මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවසක මගේ ප්‍රියතම පානය බොද්දි අපි තුන් දෙනෙක් වොඩ්කා බෝතලෙන් බාගයක් ඉවරකරනකොට කෝකා කෝලා ලීටර 2ක් විතර ඉවර කරලා. ඇත්තෙන්ම බැළුවම අපි බීලා තියෙන්නේ කොකා කෝලා. කොකා කෝලා දාල බොද්දි කොච්චර හොඳ බීමක උනත් රස නෙමෙයි අපිට තේරෙන්නේ කොකා කෝලා වල රස ඒත් මොනා කරන්නද කෝකා කෝලා වලට හොඳ ආදේශකයක් තාම නම් මට හම්බ වෙලා නැහැ. මයි කෝලා, ෂා කෝලා, පෙප්සි වගෙ ජාති කීපයක් තිබ්බත් ඒ එකක්වත් මටනම් කෝකා කෝලා අහලකින්වත් තියන්න බැහැ.

ඇල්කොහොල් කියන්නේ කොහොමත් ඇඟට වැඩිය ගුණ ජාතියක් නෙමෙයිනේ ඉතින් ඒකට තව ඊටත් වඩා ඇඟට හොඳ නැති කෝකා කෝලාත් දාලා බිව්වම ඉත්න් අපේ සරීරයට ටිකක් ඔරොත්තු නොදෙන්න පුළුවන්.

ඔය සමහර තැන්වල නම් කෝකා කෝලා පොඩ්ඩක් දාලා කෝප්ප පිරෙන්න අයිස් කැට දාලා එක එක ගනන් වලට විකුනනවා. කෝප්පේ ලොකු පොඩි උනත් දාන කෝකා කෝලා ප්‍රමානයනම් එකයිලු වෙනස් වෙන්නේ දාන අයිස් කැට ප්‍රමානය කියලා කව්දෝ කිව්වා. ඒකේ ඇත්ත නැත්ත නම් මන් දන්නේ නැහැ. සමහර තැන්වල කෝකා කෝලා එක වීදුරුවකට දාලා ඒකට දෙහි කෑල්ලකුත් දාලයි විකුනන්නේ. ඒකේ ගාන නම් ටිකක් සැරයි හැබැයි රසනම් නියමයි. නිකන් කෝකා කෝලා එකකට වඩා දෙහි පෙත්තක් දාපු එකක අමුතු රසක් තියෙනවා වගේ මටනම් දැනෙන්නේ.

අපි ඉතින් ලේසියට පහසුවට වැඩිපුර ගන්නේ ලීටර එකහමාරේ, බාගේ ප්ලස්ටික් බෝතල්නේ ඒත් මේ ප්ලස්ටික් බෝතල්වල තියෙන ගොඩක් ඒවායේ රැස් ගිහින්. ඒක නිසා මන් හිතන්නේ වීදුරු බෝතලේ තියෙන එකේ රස ටිකක් වැඩී ප්ලස්ටික් බෝතලේ තියෙන ඒවාට වඩා.

කෝකා කෝලා කියන්නේ ඇමරිකාව අඟවන සලකුණක් වගේ හින්දද මන්දා ගොඩක් මුස්ලිම් කඩවල කෝකා කෝලා විකුනන්නේ නැහැ. අනික් ටවුන් ගැන නම් මන් හරියටම දන්නේ නැහැ ඒත් දෙහිවල තියෙන ගොඩක් මුස්ලිම් කඩවල කෝකා කෝලා නැහැ පෙප්සි තමා තියෙන්නේ.

කෝකා කෝලා ගැන කියවෙන නොයෙක් ඊමේල් මටත් ලැබිලා තියෙනවා. කෝකා කෝලා භාවිතා කරලා අරවා මේවා කරන්න පුළුවන් වගේ කියන කතා තියෙන, ඒ වගේම සමහර වීඩියෝ හිටන් දකින්න ලැබිලා තියෙනවා ඒත් ඒ එකකින් වත් මන් කෝකා කෝලා බොන එකට කිසිම බලපෑමක් නම් කරන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි ඒක් තියෙනවා මන් කෝකා කෝලා නම් නිකන් බොන්නේ හරිම කලාතුරකින් අනිවාර්යෙන්ම ඒකට ඇල්කොහොල් නම් දාගෙනම තමා බොන්නේ.

11 අදහස්:

මම නං මාස කීපයකට කලින් කොකාකෝලා බීම නතර කළා. ඕක අන්තිම නරක බීම ජාතියක්. ඒත් ඉතින් රසයි නං තමයි. ඒ රසට ගහන්න වෙන බීමක් නං නෑ...

මට කොකා කෝලා බොන එකනම් නවත්තන එක සිම්පල් ඒත් අනික්වා තමා අවුල. එතකොට නිකම්ම කොකා කෝලත් පෙවෙනවනේ.

මම නම් වැඩිය සැන්ඩි කරන්නේ නෑ මරේ. එතකොට ඒකේ ගෑස් එක එනව උගුරට. මටත් එක්ක කොකා කෝලා බොන්නේ අනිත් එවුන් තමයි.

අඩුවෙන් සැන්ඩි දාල බොන්න අමාරුයි බන් . ඒක නිසා වැඩිපුර පෙවෙන්නේ කෝක්

හායි මරේ :)

මම නම් දැන් සැන්ඩි දාන්නෙම නෑ. ඒ වුණාට දැන් පෙවෙන්නෙ මාසෙකට වැඩිම වුණොත් දෙපාරයි :(

අප්පේ උඹව දැක්ක කල්. හොඳින් ඉන්නවා ඇතැයි සිතමි..... ඉතින් ඉතින් කොහොමද ජීවිතේ..... ඔහොම තමයි ඉතින් පිලිවෙලක් වෙනකොට කාර්ය බහුල වෙනව. තව ඉස්සරහට මාසෙකට එකපාරක්වත් බොන්න ලැබෙයිද දන්නේ නැහැ

mallita sini suwar ohoma yan

කොකා කෝලා කොහොමත සැන්ඩි කරන්න හොද දෙයක් නෙවේ.එකෙන් ඩ්‍රින්ක් එකේ ටේස්ට් එක එහෙම පිටින්ම නැති වෙනවා.අනිත් එක වොඩ්කා වලට කොකා කෝලා කොහොමත් හරියනව අඩුයි.ඩ්‍රින්ක් එක අනුවත් සැන්ඩි කරන දෙ වෙනස් කරන්න ඔනෙ..උදාහරණයක් විදිහට whisky වලට හරියන්නෙ ICE එක්ක සෝඩා ම තමයි..වොඩකා වලට නම් sunquick එක තමඉ..GIN වලට ටොනික්..කොකා කෝලා හරියනව Rud Rum වලට සහ සමහර brandy වලට.ඔන්න ඔය වගේ..කොහොමත් ඕනවට වඩා කිසිම දෙයක් සැන්ඩි කරන එක තේරුමක් නැහැ.

බීලා මැරියං!!!

ආ... මරණෙ ලොක්කා... ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මං බ්ලොග් ලියන්න සෙට් උනා...

කොකා-කෝලා, මටනම් ජලයට පමණක් දෙවැනි පානය... සෑහෙන කාලයක් ඇබ්බැහි වෙලා ඉඳල බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ දැන්. ඒකට හේතුව මම දවසක් කෝක් මෙගා එකක් තනියෙන් බීල මට දවසක් විතර නින්ද යන්නේ නැතුව තිබ්බ... ඒකෙ තියෙන කැෆේන් වල සැර ගැන මට තේරුණේ එදා තමා. ඊට පස්සෙ ඔය නිදි වර්ජිතව ඉන්න ඡන්ද දවසක් ආවම මෙගා දෙකක්ම ගේනව. එකක් මදි... මොකද අපෙ සහෝදරයා ලීටරයකට වගකියනව. ඔය කොකා-කෝල කියන නම හැදිල තියෙන්නෙ කොකා (කොකේන්) සහ කෝලා (කැෆෙන් නිපදවීමට පත්‍ර ගන්න ශාකයේ නම ) යන නම් එකතු කරල. ඔරිජිනල් කොකා-කෝලා වල කොකේන් තිබ්බත් දැන් ඒකෙ රසකාරකය විතරයි එකතු කරන්නෙ.. (ඔරිජිනල් කොකේන් තිබ්බනම් මරු නේ??? )

හලෝ මචන් කොහෙද මෙච්චර කල් අන්තරස්දාන උනේ.

කොකා කෝලා මෙච්චර හොඳ නම් ඉතින් කොකේන් ගැන මොන කතාද??

Bloggers.com - Meet Millions of Bloggers