මන් දැන් වැඩ කරන්න පටන් අරන් අවුරුදු 4ක් විතර වෙනවා. මේ වැඩකරපු කාලය තුලම මන් කිසියම් මුදල මාසයකට ඉපයුවා ඒත් දන් මට දැන් කිසියම් මුදලක් ඕනේ වෙලා ඒත් මන් අතේ සල්ලි නැහැ. පවුලේ උදවියනම් ඒ සඳහා දායක් උනත් මට හරිම අපහසුතාවයක් දනෙනවා එයාලගෙන් මුදල් ඉල්ලන්න වීම ගැන.
මන් ගාව වත්කම් කියලා උපයලා තියෙන්නේ පොත්, සීඩී, ඩිවීඩී, පරිගනකයට හයි කරපු කෑලි, ජංගම දුරකතනය වගේ එච්චරම වැඩක් නැති දෙවල් පොත් ටික ඇරෙන්න. ඉතින් මටම මන් ගැන පසු තැවීමක් ඇතිවෙලා තියෙන්නේ මෙච්චර කාලයක් හම්බකරලත් මම කීයක් වත් ඉතිරි නොකිරීම ගැන.
අතේ සතේ නැතුව ඉඳලා ඉඳලා ඉතින් රස්සවක් ලැබුනම ඒකෙ පඩියෙන් හිතෙන හිතෙන එවා ගන්න එක හැමෝගෙම හැටියක් ඒත් ඒක කරන්න ඉස්සෙල්ල කීයක් හරි බැංකුවක දාල ඉතුරු ටික ඕනේ හැටියේ නාස්ති කරන්න.
මන් මේ කියන්නේ පහුවෙච්ච අයට නෙමෙයි ඉස්සරහට රැකියාවක් කරන්න හිතාගෙන ඉන්න අයට අඩුම ගානෙ මසෙකට පඩියෙන් 1/10ක් වත් ඉතුරු කරන්න අනිවාර්යෙන්ම මුදල් කියන ඒවා අපිට ඉදිරියේදි ඕනේ වෙනවා ඒ වෙලාවට ඒවා කගෙන් හරි ඉල්ලනකොට හිතට දැනෙන අපහසුතාවය තමන් ගාව කිසියම් මුදලක් තියෙනවානම් කවදාවත් දනෙන එකක් නැහැ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
10 අදහස්:
අනේ ඔහොම කථා කියන්න එපා අප්පා..!
මට නම් මේකයි.. කීයක් හරි පොතේ දැම්මා කියමුකෝ.. ඊට පහුවෙනිදා ඉදන් ට්‍රයි කරන්නේ ඒක වියදම් වෙන්නේ මොනාටද කියලා කල්පනා කරන එක.. අපෝ මං වගේ අපතයෙක්!
මෙහෙම කතා නොකියා කොහොමද? මන් මේ මගේ අත්දැකීම් වලින් අනික් අයට ඉගෙන ගන්න කියන්නේ.
ඕවා ඔහොම තමයි... අතට කීයක් හරි ආපු ගමන් වියදම් වෙනවා... ගන්න දේවල් නම් කීයක් කියල තියෙනවද? :(
ප.ලි.
අළුත් තීම් එක එළ... ගැලපෙනවා.. :D
මාර අවුල තමා කොච්චර හෙව්වත් ඉතුරුවක් නැතිකම එක තෙරෙන්නේ තමන්ට කෙලවුන(වචනේ සැර වැඩිනම් සොරි) වෙලාවට තමයි මටත් ඔය ලෙඩෙමයි බන් තාම ජොබක් නොකලත්. එවෙලාවට මැරෙන්න හිතේනවා
ඒ ගැනනම් කියලා වැඩක් නැහැ මචෝ. එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් මැරෙන්න හිතෙනවා
මගෙ බ්ලොග් එකේ ඕනේ වචනයක් ok මචං
අන්තිමට මලා වගෙ දැනෙන්නේ මරණය එකේ. තිරය එළම තමා එච්චරම.
මචෝ මම බණක් කියන්නද මචං වියදම් කරලා ශේෂය වියදම් කරන්නනේ අපි පුරුදු වෙලා ඉන්නේ. එතකොටයි ඔය අවුල්, එහෙම නැතිව ශේෂය ඉතුරු කරලා වියදම් කරන්න බලං. පුලුවන් තරමිනුත් ඒයිනුත් ඉතුරු කරන්න බලං.
මෙහෙම කිව්වට මං ඉස්සර අඩියටම නාස්ති කලා මචො, දැන් ඒ ටිකත් නැහැ. සුදුත් නැහැ. මෝඩකම තමා ඉතිං. ආයිත් ඒ මෝඩකම් නොකරන්න වග බල ගන්න ඉන්නේ. උඹත් මං වගේ මෝඩයෙක් වෙන්න එපා මචං.
මටනම් ඉතිරි කිරීමේ පුරුද්දක් නැහැ. ලොකු කමකට කියනව නෙමෙයි. මොකක් හරි උවමනා හෝ එපා දේකට වියදම් වෙනව.අන්තිමට බැලුවම අරගත්ත දේකුත් නැහැ හුගක් විට.ඔයා කියපු පොත්පත් පරිගණක උපකරණ ටික තමයි තියෙන්නෙ. මේ දවස් වල නම් බැංකු පොතේ තියෙන්නෙ රුපියල් හතලිහයි. ඒ නිසා නාස්තිය සෑහෙන අඩුවෙලා. උවමනා දෙයක් ගන්නත් සල්ලි නැති උනාම තමයි දුක :(
ම අයියේ ඔය පැත්තේ තියෙන "නම් කිරීම"ට මොකද වෙලා තියෙන්නේ? හරියට පේන්නේ නෑනේ. මගේ අතිනුත් පුදුම විදියට බං වියදම් වෙන්නේ බං. දැන් නම් ටික ටික අනවශ්‍ය වියදම් ඔක්කොම කපාහැරියා. නැත්තම් phone බිල ගෙවාගන්න ප්‍රතිපාදන නැතිව යනවා. හරි හරි phone බිලත් ටිකක් විතර අනවශ්‍ය වියදමක් තමයි. :D
ඇයි බන් හිස් බෝතල් ටික ඉතුරු නැද්ද උඹට?අහ්??
අපෙන් හිස් බෝතලේට 25,30ක් ගත්තට අපහු දෙන්න ගියම දෙන්න්නේ රුපියල් 4, 5යි බන්
Post a Comment