මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


පළතුරු කියපු ගමන් මට මතක් වෙන්නේ මංජුල වෙඩිවර්ධණගේ බත්තලංගුණ්ඩුවේ තිබ්බ පළතුරු ඒත් ඒ පළතුරු වල නම් රස බලන්න මට තාම නම් වාසනාවක් ලැබිලා නැහැ. ඒ පළතුරු නම් හොඳටම දන්න කියන එකෙනෙක්ගෙන් අරගෙන් මිසක් රසබලන එකත් ටිකක් විතර භයානකයිනේ. ඒත් මන් මේ කියන්න හැදුවේ ගස් වැල් වල හැදෙන පළතුරු ගැන.

මන් කන්න කැමතිම කෑමක් තමා පළතුරු කියන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න පළතුරු කන්න අකමැති අය මට හම්බ වෙලා නැහැ. මන් කන්නේ නැහැ කියලා කියන්න කිසිම පළතුරුක් නම් නැහැ ඒත් ලංකාවේ හැදෙන්නේ නැති ඇපල්, දොඩම්, මිදි, පෙයාර්ස් වගේ ඒවා කොච්චර කන්න ආස උනත් නොකා ඉන්න උත්සාහ කරන්නේ කඩලා මාස ගානක් යනකනුත් ඔය විදිහට තියා ගන්න කොච්චර බෙහෙත් ජාති දානවද කියලා හිතෙන නිසා

කවුරු හරි ඇහුවොත් මන් ආසම පළතුරු මොකද්ද කියලා ඒකට නම් එකක් කියන්න බැහැ. අඹ, රඹුටන්, මැංගුස්, දූරියන් වලට අනික් ඒවාට වඩා ටිකක් වැඩිපුර කැමතියි. අමුවෙන් කනවනම් වෙරළු, පේර වලටත් , ඉදිලා කනවනම් අඹ, වැල, වරකා, ඇඹරැල්ලා වලටත්, උයලා කනවා නම් කොස්, අඹ වලටත් අනික් ඒවාට වඩා ටිකක් විශේෂයක් දක්වනවා.

පළතුරු කියන්නේ කන්න විතරක් නෙමෙයි බොන්නත් පුළුවන් ජාතියක්නේ. එතකොටනම් අංක එකට එන්නේ අලිගැට පේර ඊලඟට දිවුල්. අඹ ගස්ලබුත් බොන්න නම් කැමතියි. ජින් බොනකොට දෙහි ටිකකුත් වොඩ්කා බොන්න දොඩම් යුෂත් තිබ්බනම් ඉතින් කියලා වැඩක් නැහැ.

අපේ රටේ හැදෙන්නේ නැති පළතුරු ජාතියක් නැහැ ඒත් අවාසනාවට වෙළඳපොළේ තියෙන පලතුරු ගැනනම් කාටවත් විශ්වාස කරන්න බැහැ ලස්සනට ලොකුවට තියෙන්නේ දාන්න පුළුවන් උපරිමේටම වස විස එකතු කරලා. ඒක නිසා අපේම කියලා වවාගෙන කෑවොත් මිසක් වස විස නැති කෙසෙල් ගෙඩියක් වත් කඩෙන් අරන් කනව නම් බොරු

පළතුරු කියන්නේ මාර ජාතියක්. අමුවෙන් කන්නත් පුළුවන් , ඉදිලා කන්නත් පුළුවන්, වෙලලා කන්නත් පුළුවන්, උයලා කන්නත් පුළුවන්, ලුණු මිරිස් කුඩු දාලා අච්චාරු කන්නත් පුළුවන් ඒ සේරටම වඩා වැඩියෙන්ම වැදගත් බයිට් එකට කන්නත් පුළුවන් ජාතියක්.

ඡායාරූපය මෙතනින්

10 අදහස්:

පළතුරු කන එක සෞඛ්‍යට හොඳයි. කොහෙන් හරි පළතුරු අස්සෙන් ආසම බීමත් රිංගගෙන එනව නේද.

මොකක් ගැන කිව්වත් ඒක අමතක කරන්න බැහැනේ බන්

ඒක ඇත්ත ඒක ඇත්ත..... ඒකේ තියෙන්නේ පුදුම කික් එකක්නේ.

පලතුරු කිව්වාම මටත් මතක් වුනේ බත්තලංගුණ්ඩුවේ පලතුරු.

මහත්තය පලතුරු වලින් පෙරපු කසිප්පු බීල තියනවද කවද හරි? පලතුරු වල තියන තවත් එක වටිනා ප්‍රයෝජනයක් තමයි ඒක... කන බොන මනුස්සය වෙලත් ඕක මතක් උනෙ නැති එක පුදුමයි...

ඒක එහෙම අමතක වෙනවද මුලින්ම කියලා තියෙන්නේ ඒ ගැන තමා "මංජුල වෙඩිවර්ධණගේ බත්තලංගුණ්ඩුවේ තිබ්බ පළතුරු" මේ කියන්නේ ඒවා ගැන තමා

ආ..මාත් කියවන්න ඕන් අඔය බත්තලගුණ්ඩුව පොත!

ඊයා... දුරියන්..!!! බ්ලැක්කා...!!!
මම නොකන එකම පලතුර තමයි දූරියන්.. ඒ හැර ඕනම දෙයක් හා..

හැබැයි ඉතිං රස ගැන සලකලා ලංකාවේ පලතුරු කඩ වලින් ගන්න ගියොත් කෙසෙල් විතරයි ගන්න තියෙන්නේ.. අඹ..ගස්ලබු දෙකම කාබයිට් දාලානේ ඉදවන්නේ.. මෙලෝ රහක් නෑ.. ඒ නිසා ගෙදරම හැ‍දෙන පලතුරු තමා හොදම

මමනම් කැමතිම අඹ වලට. ඒත් මම වැඩියෙන්ම ගෙදර ගෙනියන්නේ අන්නාසිලු.
හා ඇයි ඒ???

/නිශාන්ත

එක පාරක් දුරියන් කෑවොත් නම් දෙවෙනි පාර අනිවා කනවා...

Bloggers.com - Meet Millions of Bloggers