මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


ඊයෙ මට මරු සිංදුවල්ක් අහන්න හම්බ උනා
ඔයාල නම් කලින් අහලත් ඇති. ගිහින් බලන්නකෝ. මන් හිතන්නේ මේක ජෝතිපාලගෙ එකක් පද වෙනස් කරලද කොහෙද

පුන් සඳ පායල ඇති රෑක
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
නැති කර ගන්නට දුක සෝක
හැමදාමත් කරනවා මේක

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
ඇට නැටි ඇහිඳලා
මල් ඔතනෝ

සියරට අප දේ
සිරි සැප ගෙන දේ
ගහන අයයි ඒවා දන්නේ

මත්පැන් වගේ නෑ
වැඩි වියදම් නෑ
පොඩි ගානයි මේකට යන්නේ

ඉස්සර වගේ නෑ
දැන් දුංකොළ නෑ
සුදු කොළයක ඔතලයි බොන්නේ

බිව්වට වෙරි නෑ
කළබලයක් නෑ
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

තණමල්විල හා
ඇඹිලිපිටියෙ සිට ලොරි බස් යට
සැඟ විල එන්නේ

ඉන්පසු කොළඹින්
හොරෙන් හොරෙන්මයි
මේවා රට වට විසිරෙන්නේ

බාධක මැඩගෙන
අවොත් දුරසිට
අහු උනොතින් කෙලවිල යන්නේ

කොපමන සුර සැප
තිබුනත් මොකටද
නීතිය නෑ ආතල් දන්නේ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

දීපාල් සිල්වා

9 අදහස්:

හික් හික් මං නම් ඕක ඇහුවේ අවුරුදු එකහා මාරකට විතර කලින්ද කොහෙද හැබැයි ප්‍රසිද්ධ මාධ්‍යකින් නම් නෙවෙයි. තාත්තාගේ යාළු පොලිස් නිළධාරියෙක් ගේ ජංගම දුරකථනෙකින්. හික් හික්

හැබෑට එච්චර පරණ එකක්ද???
මන් ඊයෙනේ ඇහුවෙ මුලින්ම

හහ්හා...මම මම මේක මීට අවුරුද්දකට දෙකකට විතර කලින් රූපවාහිනී නාලිකාවක විනෝද වැඩසටහනකදි දීපාල් සිල්ව කියනව අහල තිබුණ. හැබැයි මුලු ගීතයම අහල තිබ්බෙ නැහැ.

හපෝයි හොඳ දේවල් මම දැනගන්නේ හොඳටම පරක්කු වෙලාද කොහෙද?

@මරණය

අපොයි ඔව්... හොඳටම පරණයි මචෝ... මමත් ඇහුවෙ යාළුවෙක්ගෙ ෆෝන් එකකින් තමයි... දැන් අවුරුදු එකහමාරක් විතර ඇති...

වචන ටිකනම් නියමයිම තමා.

"කොපමන සුර සැප
තිබුනත් මොකටද
නීතිය නෑ ආතල් දන්නේ"

මොනා උනත් දීපාල් සිංදුවෙන් හරි ඇත්ත කියන්වා.

මරණය සමහර විට ඔය සින්දුව ජනප්‍රිය වෙන දවස් වල මැරිල ඉන්න ඇත්තේ... (හික්)... නැත්නම් මාධ්‍ය භාවිතය බින්දුවයි වෙන්න ඇති... රේඩියෝ එකේ මියිසිකල් ෂෝ යනකොට පට්ට ගහපු එකක්... පස්සේ ඒක ජන(අ)ප්‍රිය වුනා... මට නම් දැන් ඒක ඇහෙන කොට ඕක් වෙනවා...

පරණ සින්දුවක් නම් තමයි, හැබැයි මේ version එක මරු.
:D

එල සහෝ

Bloggers.com - Meet Millions of Bloggers