මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

බීම ඇරුනම මන් වැඩියෙන්ම කතාකරන්න කැමති මාතෘකාවනේ පොත් කියන්නේ. ඉතින් පොත් ගැන ටිකක් ලියන්න හිතුනා.

අපි කියවන පොත් වලින් සමහර පොත් තියෙනවා ආයි ආයි කියවන්න ආස හිතෙන ඒවා. සමහර ඒවා නම් සල්ලි දීල අර ගත්තත් එක පාරක්වත් කියවන්න හිතෙන්නේ නැහැ මගදිම එපා වෙනවා. මන් ගාවත් එහෙම කියවපු නැති පොත් තියෙනවා. ඒත් මන් මේ කියන්න හදන්නේ ආයි ආයි කියවපු පොත් ගැන.

පොඩිම කාලේ ආයි ආයි කියවපු කතා පොතක් තමා "ලස්සන වසීලිස්සා" මේක නම් පොඩිම කාලෙ නෙමෙයි දැන් උනත් ආපහු කියවන්න ආසා හිතෙන පොතක්. කීය වසරෙද කියලා මතක නැහැ ඒත් ඉස්කොලේ සිංහල පොතක තිබ්බ දොන් පීටර් පියතුමාගේ "වනගත ලමෝ" පොතේ කොටසක් ඒක නිසා ගත්ත "වනගත ලමෝ" පොතත් කීප සැරයක්ම කියෙව්වා. එතුමාගේම "ඩිංකි", "පාළු දූපත", "අමල්ගේ බල්ලා" එකපාරකට වඩා කියවලා තියෙනවා. මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ "මඩොල් දූවත්" මන් හිතන්නේ පස් හය පාරක් කියවලා ඇති. කුලසේන ෆොන්සේකා මහත්මයා ලියපු "තුන් යහළු වික්‍රමය", "කල්ලන් දූවේ මුතු කොල්ලය" සහ "සෝමපුර වීරයෝ", තව ලිව්වේ කවුද කියලා මතක නැති "නෙල්ලි කැලේ වීරයෝ", "කඩවර" වගේ පොතුත් එකපරකට වඩා කියවලා තියෙනවා.

කලින් කිව්වේ ඉස්කොලේ යන කාලේ වගේ දෙපාරක් කියවපු පොත් ගැන. ඊට පස්සේ කාලේ ගත්ත පොත්වලින් චිත්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පරිවර්ථනය කරපු "අරණට පෙම් බැඳි" දෙතුන් පාරක් කියෙව්වා. සුනේත්‍රා රාජකරුණානයකගේ "ප්‍රේම පුරාණය" දෙපාරකටත් වඩා බලන්න ඇති. සරත්චන්ද්‍රයන්ගේ "මළ ගිය ඇත්තෝ", "මළ උන්ගේ අවුරුදු දා" දිනෙෂ් කොළඹගේ ගේ "සුළඟ වගේ ඇවිදින්", චන්දරසිරි දොඩංගොඩගේ "මගේ සඳ ඔබ" එඩ්වඩ් මල්ලවාරච්චිගේ "චාතුර්යා 1 " එක පාරකට වඩා කියවපු තවත් පොත්. සමහර පොත් වල මුළු පොතම නැතුව පොඩි පොඩි කෑලි ආපහු කියවනවා. සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොඳ මීදුම් 1" පොතේ සමහර පිටු ආයි ආයි බැලුවා කියලා මට මතකයි

මෑත කාලේදි ගත්ත පොත් වලින් නම් දෙපාරක් කියවපු පොතක් නැති තරම්. මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව" ඇරෙන්න එහෙම දෙපාරක් කියවන්න ආස හිතෙන පොතක් ලඟදි නම් ගත්තේ නැහැ.

සේරම පොත් අතරින් මන් වැඩිම පාරක් කියවපු පොත තමා දිනේෂ් කොළඹගේ ගේ "සුලඟ වගේ ඇවිදින්" මේක නම් කීපාරක් කියෙව්වද මතක නැහැ.

එකපාරක් බැලුවට පස්සේ පොතක අවසානය ගැන තියෙන කුතුහලයනම් නැති වෙනවා ඒත් ආයි ආයි පොතක් බලන්නේ හිතෙන්නේ එහෙම ආයි ආයි කියවලත් ඒකෙන් අමුත් ගතියක් ලැබෙන නිසා කියලා මට නම් හිතෙන්නේ

පොත් වලට කැමති කට්ටිය අළුත් වැඩක් කරනව ඒකත් නිකන් ඉන්න වෙලාවක ගිහින් බලන්න.

9 අදහස්:

බොන්න... ඕකේ සෙට් වෙමු එහෙනම් ඉතින්.
/නිශාන්ත

පොත් කියවන එක නම් හොඳ පුරුද්දක්. දැන් ඉතින් කාලය පිළිබඳ ප්‍රශ්නත් තියෙන නිසා ඒක කෙරෙන්නේ නැති තරම්.

mage list eka (deparakata wadaa kiyawapu poth list eka) nam oyita wadiya godak digai ban . . . !

සුලඟ වගේ ඇවිදින් ගැන නම් කථා මොකටද මගෙ ජීවිතේටම කියවලා තියෙන්නෙ නවකථා පොතක් විත‍්රයි ඒ සුලඟ වගේ ඇවිදින්

මම නම් වැඩිම වාර ගානක් කියවල තියෙන්නෙ ශුද්ධ වූ බයිබලය.මගෙ ගාව විවිධ නිකායන්ට අයිති බයිබල් එකතුවක් තියෙනව.

වැඩිම වාර ගානක් කියවපු අනෙක් පොත් තමයි "Taslima Nasrin" ගෙ "Lajja" හා "French Lover" කියන පොත් 2.

ලස්සන වසිලීස්සා කියන්නේ මමත් කෑමතිම පොතක් මං ඒක එක දවසි කියවලා ඉවර කලා.එදා මන් කෑවෙ එහෙම නෑ.මතක් උනෙත් නෑ.පොඩි කාලෙ හොදේ

දෙපාරක් කියවපු පොත් නේද? ඒ‍වා එහෙම කියන්න හරි අමාරුයි.. පොඩි කාලේ මං ලග තිබ්බ රුසියන් ළමා චිත්‍රකථා පොතෙන් පටන් ගත්තම චිං චිං ගේ ලෝකය, ආඩම්බර සෙන්පතියා, කඩමාලි,හීන් සැරය,වගේ තව ගොඩක් පොත් දෙපාරකට වඩා කියවලා ඇති ඒවා සේරම මගේ ළග තිබ්බ ඒවා නිසා.. ස්කෝලේ යනකාලෙදි මට හම්බ උනා යාළුවෙක්ගේ පොතක් නුවරට පිපුණු මලක් කියලා. මම ඒක එයාගෙන් 5-6 සැරයක්ම ඉල්ලගෙන කියවන්න ඇති.. ඒ ඇරුණම ඒ කාලේ මං ළග තිබ්බ පොත් සේරම ගොඩක් සැරයක් කියවලා තියනවා..
මම මටම කියලා සල්ලි දීලා ගත්ත මුල්ම නවකථා පොත තමයි සුළග වගේ ඇවිදින්.. අනේ මන්දා කී සැරයක් කියෙව්වද කියලා.. මගේ අක්කා කෙනෙක් ඒක නැති කලා නේ. එයින් පස්සේ මේ ලගදි නෙට් එකෙනුත් එකේ කොපි එකක් අරන් කියවන්න පුළුවන් උ‍නා. චාතුර්යා,බොද මීදුම්,සින්දූර්,වර්ශා වගේ සුජිව ගේ පොත් සෙට් එකම දෙපාර ගානේ වගේ කියවලා තියනවා.
ඔය අතරින් මැතකදි වැඩිම වතාවක් කියවලා තියෙන්නේ අම්මා.. මුළින්ම 6 වසරෙදි කියෙව්වේ .. එදා ඉදන් හැම අවුරුද්දකම වගේ කියවලා අළුතෙන් රස විදිනවා.. දැන් නම් දෙපාර ගානේ කියවනවා හරිම අඩුයි.. දැනට ගෙදර නොකියපු පොත්ම 10+ තියනවා වෙලාවක් නැති කම හින්දා

මලී කිව්වමනේ මට මතම් වුනේ, නුවරට පිපුණු මලක්! හික්ස්..මම ඒකතාවට පොඩි කාලේ මාර ආසයි..කියවලා ඇති 10 පාරකව වඩා..

පොඩි කාලේ නම් මම ගොඩක් ආසාවෙන් දෙතුන් පාර කියෙව්වා, කල්ලන්දූවේ මුතු කොල්ලය, පැපොල් ගහ කන්ද, වන ගත ලමෝ, අමල්ගේ බල්ලා, Famous Five, සොවියට් රුසියන් කෙටිකතා, රස කතා, බේල්කින්ගේ කතා, රතු රුවල්, ඔය වගේ..ලිස්ට් එක දිගයි..සමහර ඒවගේ නම් මතකත් නෑ.

ඊට පස්සෙ කාලෙකදි, ඡමීලා, හඩනු මැන නිදහස, සත්යවාදියෙකුගේ දින පොද, ප්‍රේම පුරාණය, The Alchemist

දුකා අයියා කිව්වා වගේ, මගේ ලිස්ට් එකත් ගොඩක් දිගයි..මේ දෙනට මට්ක් වුන ටිකක් විතරයි මෙතන ලිව්වේ

මම වැඩිම වාරයක් කියවපු පොත ලස්සන වසිලීස්සා වෙන්න ඇති..ඒක මට තාත්තා ගෙනත් දුන්නෙ 2 වසරෙදි..තාමත් තියෙනවා.
සමහර පොත් කොච්චර ආස උනත් දුක හිතෙන නිසා එක පාරකට වඩා කියවන්න හිත දෙන්නෙ නෑ - කැළෑ හඳ වගේ පොත්.
Jane Eyre තමයි මගෙ ලඟ නැතිඋනත්, කිහිප වරක්ම BC පුස්තකාලෙන් අරගෙන කියවන පොත :) සමහර දෙබස් කට පාඩම්!
දැන් නම් සිංහල පොත් වැඩිය කියවෙනනෙ නෑ. ඉතින් මේ දවස් වල දෙවෙනි පාරට ආසාවෙන් කියවන්නෙ Gone with the wind :)

Bloggers.com - Meet Millions of Bloggers