මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපිට ඉතින් සිංහල බාසාවෙන් යනකොට කියන්න එකක් නැහැනේ. මොකෝ ගිහින් එන්නම් 2009 කියන්නයෑ. 2009 ආයි ආපහු කවදාවත් එන එකක්යැ. ඒක නිසා යනකොටයි එනකොටයි දෙකටම කියන්න තියෙන්නේ ආයුබෝවන් තමා.

ඕන් ඉතින් 2009 ත් ඉවරයි හෙට ඉඳලා 2010 දිනේ ලියන්න ගියාම ටික දවසක් යනකම් ටිකක් අවුල් වෙයි මොකො 200 ලියලනේ අපි අනික් ඉලක්කම ගැන හිතන්නේ. ඒත් ඒක ටික දවසකින් හරියයි.

මේ අවුරුද්දට ලියන අවසාන බ්ලොග් ලිපිය. අද රෑට ඉතින් මොන මොනා හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ. හෙට ඉඳන් නව වසරක් උනාට මගේ නම් කිසිම දෙයක් අළුත් වෙන එකක් නැහැ. කවදාවත් මට ජනවාරි පළවෙනිදා කියලා අළුත් බලාපොරොත්තු තිබ්බේ නැහැ. අනික එදාට බලාපොරොත්තු ඇති කරගත්තා කියලා ඉතුරු දවස් 364 දි මන් ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙන එකක්යෑ.

එහෙනම් ඕන් 2009
අපි යනවා 2010ට
ආයුබෝවන් ඔබ!!!

13 අදහස්:

මරණය දුරස් වුණු සුබ අළුත් අවුරුද්දක්!

මගේ නම් එකම පැතුම ලබන අවුරුද්දේවත් මට ඒක ලැබෙන්න කියලා

හික්... එළ එළ!

මරණෙට සුබ නව වසරක් වේවා! ‍යකෝ ලබන අවුරුද්දෙම මැරෙන්න එපා බං. 2012දී එකටම මැරෙමු ආතල් එකේ...

මට වෙලාවකට හිතෙනවා උඹ මරණෙට මාර බය එකෙක්ද කියලත් . . හික්ස් . . . අළුත් බලාපොරොත්තු ඇති කර ගනින් මචං . . එත්කොට තමයි ජීවිතේ සුන්දර . . . . මරණය ට එන වෙලාවට එන්න ඉඩ දීලා ඒක එනකම් සතුටින් හිටපන් . . .

//"2010 දිනේ ලියන්න ගියාම ටික දවසක් යනකම් ටිකක් අවුල් වෙයි මොකො 200 ලියලනේ අපි අනික් ඉලක්කම ගැන හිතන්නේ. ඒත් ඒක ටික දවසකින් හරියයි."//

එක්කෝ උඹ මේවා ගැන ඕනවට වැඩිය හිතනවා, නැත්තන් උඹට සිරාම දුර දක්නා නුවණක් තියෙනවා :)

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

මට දන්නවා, ම බිව්වාට ගානට ඒක කරනවා කියලා... අඤඤ කොරොස් නැතුව.. හෙ හේ..

සුබ අළුත් අවුරුද්දක් මචෝ !!!

එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !

ළඟකදි ට්‍රිපක් ගිය වෙලේක කෝච්චියෙදි සුද්දො පැටවු ටිකක් සෙට් වුණා. උන් ඇහුව සිංහලෙන් හායි/හලෝ කියන්නෙ කොහොමද, ගුඩ් බායි කියන්නෙ කොහොමද කියල.. සිංහලෙන් ඔය දෙකටම තියෙන්නෙ ආයුබෝවන් විතරයි කියල මටත් තේරුණෙ එතකොටයි. අර කිව්වත් වගේ අපි තනි වචනෙ මිනිස්සුනේ :P

අළුත් අවුරුද්ද කියන එක වෙනසකටත් එක්ක හොඳයි තමයි. අළුත් වෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් නම් අළුත් අවුරුද්ද අදාලම නෑ. ඒ වුණාට අපේ කෝක නැතත් ආටෝපෙ තියෙනවනෙ ඕනවටත් වඩා... ඉතිං ශුබම ශුබ අල්ලුත් අවුරුඩ්ඩක් වේව්වාහ් මරේ...

සුභ අලුත් අවුරුද්දක් වේවා මරේ

අද ගෙදර බෝතල් කීයක් තියෙනවද? :P සුභ අළුත් අවුරුද්දක් වේවා...

සුභ අළුත් අවුරුද්දක් වේවා මරේ...!!!

This comment has been removed by the author.

මම ආස කරන බ්ලොග් සටහන් ලියන උඹට මැරෙන්න දෙන්න බෑ.

ලබන අවුරුද්ද වැඩි වැඩියෙන් බ්ලොග් ලියන සුභ නව වසරක් වේවා!

Bloggers.com - Meet Millions of Bloggers