මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් ඉතින් වයසක මනුස්සයනේ ඉතින් මට මතක ටීවී වැඩසටහන් සේරම වගේ දැනට අවුරුදු දහයකට විතර කලින් ටීවී එකේ ගියපු ඒවා. මේ පොඩ්ඩක් ලියන්න හදන්නේ ඒවා ගැන.

ඉස්සරම කාලේනම් ගිය ටෙලිනාට්‍ය ගැන එච්චරම මතකයක් නැහැ. ඒ කාලේ දැන් වගේ හැමදාම ටෙලිනාට්‍ය ගියාද මන්දා. මන් හිතන්නේ පරණම මතක ටෙලිනාට්‍ය තමා "කෝපි කඩේ" තාමත් "කෝපි කඩේ" ගියා දැන්නම් බලපු කාලයක් මතක නැහැ. මේවා නම් පරණමද මන්දා ඒත් කාලෙකට කලින් බැලුවා කියලා මතකයි. බෝඩිම, අසල්වැඩියෝ, පලිඟු මැණිකේ, දූදරුවෝ, සුසීමා ඒගේ ඒවා.

ටෙලිනාට්‍ය ඇරුනම ගොඩක්ම බලන්න ඇත්තේ ටීවී එකේ යන ඉංග්‍රීසි කතා. මන්කි කියල එකක් බැලුවා මතකයි ගොඩක් කාලෙකට ඉස්සර. ඒකටනම් පුදුම ආසාවක් තිබ්බ ඒ කාලේ. නයිට් රයිඩර්, ටාසන් (පස්සෙ කාලෙක සිරසේ ගිය එක නෙමෙයි), කුංග්ෆු වලටත් පිස්සු හැදිලා හිටියා.

ඊට ටිකක් පස්සේ කාලේ නම් ඕෂන් ගර්ල්, ස්පෙල් බයින්ඩර්, ජැක් ඇන්ඩ් ජිල්, සෙක්ස් ඇන්ඩ් ද සිටි, සූර පප්පා ගොඩක් ආසාවෙන් බැලුවා. ටෙලි නාට්‍ය දෙක තුනම් බැලුවත් ඒවායේ නම් නම් හරියටම මතක නැහැ. හිරුට මුවාවෙන්, ගැහැණු ලමයි, ඉටිපහන්, සින්තටික් සිහිනය, අකාල සන්ද්‍යා, දණ්ඩුබස්නාමානය, සබඳ පබිලිස්, සකිසඳ එලියස් වගේ ඒවා දිගටම වගේ බැලුවා. මන් හිතන්නේ අන්තිමටම බලපු ටෙලිනාට්‍ය සබඳ පබිලිස් ද කොහෙද .ඊට පස්සේ ඒක්වත් දිගටම බැලුවේ නැහැ.

මන් හිතන්නේ වැඩිම සැරයයක් ටීවී එක බලපු වැඩසටහන තමා රොබින් හුඩ් (දැන් යන අළුත් එක නම් නෙමෙයි පරන එක). දොස්තර හොඳ හිත වගේ කාටූන් තාමත් බලන්න ආසයි. සූර පප්පත් ආයි ආයි බලන්න පුළුවන්.

සකිසඳ එලියස් වගේ ටෙලිනාට්‍යක් නම් ආයිත් බලන්න පුළුවන්. අශෝක හඳගම , ජයන්ත චන්ද්‍රසිරි හදපු සේරම ටෙලිනාට්‍ය ආසවෙන් බැලුවා. ඇල්ල ලඟ වලව්ව වගේ ඒකක් වැඩිපුරම බැලුවේ ඇස් පියාගෙන. ඒත් දැන් පරණ ටීවී වැඩසටහන් බලනකොට ඒවායේ පාටවල් නිකන් පරණ පාටයි වගේ. දැන් තියෙන ඒවායේ තියෙන්නේ ගොඩක් ඇත්තම වගේ පාටවල් නේ.

සමහර ඒවානම් බැලුවේ ඒවායේ රඟපාන නිලියෝ නිසා. ජෙසිකා ඇල්බා නිසා ඩාර්ක් ඒන්ජල්, තවත් කවුදෝ නිසා මෙල් රොස් ප්ලේස් කියලා එකකුත්, ජේන් නිසා සිරසේ ගිය ටාසන්, ඕෂන් ගර්ල් නිසා ඒකත් බොහොම උනන්දුවෙන් බැලුවා. අපේ නිළියෝ නිසාත් සමහර ටෙලිනාට්‍ය කට ඇරගෙන බැලුවා.

ඉස්සර තිබ්බේ ටීවී චැනල් දෙකයි තුනයි නිසා වැඩිය අවුලක් නැතුව ටීවී බලන්න පුළුවන් උනත් දැන් නම් පවුලේ හැමෝටම එක ටීවී එක ගානේ නැතනම් ඇණ කොටා ගන්නේ නැතුව ටීවී බලනවා කීයන එක බොරුවක්

12 අදහස්:

පරන සුන්දර අතීතෙකට උඹ අපිව අරගෙන ගියා වගේ දැනුනා . ..

මචං . . "ඉඳිකඩ අස්න නාට්‍ය" මතක නැද්ද ?? අචලා අලස්, ශ්‍රියන්ත මෙන්ඩි, රොජර් සෙනෙවිරත්න හිටපු . . මාර ලස්සන නාට්‍යයක් . ..

මම ඉතින් පොඩි එකානේ තාමත් කා‍ටුන් එහෙම බලන්න ආසයි.

මම පොඩි කාලේ ඕවට ඇර තව මොකද්ද space ship ගැන තියෙන කතා දෙක තුනකුත් බැලුවා. දැන් නම් මතක නෑ.

ඇයි දූදරුවෝ.. නැදෑයෝ.. ඒ වගේ හෙන පවුල් කථා සෙට් එකක් ම තිබ්බා ඒ කාලේ.. දැන් වගේ නෙවෙයි නේ.. සතියට එක දවසයි.. සතියේ දවස් හතේ කථා 7 කට පාඩම් තිබ්බ කාලවලුත් තිබ්බා.. දැන් නම් නෝ අයිඩියා..

ඔයිට අමතරව ලුයිස් ඇන්ඩ් ක්ලාක් (සුපර් මෑන්) එතකොට ස්පෙල් බයින්ඩර් එකේ 2 වෙනි කොටස තව මොකක්ද අර වර්ජිල් කියලා ආටිෆිශල් ඉන්ටලිජන්ට්ස් එකක් ගැන තිබ්බ ලමා කථාව තම රෙලික් හන්ටර්.. තව ආර්ට් ඇටැක්.. ඒවා තමා දත කාගෙන බැලුවේ..

@ chamila_dealwis! space ship ekak gana tibunu katawa "blake seven" neda??? "star track" ekat ea wage space ship ekaka katawak mataka hatiyata . ..

දුකා,

start trek නෙවෙයි කියලා ෂුවර්,ඇන්ඩ්‍රොමීඩා, ඔය වගේ නම් තිබුනේ... :)

ඇයි අප්පා ඔෂීන් මතක නැද්ද? දැන් යන මෙගා වලට වඩා කොච්චර ලස්සනද ඉස්සර බලපු ටෙලි නට්‍ය.

හැබෑට ඔෂීන් අමතක උනානේ. ඒකත් වරදන්නේ නැතුව බැලුවා

මට මතකයි පොඩි කාලෙ 'ඉඳි ආප්ප' කතාවක් ආසාවෙන් බැලුව- අර චකබ්ලාස් සීන් එක එහෙම තිබ්බෙ - නම මතක නෑ.
ඉස්කෝලෙ යනකොට පිස්සුවෙන් බැලුවෙ X-Files.. එතකොට Dark angel - කාලයක් මගේ මේල් ඇඩ්‍රස් එකටත් ඒක දාගෙන හිටියෙ - හිකිස් - හැබැයි මම නම් ජෙසිකා ඇල්බ නිසා නෙවේ ඒකෙ හිටපු නළුව නිසයි බැලුවෙ. :P
තව... star gate, dark skies, jack & jill, අම්මෝ ඇයි dawson's creek ...

මමත් ඔය කියලා තියෙන වැඩසටහන් බොහෝමයක් වගේ බලලා තියෙනවා. කෝපි කඩේ මම මේ මෑතක් වෙනක්ම් බැළුවා. දැන්නම් කෝපිකඩෙත් කඩේ යන නිසා බලන්න අප්පිරියයි අප්පා! දැනටත් හොද වැඩසටහන් ටෙලිනාට්‍ය අපේ රටේ ටීවි චැනල් වල නොයනවම නෙවෙයි. හොඳඒවා තෝරගෙන බේරගෙන බලන්න පුළුවනි. හැබැයි ගෙදර පොදු ටී‍වි එකේ ඒක කරන්න අමාරුයි.

කොහොම වුනත් ටීවි එක මට නම් හොඳයාළුවෙක්!

මට නම් පෙන්න්න බැරි එකක් තමා ටීවී එක දැන්. කනක් ඇහිලා ඉන්න දෙන්නේවත් නැහැනේ, අපේ ගෙදර දාන්නෙත් ගමටම ඇහෙන්න

Bloggers.com - Meet Millions of Bloggers