මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කාලෙන් කාලෙට මගේ විනෝදාංශ වෙනස් වෙනවා වගේ කාලෙන් කාලෙට මන් බොන ජාතියත් වෙනස් වෙනවා. ඉස්සරම බිව්වේ බ්‍රැන්ඩි ඊට පස්සෙ වොඩ්කා. ආයිත් කාලයක් තිබ්බ වී එස් ඕ විතරයි. ලෙමන් ජින් එක්ක ස්ප්‍රයිට් දාල බොන්නත් එක කාලෙක පෙරේතකමක් තිබ්බ. මේ දවස් වල මගේ අලුත්ම ජාතික පානය රොක්ලන්ඩ් රෙඩ් රම් එක්ක කොකා කෝලා. ඒක නම් නියම බීමක්. මීට කලින් තිබ්බේ සංස්ථා ඕල්ඩ්.

පහුගිය දවසක රෙඩ් රම් ගන්නව දැකපු අඳුරන අන්කල් කෙනෙක් කිව්වා රෙඩ් රම් බොන්න එපා ඒකේ ගොඩක් සීනි වෙන මොනා හරි බොන්න කියලා. අපි පොඩි කාලේ ලොකු අයවගේ හිටපු අය දැන් අපි බොනවා දැකලා පුදුම වෙනවා මේ ඒ කලෙ හිටපු හුජ්ජ කොල්ලො දැන් අඩිත් ගහන්වා කියලා. හැබැයි අපරාදේ කියන්න බැහැ සෞඛ්‍ය උපදෙසුත් නොමිලේම දෙනවා

හැබැයි මට මේ රෙඩ් රම් වල රස ගැන කිව්වේත් වයසක අන්කල් කෙනෙක්ම තමයි . අනික් අය වැඩිය බොන්නේ නැති ජාතියක් බොන එකේ පොඩි වාසියක් තියෙනවා ඒ තමයි මදි පාඩුවක් වෙන්නේ නැතුව තනියම සේරම බොන්න පුළුවන් වෙන එක

මටනම් මේ මොනවා බිව්වත් වෙරිනම් වෙනවා. පොඩි වෙනස් කමකට තියෙන්නේ බිව්වම එන ගඳයි පහුවදාට හැදෙන ඔළුවෙ කැක්කුමෙයි විතරයි.

13 අදහස්:

මේතනින් පුළුවන් රොක්ලන්ඩ් රෙඩ් රම් ගැන වැඩි විස්තර බලා ගන්න.

රෙඩ් රම් සසයි තමා..

මලී අක්කත් රම් බීල තියෙනව නේද?...:P

මම නම් දැන් ගොඩක් ඕවයින් ඈත් වෙලා ඉන්නෙ.ශරීර සෞඛ්යයට හොද නැති නිසා.

@kasun - sh!! ඔව්වා ප්‍රසිද්ධියේ අහන්න එපා දරුවෝ.මං මත්දව්‍ය වලට කට්ටිය යොමු කරවනවා කියයි..

මෙන්න මෙන්න මම කාලයක් තිස්සෙ දාන්න හිතන් හිටපු බ්ලොග් සටහනක් මේ මිනිහ දාල.

මම නම් මුලින්ම පටන් ගත්තෙ බීර හෙවත් බියර් වලින්.පස්සෙ නොයෙකුත් ජාති ගහල සෑහෙන කාලයක් ෆ්රෑන්ක්ලින් වල නැවතිල හිටිය. මේ දවස්වල නම් මගේ ප්‍රියතම පානය රොක්ලන්ඩ් ඩ්‍රයි ජින්. කෙසේ වෙතත් දුප්පත් මම සහ මගේ මිතුරන් සෙට් වෙද්දි ඒ වගේ දෙයක් මහා පරිමාන්‍යයෙන් ගැනීමට තරම් අපේ ආර්ථිකය සවි නැහැ. ඒ නිසා යාලුවො එක්ක සෙටා වෙද්දි වයිට් ඩයමන්ඩ් හෝ ගල් තමා බහුල භාවිතය.අපේ හරේ සහ මම සෙටා වෙද්දි අනිවා වයිට් තමයි භාවිතය.ඌ එක්ක ඉතින් මොනා ගැහුවත් අම්බානකට වදිනව.
වී එස් ඕ හොදයි ඒත් ඒක ගැහුවම මට පහුවදාට දරන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනවා.

රෙඩ් රම් නම් එක වතාවයි මම පාවිච්චි කරල තියෙන්නෙ. වයිට් රම් නම් එල.ඒක ගහල ගද නැතිව ගෙදර යතැහැකි..හි හි.
චියර්ස්...

@ නලින් - ළඟකදි සෙට් වෙන්න පුළුවන් කියන පුංචි බලාපොරොත්තුවක තරු එලියක් මගේ හිත් අහසෙ පායල තියෙනව ;) බලමු නේ :)

අපි නම් තවම පොඩි ලමයි නොවැ... :)

අඩු කුලේ කියාලා (ඉක්) අසරණයා මැඩලන්නේ මේ ලෝකේ... වසලයා.... ඕක්.... ඕක්...

@ecH- ප්‍රීතී..ප්‍රීතී හරේ! අනිවා බලමු xD

කාලයක් මම නයිට්ක්ලබ් එකක වැඩ කලා.අවුරැදු 19දී විතර..බීපු වර්ග මොනද කියලා මම වත් දන්නෙ නෑ.සමහර දවසට වර්ග 5කින් 6කින් විතර ෂොට් එක දෙක වදිනවා..රෙඩ් රම් කියන්නෙ අර ටිකක් මිනට් පැණිරසක් තියන එක නේද?බක්කාඩි,ග්ලෙන්ඩ්පිඩ්ච්,මොන්ගෝලියන් වොඩ්කා, එහෙම මරැ බඩු..මිල නම් රැ3000න් එහා වගේ..
දැන් මම බීමෙන් ඈත් වෙලා..දැන් බ්‍ව්වත් බොන්නෙ 16%ක් විතර තියන හාල් වලින් හදන සෝජු,සකේ,එහෙම නැත්නම් මක්කොලි වගේ එකක්..ඇගට අමාරැත් නැහැ..
මොනවා කරත් මටනම් ලංකාවේ අතිවිශේෂ විතර සෙට්වෙන්නෙ නෑ මොකුත්..

ආරි..

අපිට නං ඔය කියන ජාති බොන්නට වත්කමක් නැත. නුගේගොඩ ---- එකෙන් දෙකක් තුනක් දා ගත්තාම මුලු රැයම වුනත් පොල්ටික්ස්,කවි , සිංදු ගැන කතා ගලා එන්නේ කොහෙන්දැයි අපටම පුදුමය. කෙසේ වෙතත් සුරාව නම් හදවත් මට සිලිටි කරයි. ඒ නිසාම බොන එක හොඳයි.

ාමවා දැකලා නොබොන මටත් බොන්න හිතේනවා මට පටන් ගන්න හොද මොකක්ද?

අපොයි මමනම් කාටවත් බොන්න කියන්නේ නැහැ මොකෝ තව එකෙක් වැඩි උනාම අපිට මදිවෙනවනේ

Bloggers.com - Meet Millions of Bloggers