මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපි පාරෙ යන එනකොට ඕනේ තරම් හිඟන්නන් දැක ඇත. සමහර හිඟන්නන් ඉල්ලා සිටින අතර සමහරුන් කිසිවක් ඉල්ලන්නේ නැත දෙන දෙයක් ගනී.

හිඟන්නෙකුට උවත් යමක් දෙන්නට ගියවිට ඕනවට වඩා අගයකරන්නට ගියහොත් හෝ හිඟන්නාව උනත් ඕනෙවට වඩා බාල්දු කර දෙන්නට ගියහොත් අපිට හොඳවැයින් දෙක තුනක් අසා ගැනීමට සිදුවනු ඇත.

දෙන දෙයක් උනත් හොඳ හිතින් දියයුතුයැයි කතාවක් ඇත. බොරු සෝබනේට හෝ අනික් අයට පේන්නට දීමේන් දෙන්නාට හෝ ලබන්නාට වෙන සෙතක් නැත.

නිකන් හම්බවෙන දේවල් වලට තන්හාව තියෙන අයනම් ඕනෙනෑම නින්දාවක් ,අපහාඅසයක්, බැනුමක් තමුන්ට ලැබෙන දෙය වෙනුවෙන් ඉවසනු ඇත එහෙත් එසේ නොවන අය හිඟාකෑවත් තමන්ගේ ආත්ම ගරුත්වය පිනට හම්බෙන දෑ වෙනුවෙන් වැයනොකරනු ඇත.

මාත් එක්තරා විදිහක හිඟන්නෙකි ඒත් නිකන් දුන්නා කියා ඕනේම කතාවක් පවුලේ කෙනෙක්ගෙන් උවත් ඇසීමට සූදානම් නැත ඊට වඩා මට හිඟන්නෙක් ලෙසම සිටීම සැනසීමකි

3 අදහස්:

හ්ම්.. හිගන්නෝ ගැන කවර කතාද ? එයාලයි අපියි වෙනස් වෙන්නේ හරි ටිකයිනේ.

මේ ඇහුණද? හෙට අනිද්දා අපි සෙට් එකක්ම ඔය තත්ත්වෙට වැටෙනවා... අනේ එදාටනම් අහක බලන්නේ නැතුව කීයක් හරි දීලා යන්න..

හා..හා අන්තිම කෑල්ලට නම් මමත් එකඟයි.. : D :D

Bloggers.com - Meet Millions of Bloggers