මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


මෙන්න ආයි පාරක් ජාතික පානයේ ගනන් වැඩි කරලා. අරක්කු ලීටරයක් රුපියල් 50 කින් සහ සිගරට් එකක් රුපියල් දෙකකින්. ලීටරයක් පනහකින් කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම බෝතලේත් 50කින් වත් නගී. වෙනදට සිගරට් වැඩි කරන්නේ සත 50කින් මේ පාර රුපියල් දෙකින්ම ගිහින් ඒ කියන්නෙ දැන් ගෝල්ඩ් ලීෆ් එකක් 18ක් වෙනවා. අනේ මන්දා කාට කියන්නද කියලා

අපේක්ෂිත ආදායම රුපියල් බිලියන දෙකක්. බලන්නකො බොන අය රටට දෙන සල්ලි ගොඩ. දැන් කියයි ඉතින් ඔය සල්ලිවලින් වැඩි හරියක් යන්නේ බොන අයගේ ලෙඩවලට කියලා. මේ දවස්වල ඉස්පිරිතාලවල බේබද්දන්ට තියා ඔය රණවිරුවන්ට ඕනේ කරන බෙහෙතක්වත් නැහැ කියලා හැමෝම දන්නවනේ ඉතින් මේ සල්ලි සේරම තියා සතයක්වත් ආපහු බේබද්දන්ගේ සුබ සිද්ධියට වැයවෙන්නේ නැහැ.

මිනිස්සු බොන එක අඩු කලොත් ඔයතරම් ආදායමක් ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් රට වෙනුවෙන් නිසා අපිට නොබී ඉන්නත් බැහැ.


9 අදහස්:

හපොයි.
හෙට හරේ එක්ක සෙටා වෙන්න කියල ඉන්නෙ.
මේ හදිස්සියෙම වැඩි කරලද මුන් :-(

කියලා වැඩක නැහැ ඊයෙ රෑ ඉඳලා වැඩිකරලා තියෙන්නේ. ඊයෙ සෙට් වෙන්න ඉඳලා අපි කැන්සල් කලා අපරාදෙ රුපියල් 200ක් විතර පාඩුයි ඒකෙන්

එකත් එහෙමද? මමත් බොන්න පටන් ගන්න හිතුවා විතරයි දැන් එකත් බැ ඔව් ඉතින් අපි පුවක් ගහක ගියත් දෙබලක් නේ

මම අද උදේ විමසුම.කොම් එකේ මේ නිවුස් එක දැක්ක ගමන් උබව තමයි මතක් උනේ..හික් හික්..මම හිතුව අද හවස වෙනකොට හොදවයින් ලිපියක් එලියට එයි කියල!!

මටත් ඊයේ හවස ආරංචිය ආවා.. ආව ගමන් මතක් උනේ මේ බ්ලොග් එක. ශ්‍රී ලාංකිය බේබද්දන්ගේ සංග‍මයේ ප්‍රධාන සමාජිකයෙක් මෙතනත් ඉන්නවනේ :p

කාලෙක ඉඳලා හිතේ තියෙන අදහසක්. බේබද්දන් වෙනුවෙන් සංගමයක් කෙසේවෙතත් වෙබ් අඩවියක් පටන් ගන්න කියලා.

බොන්න හොඳ තැන් ගැන , හොඳ බයිට් ගැන, හොඳ බීම මිශ්‍රන, ඊලන්නගට බොනකොට උන රස කතාගැන දාල.

වෙන ඕනෙම බීමක cocktail එකක් හොයාගන්න පුළුවන් අරක්කුවලට ඒවා නැහැ web එකේ

මචෝ මම හිතන්නේ කොහේ හරි තිබ්බා බේබද්දන්ගේ forum එකක්. හැබැයි එකේ ඉන්නේ උඹේ ජාතියේ අය නම් නෙමේ, අමු භාෂාවෙන් කතා කරන ඇත්තෝ.

යුද්ධේටත් නැති උඹලාගෙන් වවාගෙන කනවා නොවැ?

පැහැදිළිවම එකඟයි සහෝදරයගෙ කීමට. අපිත් මේ ළඟදි කතා උනා කැම්පස් එකේ තාම ඉගෙන ගන්නව උනාට මේ රටේ සංවර්ධනයට (එහෙම එකක් තියෙනව නම්) ගොඩාක් දායක වෙනව නේද කියල, අරක්කු -සිගරට් වලට බදු ගෙවල.

ඒකනේ බන් මොන කතා කිව්වත් එක පාර තහනම් කරන්නේ නැත්තේ :-D

Bloggers.com - Meet Millions of Bloggers