මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

දැන් සෑම ගෙදරකම තිබියයුතු අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට කම්පියුටරේ පත්වෙලානේ ඉතින් හැමෝම බලනවා කොහොම හරි කම්පියුටරයක් ගන්න. ඉතින් ගෙදර ඉන්න එක ලමයෙක්ගේ විභාගයක් හරි මොකක් හරි කියලා ඒක ඉවර උනාම අරන් දෙන්නම් කියලා කොහොම හරි පරිගනකයක් අරගන්නවා.

යන්තමට හරි මන් ඉගෙනගෙන තියෙන්නේ පරිගනක මෘදුකාංග ගැන උනත් අනික් අයට ඕක තෙරෙන්නේ නැති නිසා හිතන්නේ මම කම්පියුටර් කරලා තියෙනවා ඒක නිසා දෘඩකාංග ගැනත් හොඳට දන්නවා කියලා. අනේ ඔය හාර්ඩ්වෙයාර් ගැන නම් මගේ දැනුම බිංදුවයි ඒත් ඉතින් අළුතෙන් පරිගනකයක් ගන්න යනකොට බැහැයි කිව්වොත් ඒකටත් කතාවක අහගන්න වෙන නිසා මාත් යනවා. ගියාට වැඩක් නැහැ කඩේ මිනිහා කියන එකක් ඇරෙන්න මාත් ඔය කෑලි බෑලි ගැන වැඩිය දන්නේ නැහැ.

ඕන් ඉතින් ගියාට පස්සේ අතේ තියන මුදලට හොයන්නේ ඉස්තරම්ම එකක්. ඒක ඉතින් කාගෙත් හැටිනේ ඒත් ඉතින් ඒ ගනන් වලට ඉස්තරම්ම ඒවා හොයන්න ගියාම පන යනවා. ඊට පස්සේ මෘදුකාංග. ඕනේ එකයි එපා එකයි සේරම දාගන්නත් ඕනේ. ෆයිල් සර්වර් එකක්කටත් වඩා ලොකු හාර් ඩිස්ක් එකක්. ගේම් ගහන්න පුළුවන් වීජීඒ කාර්ඩ්. ඔය සේරම දැම්මම ගාන පැනලා ඕන් ඉතින් ආයි කෑලි අඩු කරනවා.

ඔහොම ඉතින් අරවා මේවා කරලා ගේන් කම්පියුටර් එකට ගෙනාපු ගමන් හම්බ වෙන හැම සොෆ්ට්වෙයාර් එකම ඉන්ස්ටෝල් කරනවා. ඕනේද එපාද කියලා බලන්නේ නැහැ. ඔහොම දාල වයිරස්නුත් දාගෙන අර අරගෙන දෙන්න ගිය වරදට ආපහු මටම කියනවා ඒකත් හදලා දෙන්න කියලා.

ඕන් ඉතින්සේරම කරගෙන ගෙනාපු කම්පුයිටර් එකෙන් මාසෙකට විතර පස්සේ මොනාද කරන වැඩ කියලා ඇහුවම කරලා තියෙන්නේ ෆිල්ම් බලන එකයි, සිංදු අහන එකයි , ගේම් ගහන එකයි ඔය ටික කරන්න ඕකක් ගන්න ඕනේද මන්දා.

ගොඩක් වෙලාවට ඔය මුලින්ම පාවිච්චියට ගන්න පරිගනකය භාවිතාකරපු අඩුමිල එකක් උනාට කමක් නැහැ කියලා මන් නම් හිතන්නේ. ඒත් අපෙ අයට ඕක කියන්න ගියොත් ඒකත් කතාවක් අහගන්න වෙන වැඩක් තමා. මොකද කවුරුත් ලොකු ලොකු දේවල් කරන්නේ නැහැ. එකමදේ අළුත් ගේම් නම් ගහන්න බැරි වෙන එක අනික් සේරම කරන්න පුළුවන් පරණ පරිගනකයකිනුත්

10 අදහස්:

කථාව ඇත්ත සහෝ. සමහරු වැඩි ගණන් දීල මැෂින් ගත්තට මොකද මාසෙන් දෙකෙන් ඒවගේ ගණන් බහිනව. සමහර වෙලාවට මිනිස්සු හිතනවත් ඇති අපි හොර කලා කියල. එහෙම මගෙ මූණට කියන්න බැරි නිස අහනව කොහොමද එකපාරට ගණන් අඩුවෙන්නේ කියල. මනුස්සකමට හදල දෙනන ගිහින් අහක යන ප්‍රශ්නත් ඇතිකරගන්න වෙනව වෙලාවකට.

හපෝ..ඔය මෘදුකාංග ගැන විතරක් ගැන දන්න මිනිස්සු නම් මහම මහ මොංගල් යකකු...!!! මොනා හරි ලෙඩක් කිව්වම ආ.. අරෙකේ අවුලක් ඇති මේකේ අවුලක් ඇති ආවම බලමු කියනවා..ආවට පස්සේ කියනවා අනේ මම ‍හාඩ්වෙයා ගැන දන්නේ නැහැනේ අනේ ඉතිං කියලා.. ඔය වෙලාවට තමා ඉතිං මාරයා ආවේස වෙන්නේ... ඉගන ගන්න එකේ සේරම ඉගන ගන්නවලකෝ!!! අනිත් මිනිස්සුන්ගේ ලේ කෝප නොකර.. ‍මං මේ සේරටම කියන්නේ..!!!

මේක හරි කෙලියක්නේ
අපි කොහොමද Hardware හදන්නේ?
අපි දන්නේ Software විතරයි ඔන්න ඒකේ අවුලක් නම් Format කරලා ආයි Windows දාලා දෙන්න පුළුවන්.

කෝකටත් තෛල වගේ ‍ඕක තමයි කරන්න දන්නේ..!! බැරි හින්දා තමයි ඉගන ගන්න කියන්නේ.. හාඩ්වෙයාර් අවුලක් නම් සොව්ට් වෙයා වලින් කප් ගහලා හිටියත් වැඩක් නෑ කියලා අම්මපා මේ පිරිමින්ට තේරෙන්නේ නැති හැටි විතරක්!!!!

මෙහෙමනේ Hardware අවුල්වලට අපි අතගහන්නේ නැහැ ඒවා ගත්ත කඩෙත් එක්ක බලා ගන්න ඕනේ. Warranty තියෙනවනම් එහෙම අපි අනන් මනන් කොරන්න ගිහින් Warranty ඒකත් නැතිවෙනවනේ ඒක නිසා. අපේ Solution එක තමා Format -> Reinstall XP
:-D

‍හා.. එතකොට වොරන්ටි පීරියඩ් එක ඉවර නම්.. අනේ පලයන් මරේ යන්න.. හික් හික්...

කතාව නං ඇත්ත... හෆෝයි..., කවදාවත් අඳුරන එකෙකුට කොම්පියුටර් අරන් දෙන්න යන්නත්, කොම්පියුටර් විකුණන්න යන්නත් හොඳම නෑ. ටික දවසකින් උන්ගේ අම්මල තාත්තල ඇවිල්ලා අහනවා ඔයා බාල කොම්පියුටරයක්ද අපේ පුතාට අරන් දු‍න්නේ කියලා. එතකොට තමා මරු නගින්නේ :/

ඔන්න මට දැනුයි මතක් වුනේ මම අඳුරන සර් කෙනෙක්ගේ මැෂින් එකක් හදන්න Campus එකේ මල්ලි කෙනෙක්ට කියල, ප්‍රශ්නේ තිබිල තියෙන්නේ Hard එක Detect කරන්නේ නැති එක. ඉතින් මේ කොල්ලා කරල තියෙන්නේ ඔක්කෝම ටික ගලවලා. අපරාදේ කියන්න බෑ RAM එකත් ගලවල, හැබැයි SLOT එකේ CLIP එක බුරුල් කරන්නේ නැතුව ගලවල තියෙන්නේ. RAM එකේ තඹ පතුරු ටිකක් Mother Board එක ඇතුලේ හිරවෙලා, මිනිහා දන්නේ නැතුව Power ON කරල, කරගඳකුත් ඇවිල්ලා. දැන් Mother Board එකකුත් දාන්න වෙලා.

මම නම් කියන්නේ ශිල්පය දන්නේ නැතිනම් අතගහන්න හොඳම නෑ කියල.

මම නම් ටිකක් ඉතින් hardware ගැනත් දන්නවා. මගේ ඉස්සර විනෝදාංශෙනේ කොම්පියුටර් මස් කරන එක.හික්ස්..

මොකක් වුනත් කතාව ඇත්ත, එක එකෙනාට කොම්පුටර් අරන්දෙන වැඩේ නම් භයානකයි..අපිටම තමා විදවන්න වෙන්නේ මොකක් හරි අව්ලක් වුනොත්.. මමත් හොද පරිප්පු කාලා තියෙනවා , ඔය සම්බන්දෙන් ;-)

සහතික ඇත්ත, වැඩි ගනන් වලට කම්පියුටර් ගන්න එක තේරුමක් නැහැ මොකක් හෝ අධ්‍යාපනික කටයුත්තකට නෙමෙයි නම්. මම කියන්නෙ ඔය ග්‍රැෆික් ඩිසයින්, 3ඩී, ෆොටෝශොප්, ජාවා වගේ දේවල් වලට නම් ඉතින් කල් පැවැත්ම බලලා ආයෝජනයක් කලාට වරදක් නැහැ. නිකන් ඔෆිස් පැකේජ් එක දාගෙන වැඩක් කරන්න නම් ඉතින් සාමාන්‍ය මට්ටමේ එකක් ඇති.
:)

Bloggers.com - Meet Millions of Bloggers