මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ වගේ එකක් නම් මන් තාම දැකලා නැහැ ඒත් සිරසේ ගිය බුක් මාර්ක් කියන එක ටිකක් මේ වගේ කියලා මට හිතෙන්නේ. අජිත් ගලප්පත්තිගේ සහෘද සටහන් පොතේත් තියෙනවා මේ වගේ වැඩසටහනක් ගැන. ඉතින් මේ කෑම, බීම ගැන රූපවාහිනී වැඩසටහන නෙමෙයි පොත් ගැන එකක්. කාවද ගන්නේ ඉදිරිපත් කරන්න. මේ දෙන්න කොහොමද? දුකා එක්ක එල්ජී.

වැඩසටහන පෙල ගැහෙන්න හිතුවේ මෙහෙමයි. පොතක් තෝර ගන්නවා ඒක ලියපු කෙනයි, එක පොත් කඩේකුයි , පාර අයිනේ තියෙන ලාබෙට පොත් විකුනන තැනකුයි, තෝරගත්ත පොත කියවපු අයයි, පොත ගැන කියන්න දෙතුන් දෙනෙකුයි, ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පුස්ථකාලෙකුයි.

මුලින්ම තෝරගත්ත පොතෙන් ටිකක් කියවලා ලියපු කෙනාගෙන් ඒ පොත ලිවීම ගැන අහනවා. ටිකකින් ඔය පොත් කඩේ පෙන්නනවා. ඊට පස්සේ ඒ පොත කියවපු සාමාන්‍ය රසික රසිකාවියෝ දෙතුන් දෙනෙක්ගේ අදහන් විමසනවා. ඔය අතරේ මුළු වැඩසටහන පුරාම කඩින් කඩ අර තෝරගත්ත පොත ලියපු කෙනාගේ කතාබහත් යනවා. ඔය අතරේ අර පාර අයිනේ පොත් තියෙන තැනක් පෙන්නලා ඒක අයිති කෙනා එක්කත් පොඩි කතාබහක් කරනවා. පොත කියවපු ටිකක දැන උගත් කෙනෙක්ගේ අදහසුත් ඔය අතරේ දානවා.

අවසාන හරියේ පුස්ථකාලෙටත් ගොඩ වැදිලා ඒකේ විස්තරයකුත් දානවා. අන්තිමටම වගේ යන්නේ. අළුතින් නිකුත් වෙච්ච පොත් ගැන, පොත් එළිදැක්වීමේ උත්සව, පොත් ප්‍රදර්ශන සහ පොත් වලට සම්බන්ද තවත් කටයුතු ගැන විස්තර.

අපේ රටේ පොත් ප්‍රදර්ශනයේදි ඇරෙන්න පොත් කියන්නේ එච්චර ජනප්‍රිය දෙයක් නොවන නිසා මන් හිතන්නේ නම් නැහැ මේ වගේ එකකට අනුග්‍රාහකයෝ හොයා ගන්න නම් ලේසි වෙයි කියලා.

2 අදහස්:

මොනව වුනත් හොඳ අයිඩියා පොඩ්ඩක් මරේ..... කරල බලන්න බැරි වෙන එකක් නෑ.

ඔයාටත් එන්නේ නියම අයිඩියාස් නේ..

කිව්වත් වගේ ස්පොන්ස කරන්න නම් කෙනෙක් හොයා ගන්න එක අමාරු වෙයි..

Bloggers.com - Meet Millions of Bloggers