මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


අපේ රටේ තියෙනවනේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කියලා ජාතියක්, පෙට්‍රල්, ගෑස්,ඩීසල්, භූමිතෙල්, අල, පරිප්පු, සීනි, සිමෙන්ති,හාල්, කිරි පිටිවගේ දේවල්. ඕවා මොකක් හරි ගනන් ගියොත් එහෙම අපේ මිනිස්සු උඩ පැනගෙන කෑගහනවා.

හැබැයි අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන අත්‍යාවශ්‍ය දේවල් තවත් තියෙනවා සබන්, දන්තාලේප, රෙදි සෝදන කුඩු වගේ පොඩි පොඩි දේවල් මේව අත්‍යාවශ්‍ය භාණ්ඩ නෙමෙයි ඒත් මේවා නැතුව අපිට ඉන්නත් ටිකක් අමාරුයි

මේවායේ ගනන් වැඩි වෙන්නේ අපිටත් හොරා. ගොඩක් වෙලාවට අපි අද සබන් කෑලක් අරන් ඊලඟ දවසේ ගන්නකොට ඒකේ ගාන වැඩි වෙලා ඒත් අපි දන්නේ නැහැ මොකෝ පරණ සබන් කෑල්ලේ ගාන මතක නැති නිසා. එක්කෝ නව කියල ගහයි නැත්නම් කොලේ වෙනස් කරයි මේ වගේ මොකක් හරි බොරුවක් කරලා පරන සබන් කෑල්ලම වැඩි ගානට දෙනවා.

එහෙම නැත්තන් තවත් හොරයක් කරනවා ගානනම් පරණයි හැබැයි බර තිබ්බයෙන් බාගයයි . ඒතකොට කියනව අතට අහුවෙන්න ලේසි වෙන්න කියලා. මේ වගේ මොකක් හරි බොරුවක් කියලා අපේ පොකට් එකට තමා මුන් විදින්නේ.

සබන් නොගා ඉන්න එක අපිට වාසි උනාට ලඟ ඉන්න අයගේ නහයට අවාසි නිසා සබන් වගේ දේවලුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ

13 අදහස්:

අප්පා ඕකනම් මහ එපාවෙන වැඩේ... කොහොමත අපි බෝඩිම් කාරයෝ නිසා අපිට වැඩිපුරම බලපාන පැත්තක්... මම ලඟඳි ගත්ත ඩෙටෝල් සබන් සබන් පෙට්ටියක් නොමිලේ... ඒකට කෑලි 2ක් ම ගන්න ඕනි නියම බොරුවක් මම අහුවුන උඹත් අහුවෙයන්....

කොහොමහරි පෙට්ටිය ඇඟේ ගහලා හරි වැඩි ගානක් ගන්නව

මරණයට මේ ලිපියට අදාළ නොවන දෙයක් කියන්න කැමති.ඔබේ බ්ලොග් අඩවියේ පලවන ලිපි වලට මේ තීම් එක සියුමැලි වැඩි ‍වගේ ගතියක් තියෙනවා කියලා මට සිතෙනවා. මේක කොහොමද? ඔ‍බේ නමින්මයි තියෙන්නේ.මේ පොඩි අදහසක් විතරයි.

හැම භාණ්ඩෙම තත්වෙ ඕක නෙව.
කොහෙන් ගියත් ඉතින් පර්ස් එකට තමා වදින්නෙ.
:(

ඒ තීම් එක මම කලින් දැම්මා. අකුරු කියවන්න අමාරු නිසා අහක් කලා. මේ කාලෙ මිනී පෙට්ටිත් සරසන නිසා මේක දැම්මේ වෙන හොඳ රළු එකක් තාම හම්බ උනේ නැහැ

ඔව් අප්පා... කොළඹ ඉන්න කාලෙ ඔය ඩෙටෝල් සබන් කවරෙ ඩිසයින් කරන අයියව මම දැනං හිටිය.එයා මාසෙකට දෙකකට සැරයක් අළුත් සබන් කවරෙක සාම්පල් අපෙන් ප්‍රින්ට් කලා. ඒ ගැන ඇහුවම එයා කිවන්නෙ පොඩි පොඩි වෙනස්කම් තමයි කරන්නෙ කියල. සබන් කෑල්ල එකමයි. කොලේ තමයි වෙනස්. අපිටත් ඉතිං මදේ නැතත් පොත්ත ලස්සනට තිබුණම ඇතිනේ.

හප්පා.. සබන් ගැන නම් ඉතිං කොයි තරම් දේවල් තියෙනවාද කියන්න. ගාන නම් මොකෝ..ඇඩ් වල යන්නේ100%ක් ස්භාවිකයි කියලානේ මාගේ ‍යාළුවෙක් ‍බොහොම ප්‍රසිද්ධ සබන් අරන් මනං හදන තැනක වැඩ කලා එයාගෙන් ඒගැන ඇහුවම කිව්වේ පිස්සුද බං කුණු පලතුරක්වත් ඒ පලාතටවත් ගේන්නේ නෑ කියලයි.

මම කාලයක් ගෑවා සිද්ධාලේප නිවසින් නිෂ්පාදනය කරන බාන්වැල්ගැට කියල සබන් වර්ගයක්. ගුණයටවත් සුවදටවත් නෙමෙයි. ඒක දියවෙනව අඩුයි.

මචෝ, සින්ඩියේ මේක නැහැ නොව. මචෝ මම ඔයාගේ පරණ ලිපි කියෙව්වා. මරු මචං. ඔය සබන් කතාවත් මොකද්ද මචං පොකට් එකට විදින්නමනේ ඔය ව්‍යාපාර කරන ඇත්තෝගේ හීනේ. පොත්තයි කියවිල්ලයි හොඳ නම් බෑ චුන් වුනත් ගන්නවා නොවැ.

D fire මේක නරකද?

නරකද , සවරින්බාර් සබන් කෑල්ලක් පාවිච්චි කලොතින් , ගානත් අඩුයී , අනික කෑලි දොලහකට කෑපුවොතින් දෙයීයනේ කියලා අවුරුද්දක්ම පාවිච්චි කලාහෑකිනේ.

ඒකනම් හොඳ අදහස
මන් දැකලා තියෙනවා ඔය ගඟේ නාන අයනම් රෙදිහෝදන්නයි ඇඟේ ගාන්නයි එකම සබන් පාවිච්චි කරනවා

අපි නම් පොඩි කාලේ සන්ලයිට් ගාලාත් නාලා තියනවා මාර සැප

මචන් උඹ ගොඩක් සුදු ඇතිනේ. සන්ලයිට් ගෑවම කිරිසුදට බැබලෙනවා කියලානේ කියන්නේ

Bloggers.com - Meet Millions of Bloggers