මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඕන් ආයෙත් මගේ ප්‍රියතම මාසය උදාවෙලා. දෙසැම්බර් කියන්නේ ඉතින් මන් වැඩිපුරම බොන මාසය. ඉතින් කාලෙකට කලින් ලංකාවෙන් ගිය මගේ මචං ඕන් තව දවස් දෙක තුනකින් ආයි එනවලු. මන් මේ ඒක අහපු දවසේ ඉන්නදලා ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඇත්තම කියන්වනම් එයාලා මෙහෙන් ගිය දවසේ ඉඳන් අපි ප්ලෑන් කරන්නේ ආපහු ආපු දවස්ට සෙට් වෙන විදිහ ගැන.

ඔන්ලයින් ස්කයිප් එක හරහා බොන්න සෙට් වෙන්න හිතාගෙන හිටියත් ඒක උනේ නැහැ මේ වෙලාවේ වෙනස නිසා. මොකො රටවල් දෙක අතරේ තියෙන වෙනස නිසා එක්කෙනුට බොන්න වෙන්නේ අවේලාවේ . එක්කො මන් උදේ 7 ට 8 ට බොන්න ඕනේ එහෙම නැත්නම් එයා මහ රෑ බොන්න ඕනේ. ඒක නිසා ඒ වැඩේ කරන්න ලැබුනෙම නෑ.

අපි කොහේ හරි කෑමකට යනකොට නම් කියන්නේ කලින් දවසේ ඉඳන් නොකා ඉන්න කියලා ඒත් අපිනම් කතා උනේ නොවැම්බර් ඉඳලම ටික ටික බීලා දෙසැම්බර් බොන එකට අක්මාව පදම් කරගන්න ඕනේ කියලා මොකො නැනම අක්මාවට උනත් දෙසැම්බර් වල ලොකු ප්‍රමානයක් දරාගන්න බැරි වෙන නිසා.

මන් හිතන්නේ දැන් අවුරුදු 4 , 5 ක ඉඳලම අපි දෙන්නා දෙසැම්බර් 24 පටන් ගන්න බීම නවත්තන්නේ 26 රෑට (එක දිගට එහෙම නෙමෙයි දවල් රෑ දවල් රෑ ). ඉතින් මේ පාරත් ගානට නිවාඩු එහෙම සෙට් වෙලා තියෙනවා ඒ කටයුත්ත බාදාවක් නැතුව අපිට කරගෙන යන්න. ඉතින් හැමෝටම චියර්ස්ස්ස්ස්ස්............!!!!!!!!!

බලාපොරොත්තුව දෝත දරා
මම බලා ඉඳී අපි බොන තුරා...

8 අදහස්:

හපෝ උඹ නම් මොන වගේ බේබද්දෙක්ද මන්ද. උඹේ ඔය අක්මාව කියන එකේ ස්පෙයර් පාට්ස් එහෙමත් හොයාගෙන හිටපන්. මොකද ඔච්චර බොන්නේ බං අරක්කු හිඟයක් වත් එනව කියල කිව්වද.

එල එල . . මොකද්ද බ්‍රෑන්ඩ් එක . . . හික්ස් . . එහෙනම් ඔන්න ගානට වෙරි වේවා චියර්ස්

cant ya remember u have same routing in January too.... some one wants to share few drinks with ya.

Balanna:

http://www.lankaenews.com/Sinhala/news.php?id=11441

ජය වේවා! වෙරි වේවා!

ෂාමය.. ෂතුට ෂපිරුණු.. ෂුභ නත්තලක් වේවා.. දැන්ම කිව්වා.. නැත්තං ඒකාලෙට ඔවා කිව්වට ම‍රණේ සිහියෙන් ඉන්න එකක් නැති වෙයිනේ.. හික් හික්..

මම මේ පාර නත්තලට කියල ගත්ත Dimple whisky එකක්.ඒත් දැන් නත්තලට කලින්ම ඒක ඉවර වෙන්න එන්නෙ.දැන් තව 1ක් නත්තලට ගන්නයි ඉන්නෙ.ඕන්නම් සෙට් වෙන්න පුලුවන්.

චියර්zzz.. :D

Bloggers.com - Meet Millions of Bloggers