මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ අයියා කෙනෙක් හිටියා මකුළුවන්ට පුදුම බයක් අඟට එහෙම වැටුනොත් උඩ පැනලා දුවන්නේ. (මාත් එහෙම තමා ඒත් එචරම බය නැහැ)

අපි හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම බය සත්තු කියලා අලි කොටි වලස්සු නයි පොලොඟු කියලා ඒත් මන් නම් හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම බය මකුළුවෝ කැරපොත්තෝ වගේ උන්ට කියලා.

මන් දන්න විදිහටනම් ලංකාවේ ඉන්න මකුළුවෝ අතරින් ගොඩක් උන් කිසිම විසක් නැති උන් ඒත් ඉතින් මකුළුවෙක් දැක්ක ගමන් ඌට වැඩේ දෙන එක අපේ පුරුද්දක් වෙලා. මකුළුවෝ මරන්න ලේසිම ක්‍රමයක් තමා සබන් වතුර පොඩ්ඩක් දාන එක ඒත් මන් හිතන්නේ ඒක ඌට ඇසිඩ් ගහනවා වගේ පවුකාර වැඩක් ඒත් ඉතින් මම නම් වැඩියෙන්ම කරන්නේ ඒක තමා.

සමහර රටවල් වලනම් මිනිස්සු මකුළුවො කෑමට ගන්නවා ඒත් ඉතින් අපේ රටේ මකුළුවෝ කැරපොත්තෝ ගෝනුස්සෝ වගේ හොඳ ගුණ කෑම ජාති සේරම අත ඇරලනේ තියෙන්නේ.

ඇත්තටම අපි බය වෙලාඉන්නේ බය වෙන්න ඕනේ සත්තුන්ටද? අපිට වැඩියෙන්ම හානිකර කිසිම සතෙක් නැහැ මිනිහා කියන සතා තරම්. ලෝකෙම ගත්තත් සත්තු අතින් මැරෙන මිනිස්සු ගාන් මිනිස්සු අතින් මැරෙන මිනිස්සු ගාන එක්ක බැළුවම් නොසැලකිය හැකි තරම් පොඩියි කියලා මන් හිතන්නේ.

හරිනම් අපි උඩ පැනලා දුවන්න ඕනේ මකුළුවෙක් දැක්කම නෙමෙයි මිනිහෙක් දැක්කම කියලා තමා මටනම් හිතෙන්නේ

ඡායාරූපය මෙතනින්

7 අදහස්:

හරියට හරි. මගෙ යහලුවො දෙන්නෙක් එක්ක මම කැලෙ අවිදිද්දි මගෙ යහලුවො දෙන්නට උන්ගෙ ගෙදර මිදුලෙ ඇවිදිනවා වගෙ. මම හෙන බයෙන් ඇවිදින්නෙ. මම නිකමට ඇහැඋවා "උබලට බය නැද්ද " කියලා. උන් කියපි " පිස්සුද බන් උන් අපි එද්දි බඩගාගෙන , දන ගාගෙන දුවනව. උන් දන්නව ලොකෙ විසම ජාතිය අපි කියලා. උන්ට අපිව විසයි වගෙ තමයි අපිව උන්ටත් විසයි. අපිව කාලා උන්ට වැඩි දුර යන්න හම්බ වෙන්නෙ නැහැ මත් වෙනවා. එතකොට අර දෂ්ට කරලා වැටිලා ඉන්න මනුස්සයව අමතක කරල කට්ටිය සතාව හොයලා මරලා දානවා කියලා. ලෙසියකට සර්පයෙක් දෂ්ට කරන්නෙ නැහැ. උබ බයනැතුව ඇවිදපන් "

මකුළුවන්ට සබන් වතුර විසයි ද? ඒක නම් මම දැනගෙන හිටියේ නෑ.. එහෙනම් උන් දැල් වියන තැන් වලට සබන් වතුර ටිකක් ස්ප්‍රේ කරලා තිබ්බා නම් දැල් බදින එක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද? මම නම් සාමාන්‍යයෙන් සත්තු මරණවා අඩුයි.. කැරපොත්තොයි මදුරුවොයි ඇරුණම.. උන් දෙගොල්ලෝ නම් මට පේනන බෑ..!

මාත් ඔය සමන් කතන්දරය නම් දැනන් හිටියෙ නෑ. මොකද එකපාරට මකුළුවො ගැන මතක් වුනේ. හීනෙකින්වත් දැක්කද එකෙක්ව.

මලී, කෝක මැරුවත් ප්‍රාණ ඝාතයක්, එහෙම කිව්වට මදුරුවන්ට නම් නෝ මර්සි. කැරපොත්තො නම් අල්ලල එලියටම විසික් කරනවා. මදුරුවො කෑවොත් තලනවා නැතිනම් නිකන් ඉන්න දෙනවා.

මම නම් බයම ගෙම්බොන්ට! බයට වඩා අප්‍රියයයි අප්පා! ඒත් ගෙම්බෝ මරන්නේ නම් නෑ.. :-P

mama podi kaale indan baya makuluwanta :( phobia ekak wagei..

hik hik

මාත් පට්ට බයයි මකුලුවන්ට. උන් හෙන විසයිනෙ බං.
කොහොමද දිවි මකුලුවෙක් කියලා හොයාගන්නේ?
කෑවොත් ඉතින් බඩුම තමා.

/නිශාන්ත

Bloggers.com - Meet Millions of Bloggers