මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

බොන්නේත් මෙලොව වසන මිනිසුන් මිසක් පිට සක්වල ජිවින් නොවන නිසා බොන අය අතරද හොඳ නරක දෙවර්ගයම ඇත.

සමහරු බොන වෙලාවට පණ උනත් දෙයි වෙරි හිඳුනාම අඳුරන්නේද නැත. හැමදාම පිනට බොනවාන ටික දවසකින් ඇණයක් වෙයි ඒත් පිනට බිව්වත් විනෝදාශ්වාදය සපයයිනම් බොන්න සෙට් කර ගනී.හැමදාම බොන්න එනවිට බෝතලයක් ගෙනවා නම් ඌ දෙවියෙකි ඒ හැර බීමට කිසියම් සම්මදමක් දාන පුද්ගලයන් මගහැර කිසිවෙක් බොන්න සෙට් වන්නේ නැත.

බීම අළුත් සම්බඳකම් සාදන්වා මෙන්ම තියෙන සම්බඳකම් ආයි සැදිය නොහැකි වන ලෙසම කඩා බිඳ දැමීමද සිදුකරයි.

බිවුවාම ගොඩක් අය වැඩිපුර කියවන අතර හිතේ තියෙන දෙවල් බොහොමයක් සඟවන්නේ නැතිව එලියට දමයි. අපරාධ කාරයන්ට බොරුවට වද නොදී හොඳට බොන්න දුන්න නම් උන්ගෙන් තොරතුරු දැන ගැන්නිම පහසු වන බව පොලිසිය නොදන්නේදැයි මම නොදනිමි. එසෙත් නැතිනම් ඒ ටිකත් කොස්තාපල්ලාම බීලා ඉවර කර අපරධකාරයා බයිට් එකට ගන්නවද විය හැක.එවිට උන්ට බොන්නයි අවශ්‍ය තොරතුරුයි දෙකම ලැබෙනු ඇත.

බොන අය අතර මට නම් ඇති අත්දකීම් සියල්ල සුන්ඳරය කවුරුත් ගහමරා ගන්න ගොස් නැත සියල්ල කතා බහ කරන්නේ විනෝදමත් දේවල් නිසා බොන අය අතර සිටීම මටන හරි ජොලිය. බොන අය අතර සිටීම බොන අයට ජොලි උනාට නොබොන අයටනම් ම්ල වදයකි මක් නිසාද යත් බොන අය බොන්න පටන්ගත් විට ලේසියෙන් බීම නවත්වන්නේ නැති නිසා, උන් බීලා ඉවර වෙනකම් කියවන විකාර අසා සිටීමට සිදුවන නිසා සහ බීල වැඩිඋන උන්ව ගෙදර ඇරලීමටත් සිදුවන නිසාය

හතර පෝයට සිල් ගන්නා අය අතරද මෙවන් මිනිසුන් ඇති නිසා බොන අය පමනක් නරකයි කීම අසාධාරන යැයි මට සිතේ.

8 අදහස්:

මාත් කියන්නේ බොන උන් හොඳයි කියලා තමයි, අඩුම ගානෙ වෙරි හිඳෙන කන් වත්

"බොන අය අතර මට නම් ඇති අත්දකීම් සියල්ල සුන්ඳරය කවුරුත් ගහමරා ගන්න ගොස් නැත සියල්ල කතා බහ කරන්නේ විනෝදමත් දේවල් නිසා බොන අය අතර සිටීම මටන හරි ජොලිය."

ම‍ටත් එහෙමයි!! :D

බොන උන් හොදයි තමයි.
ඉස්සර නම් බීල හීනියට සින්දුවක් එහෙම මුමුණලා ලොකු ආශ්වාදයක් ගත්තා.එතකොට වටේ පිටේ අයත් අත්වැල් අල්ලනවා ඒකට. දැන්නම් අවන්හල් වල ඒවට ඉඩ නැහැ.නමුත් ඉහතකී දවස් හරි සුන්දරයි.
මටනම් ඉතින් බීමත් එක්ක තියෙන්නෙ සුන්දර මතක තමයි.ඉදල හිටල වෙරිවෙලා ඉතින් පොඩි "ලොකු" ටො‍්කක් දෙකක් දාන එක නම් ඉතින් සාමාන්‍යයි නෙ ;)ඒ අරුණම ඉතින් මම සෙට් වෙන මිතුරු පිරිස බොන්න දන්න අය. බෝතලේ ඉවර වෙනකම් බොන එක නෙමෙයි. අනුන්ටත් ඇණයක් නොවී බීමේ ආශ්වාදය ගන්න දන්න අය.

ඇණයක් වීම කියුවම මතක් උන සිදුවීමක් නොකියම බැහැ. මගේ ඥාතීන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අය එක්ක වරක් හෝ දෙවරයි මම සෙට් වෙලා තියෙන්නෙ. එක්කෙනෙක් වෙරි උනාම තනිකර කතාකරන්නෙ ඉංග්‍රීසියෙන්. අනෙකා වෙරි උනාම කතා කරන වචනයක් පාසා අපිට ඇගිල්ලෙන් අනිනවා..හෙ හෙ.

මෙතන ඉන්න අය තරම් මම බීලා නැති වුනාට බොන අය ගැන සමහර විට මට ඔයාලට වඩා අත්දැකීම් ඇති.මොකද කට්ටිය සෙටා වුනු වාර ගැන මගේ මතකය මට මතක නැති පොඩි කාලෙටත් වඩා ඇතයි.. අපේ තාත්තගේ යාළුවෝ බොන්න සෙට් වෙන්නේ අපේ ගෙදර 31ස්ට් නයිට් ඇතුළු හැම දේකටම එයාලට බෝතලේ වරදින්නේ නැහැ. ඒ නිසා මම බොහොම බය නැතුව කියනවා බොය අයගේ වරදක් නෑ.. වෙරි වෙන එක පවා එක් මට්ටමකට මිනිසුන් හිතින් මවා ගත් දෙයක් කියලයි මම නම් හිතන්නේ.. මොකද අපේ ගෙදර අය බීලා වෙරි වෙලා තියනවා. ඒත් රණ්ඩු වෙලා නෑ.. දැන් අවුරුදු 20ක් විතර එකම කට්ටිය අඩු වැඩි වෙමින් බොන්න සෙට් වෙනවා මම දැකලා තියනවා..එක එක දවසට එක එක අයට වැඩි වෙනවා.. ඒත් ඉතිං යාළුවෝ නිසා ඒ අයම බලා ගන්නවා.. සම්මාදම් ගැන නම් මම දන්නේ නැහැ. කොහොම හරි කට්ටිය බොනවා.. ඒ ගැන මම වරදක් කියන්නේ නැත්තේ මං දන්න බොන අයගේ වරදක් මම දකින්නේ නැති එකයි.. කට්ටිය බිව්වම හරි ජොලි.. ‍‍‍රටේ ජනාධිපතිටවත් පහළ නොවන අදහස් තමයි රටේ සංවර්ධනය ගැන එයාලට ඇති වෙන්නේ.. හැබැයි ඉතිං බොන අය බලන් ඉන්න එක තමයි අමාරුම වැඩේ මොකද බොන අය අරක්කු බොනවා උනාට බලන් ඉන්න අය හුළං බොන්න එපැයි..

ඇත්තටම මට මේ මරණෙගෙ මූණ බලා ගන්න ඇත්නම්...

මටත් මේ ලඟදි පොරක් සෙට් උනා බීල කඩ්ඩෙන් කතා කරන.

හුල්ං බොන්න එපා අනේ, බයිට් කකා සැන්ඩි බොන්න.

හපොයි මචං මගෙන් මොකුත් වැරැද්දක්වත් උනාද????

අනේ නෑ... සත්තකින්ම අමුතු අදහස් නිසා බලන්නම ආසයි... එහෙම නැතුව වැරැද්දක් නෙමෙයි...

එසෙත් නැතිනම් ඒ ටිකත් කොස්තාපල්ලාම බීලා ඉවර කර අපරධකාරයා බයිට් එකට ගන්නවද විය හැක.එවිට උන්ට බොන්නයි අවශ්‍ය තොරතුරුයි දෙකම ලැබෙනු ඇත.

උඹත් මාරයි බන්

Bloggers.com - Meet Millions of Bloggers