මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ (late twenties) කතාව ගූගල් වල ගැහුවම මෙහෙම එකක් ආවා. ඔය ඉංගිරිස් ගැන නම් මට වැඩිය තේරුමක් නැහැ මන් මේ කියන්න හදන්නේ මන් දැන් ජීවත් වෙන අවදිය ගැන.

දැන් මන් ඉන්නේ ජීවිතේ තුන්වෙනි දශකයේ අන්තිම හරියේ ලබන අවුරුද්දේ හතරවෙනි දශකයත් උදා වෙනවා. හැබැයි මගේ මානසික තත්වයනම් තාම තියෙන්නේ දෙවෙනි දශකයේ මැද හරියේ වගේ. මේ ලඟදි කෙනෙක් කිව්වා විසි ගනන් ඉන්නකොට හිතෙන්නේ තාම ඉස්කෝලේ ගිහින් ඉවර උනා කියලා විතරයි වගේ කියලලු ඒත් තිහ උන ගමන් මතක් වෙනවලු දැන් වයසයි කියලා මොකෝ ඊලඟට එන්නේ 40 නිසා මාත් හිතන්නේ ඒ කතාව නම් ඇත්ත.

දැන් ඉතින් පිලිවෙලක් වෙන්න එහෙමත් නැත්නම් ස්වාධීන ජීවිතයක් ගතකරන්න සිද්ද වෙන කාලය උදා වේගන එනවා. තාමත් මන් මගේ ෆෝන් බිලයි, ADSL බිලයි ව්තරක් ගෙවනවා ඇරෙන්න ගෙදරට කියලා හාල් ඇටයක් වත් ගේන්නේ නැහැ. ඒත් ඉස්සරහට එන්නේ ලයිට් බිල් , වතුර බිල් , ෆෝන් බිල් එක්ක ගෙදරටත් විය හියදම් කරන්න වෙන කාලයක්. එච්චර වගකීම් සහිත ජීවිතයක් ගතකරන්න මම සූදානම්ද කියන එක නම් ගැටළුවක්.

අපොයි දෙයියනේ, පවුලක් පංසලක් වෙලා ගෙයක් දොරක් නඩත්තු කරගෙන, ඊට පස්සෙ තව ලමයි බමයිනුත් එකතු උනොත් මොන්ටිසෝරි, ඉස්කෝලේ, ටියුෂන් විස්ස විජ්ජාල්, පෙලවහක් කොරන්න අනේ මන්දා මේ ජීවිතය නම්......................

අනේ මොකට වයසට යනවද මන්දා............................

9 අදහස්:

කවුරුහරි හොයලා බැඳගත්ත ගමන් ඒ ජීවිතයට ඉබේම පුරුදු වෙයි. ගෙදර වියදම් වලට අමතරව බිරිඳගේ වියදම් වලට වෙනම රස්සාවක් කරන්නත් වෙයි :P

එක තමයී, තිලින කිව්වා වගේ නරකද කසාදයක් එහෙම කරගත්තොතින්. එතකොට තමුන්ගේ දුක සෑප බෙදාගන්න කවුරු හරී ඉන්නවනේ....

මම විසි ගනන් වලදි කවුරු හරි මගේ වයස ඇහුවම උඩ පැනල අවුරුද්දක් විතර වැඩි කරලත් කිව්වා. ඒත් 30 ක් වෙද්දි ඒක පොඩ්ඩක් අඩු වෙන්න ගත්තා.
මම ජීවිතය ඉගෙනගත්තේ 30 පහු උනාම. කෙලවරක් නැතිව සල්ලි නාස්ති කරන්න පුරුදු වෙලා හිටපු මම ඒක වෙනුවට මගේම ගෙයක් අරන් ඒව මැනේජ් කරන්න ගත්තා. අදටත් මට අතේ සල්ලි නැති උනත් තවම හැම එකම මැනේජ් කරගන්න නම් පුළුවන්. ගොඩක් වෙලාවට ලොකු හීන නැතිව ජීවිතේට මුහුන දෙන්න ගත්තොත් මේකෙන් එහාට යන්න පුළුවන්. මේ මම ඉන්නවා වගේ.
අදටත් මම සල්ලි හොයන්න ඉතිරිකරන්න නෙමෙයි රස්සාවක් කරන්නේ. ජීවත් වෙන්න විතරයි. ඒක හින්දා මම තාමත් නිදහසේ ජීවත් වෙනවා. මම හිතන්නේ මම මගේ early thirties වලදි ඉගෙනගන්නේ මේක තමයි.
මමත් විස්වාස කරනවා අපි හැමෝම ජීවිතය පටන් ගන්නේ තිහෙන් එහාට කියලා. 30 ට කලින් බඳින එවුන්ව හෙම එක්ක මම පුදුම තරහකින් ඉන්නෙත්. හි හි. මට නම් මේක තවත් වෙනස්. මං අනිත් අය 30 කරන ඒව කරන්නේ 40දි වෙන්න ඕනෙ.
anyway all the best for all.

ඔන්න බලනන්න එකෙත් හැටි. මගෙ පොස්ට් එකට ඔයා කිව්වා. බොන එකෙ වැරද්දක් නැහැ කියලා. මගෙ වයස 24. මම හම්බකරන එකෙන් ගෙදරට එලවලු, බෙහෙත්. ගෙනත් දානවා. නංගි, මල්ලි එකතුවෙලා සිල්ලර. අය්යා තමයි බිල් ටික ගෙවන්නෙ.මම බොන්න ගත්තෙ 18 දී. අයියා තවමත් බොනවා. ඔයා වාසනාවන්ත කෙනෙක්. ආදරවන්තියෙක් ඉන්නවා. හොයන්න බලන්න අම්මෙක්, තාත්තෙක් ඉන්නවා. මෙ දේවල් ලැබිලා තියනවා ඔයාට. ඔයා කොළඹට ලග කෙනෙක්. එක නිසයි ඔය ටිකක් ෆන් එකට බර. නමුත් ඔය හිස් දේවල් වල තේරුමක් නැති බව ඉබෙම වැටහෙයි.

Free boarding on your parents at 30 is not good thing at all.
KK

මල්ලි, අඩු ගණ‍නෙ තමන්ගෙ වියදම් ටිකවත් තමන්ම දරා ගන්න තත්වෙට එන එක නම් අනිවාර්යෙන්ම පුළුවන් ඉක්මනින් කරගන්න වෙනවා. පවුලක් පන්සලක් වෙන එක ගැන බලන්න පුළුවන් ඊළඟට.

අපි නම් ඉතිං තාම තුන්වෙනි දශකේ මුල වගේ ඉන්න අයනේ.. ඉතිං තාම දැනෙන්නේ 11 හේ පංතියේ වාඩි වෙලා ඉන්නවා වගේ. බොරු මොකටද මේ ටිකේ නම් ඉතිං 100%ක් යැපෙන්නේ ගෙදරින්.. ඒත් ඉක්මනට ඒ ක්‍රමේ වෙනස් කරගන්න ඕනි.. නැත්තං ම‍රණෙලගේ වයසට එනකොට අපි මොක්කු වෙලා ඉදිද මන්දා..

මේක කියෙව්වාම හීන් දාඩියත් දැම්මා. තව අවුරුදු 4 කින් මාත් 3 වෙනි දශකයේ කොල්ලෙක්. මල හත් ඉලව්වයි. ආයෙමත් පොඩි කාලෙ වගේ නම් ජීවතෙ විඳින්න හම්බවෙන්නේ නෑ කියල දැනෙනකොට මාරම දුකයි. ඒත් මොනව කියල කරන්නද හැමෝටම උරුම දේ නේද.

කසාදයක් කියන්නේ වගකීම් ගොඩක් කියන එක. මිනිහෙක් වුනාම ඒකටත් මූණ දෙන්න වෙනවා. තියෙන විදියට සරලව ජීවත් වෙනකොට ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒකට පුරුදු වෙලා බලන්න එතකොට ඔයාටත් සතු‍ටු වෙන්න පුළුවන් කාලයක් වෙයි.

හප්පා.. බඳින එක ගැන කතා කරනකොටත් හිරි ගඩු පිපෙනවා.

Bloggers.com - Meet Millions of Bloggers