇ මන් අහන්නේ

ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ සමහරු ඉන්නව විස්කි දුන්නත් වැඩක් නැහැ ගමේ බඩු නැතුව

මම නම් ඕල්ඩ් වලට බැස්සා. නැත්තන් පහුවෙනිදට වැඩට යන්න බෑනේ. ගල් හොඳයි හැබැයි කලවම් නැති බඩු හොයන්න බැරි එකයි අප්සට් එක

Bloggers.com - Meet Millions of Bloggers