මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉතින් තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. ඒක පටන් ගත්ත දවස නිකන් අද ඊයේ වගේ ඒත් අවුරුද්දක්ම අපිට නොදැනීම ඉවරයි. මන් කොහේ හරි දැක්ක අපි වැඩියෙන්ම නාස්ති කරන වැඩියෙන්ම වටින දේ තමා කාලය කියලා. මොන දේ නැති උනත් අපිට ඒවා උපයා ගන්න පුළුවන් ඒත් නැති වෙන කාලය.... ජනවාරි පලවෙනිදා කියලම නැතත් හැමදාම වගේ මන් හිතනවා කලේ නාස්ති කරන්න හොඳ නැහැ මොනා හරි ප්‍රයෝජනවත් වැඩ කරන්න ඕනේ කියලා ඒත් තාම ඒක ක්‍රියාවට නන්වන්න බැරි උනා.

ඉස්සරනම් ගොඩක් වෙලාවට ජනවාරි පළවෙනිදා ඉන්නේ ඔලුව කැරකි කැරකි, ආපහු එන ඒවා උගුරේ තියාගෙන, දවසම ඉන්නේ කූල් කෝඩියල් බිබී. දැන් නම් එහෙම නැහැ බොන එක නවත්තලා නිසා නෙමෙයි දැන් ඒක හරි ගිහිල්ලා. පළවෙනිදා ක්ලාස් ගිහින් බිත්තියට ඔළුව තියාගෙන හිටපු දවසුත් තිබ්බා. දැන් නම් එහෙම නැහැ.

සමහර අයනම් හිතන්නේ පළවෙනිදා හොඳට හිටියේ නැත්නම් අවුරුද්දම එහෙමයි කියලා ඒකනම් ඉතින් අමු බොරුවක් මොකෝ පළවෙනිදා ලමයි හම්බවෙන අම්මලට මුළු අවුරුද්දේම ලමයි හම්බ වෙනවායෑ. ඒ වගේ තමයි ජනවාරි පළවෙනිදා උනත් අනික් දවස් උනත් සේරම එකයි.

ඉතින් එහෙම නම්

උදාවූ නව වසර ඔබ සැමට අති විශේෂ සුභ නව වසරක් වේවා!!!
සියළු මත්පැන් ජාතිවල මිල අඩු වේවා!!!!
මාස්පතා පඩි වැඩි වේවා!!!!!
මතට තිත නොවී හැමදාම තිතට මත්වෙන්න ලැබේවා!!!!

21 අදහස්:

චීර්ස්!
උඹටත් මචන් එසේම වේවා කියලා පතනවා!
http://twitpic.com/w221r

එලස්! අටි විශේෂ නව වසරක්!

මං කල්පනා කළේ සුදු දියමන්තියෙන් පටන් ගන්න... කවදාවත් කටේ තිව්ව ජාතිද බං?

ජනවාරි පළවෙනිදා කතාව නම් මරු. එදත් වෙනද වගේම දවසක් මිසක් ආයේ වෙන මොනවද?

කිව්වා වගේ අති විශේෂ නව වසරක්! කාලය හොඳින් ප්‍රයෝජනය ගන්න හිතෙන වසරක්!

අඩේ මරේ, මම කල්පනා කරේ අපේ අප්පොච්චා ඕවා බීලා මැරෙන්නේ නැතුව හිටියා නම් උඹට අදුන්වලා දෙන්නා තිබුනා නේද කියලා... ආතල් එකට උඹට සෙට් වෙන්න තිබ්බා උන්දෑ එක්ක... හෙ හේ..

2010 උඹට තිතට මත්වෙන්න ලැබේවා!!!!

@ ශාකුන්තල - ඔය ඉන්න විදියට ඉඳපන් හොඳ කොල්ල වගේ..
සියලු බ්ලොග් ලියන නොලියන බේබද්දන්ට ගල්, මල් සහ පොල් වලින් පිරුනු සුබ අලුත් අව්රුද්දක් වේවා!!! වැඩි වැඩියෙන් වෙරි වේවා!!!!!

මතට තිත නොවී හැමදාම තිතට මත්වෙන්න ලැබේවා!!!!

මරු කතාව... චියර්ස් මචං... උඹටත් එසේම වේවා!!!

අතිවිශේෂ..සුදු දියමන්ති.. දෙහි.. රතු රම්.. වයින්.. රතු ලේබල්.. කළු ලේබල්.. ගරුවරු.. අනම් මනම් සේරම පිරිච්ච සුභ ම සුභ නව වසරක් වේවා.. 2010 ලියන සීන් එක නම් මරේ මරු..!!

අප්පා තමයි.. මේ අවුරුද්දේ හා හා පුරා කියලා කමෙන්ට්වුක් දැම්මේ මරේගේ බ්ලොග් එකේ.. මට ශොට් එකක් දීයන්! ගණුදෙණු කලාට..

Obatath essema wewa

ගල් පොල් වලින් පිරුණු සුභ නව වසරකට...චියර්ස්

දෙයියන්ට ගහන ඒවයි...බල්ලොන්ට ගහන ඒවයි... න්ගෙන් පිරිච්ච 2010ක් වේවා!

අඩේ උඹ ඔහොම බීල බීල අන්තිමට 2010 උඹට තිත වැටෙයි බොල. ඕක පොඩ්ඩක් අඩු කරපං.

නෑ නෑ හොඳට බීපං.
බීලා කාණුවක වැටුනාම තේරෙයි කොච්චර ආතල්ද කියලා සරමත් කැඩිලා...
හ.... හා...

ඒ මොක උනත් සුභ අළුත් අවුරුද්දක්.

/බිඟුවා...!

උඹටත් අති විශේෂ නව වසරක් වේවා . . . !

ජය වේවා!! :-D

ඔය අතිවිශේෂ බොනකොට පුන්චි අපි සෑලකිලිමත් වෙන්න ඔනේ කාරනාව තමයි රට පුරාම බාල අරක්කු වෑහි වෑහෑලා බව...හොරට වෑඩිපුරම හදන්නේ අතියා කියලා සුරාබදු දෙපර්තමේන්තුවෙ වෑඩ කරන යාලුවෙකුත් මාත් එක්ක දවසක් කිව්වා..ඒ නිසා හරියට බලලා ගන්න...මොකද සමහර පලාත්වල තිබුනු මේ වගේ කර්මාන්තශාලා වෑටලූ බව අපි පත්තර වලින් දකිනවා..සමහරවිට ප්‍රමිතියකින් තොරව හදන විෂ මත්පෑන් කොයි තරම් නම් අපි බීලා ඇත්ද?මොනවහරි වෙනසක් වුනාම "වෑදුනා මාර වෑදිල්ලක් කියලා අපි අමතක කරන්න හොද නෑ...
රස වෙනස් නම් ප්‍රතිපල වෙනස් නම් හොයලා බලන්න අමතක කරන්න එපා...

මටනම් බොන එක එපා වෙන්න වැඩක් උනා බන් සති 2,3 කට කලින්. (දවස් කීයකටද දන්නෙ නැහැ හැබැයි....)
මොනව උනත් එපා වෙන්න වැදිලා හොඳටම චා උනා...

කමු බොමු වල සෙට් වෙමු

ඔය සුබ පැතුම් පත හරි ලස්සනයි

අනේ බින්කු මට ඔය විස්කි අල්ලන්නේ නැහැ බන් අනික අයිරිෂ් ඩාර්ක් පෙන්නන්න බැහැ. බොනකොට උගුරට එනවා.

අප්පේ හරේ උඹව දකින්න තියෙන අමාරුව. දැන් පතකරපු නියෝජිතයද බ්ලොග් කියවන්නේ.

ඒක හොඳයි ශාකුන්තල උඹ එදායින්ම බීම නවත්තනවා. මටනම් ඔය සුදු දියමන්තිය බිව්වම පහුවදාට එනවා මාර ඔළුවේ කැක්කුමක්. ඒත් ඉතින් මොකුත් නැත්නම් ඒකත් නොබීම ඉන්නේ නැහැ.

ඔව් චමිල, කවුද කිව්වා Same Shit Different Year කියලා.

ඔව් බන් පිස්සා උඹලෑ අප්පොච්චා මාත් එක්ක බිව්වා නම් තාම ඉන්නවා මොකෝ ඉතින් මන් බොන්නේ ඉඳලා හිටලානේ එතකොට ඉක්මනින් යන්න වෙන්නේ නැහැ.

කොහොම හරි කමක් නැහැ විජයබාහු මේ අවුරුද්දේවත් ගනන් හිලව් ටිකක් අඩු වෙනවනම්


31, 1 නම් තිතට මත් උනා චතුර.

දෙන්නම් දෙන්නම් ෂොට් එකට දෙකක්ම අරන් දෙන්නම් මලී, බුරුගෙන් අහගන්න බොන්න හොඳ එකක්. හැබෑට මේ අවුරුද්දේ අපි සෙට් වෙමු නේ දවසක, ඔය දුර ඉන්න ඈයෝ එහම ආපු වෙලාවක. (ඔය කිව්වට මම නම් එන්නේ නැහැ එලි පහලියට)

ස්තූතියි V

ස්තූතියි චින්තක

එළ එළ රචියා, ගල් පොල් විතරක් නෙවේ බන් මේ අවුරුද්දේ ඊට වඩා උසස් දේවලුත් ලැබෙනවනම් තමා හොඳ.

අයියෝ බය වෙන්න එපා කෝඩ් මැරෙන්න තරමට මන් තාම නම් බොන්නේ නැහැ.

සරම් අඳින්නේ නැහැ නේ මචං ඒක නිසා අවුලක් නැහැ. කොච්චර බිව්වත් කලිසම ඉතින් තියෙනවනේ.

චියර්ස්ස් දුකා!!!!

LG වෙරි වේවා!!!!

නිව්ස් මාස්ටර් අපිනම් පුළුවන් හැම වෙලේම ගන්නේ සුපර් මාර්කට් වලින් ඒත් ඉතින් ඒවා ගැනත් ෂුවර්ම නැහැ.

අපෝ මට ඕනේ තරම් වෙලා තියෙනවා බන් බීම එපා වෙන ඒවා. 31ත් උනා ඒත් 1 ත් බිව්වා

සෙට් වෙමු නලියා

ස්තූතියි ඔයාගේ ජීවිතය

Bloggers.com - Meet Millions of Bloggers