මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේක ඉතින් හැමෝම දන්න මැස්මක් ඒත් කීයෙන් කීදෙනෙක් මේක හරියට මහනවද කියන එක තමා මට තියෙන ගැටළුව.
මේ දවස්වල "ගැහැණු ලමයි" ටෙලිනාට්‍ය ටීවී එකේ යනවා නේද, මම නම් ටීවී එකෙන් ඈත් වෙලා ඉන්න නිසා බලන්න නම් හම්බ වෙලා නැහැ. ඒත් කාලෙකට කලින් ගියා අයි ටී එන් එකෙත් "ගැහැණු ලමයි" ටෙලිනාට්‍ය අන්න ඒකන් මන් ගොඩක් ආසාවෙන් බැලුවා කියලා ලාවට වගේ මතකයි.
ඔය "ගැහැණු ලමයි" එකේ නිමල්ගේ මල්ලි රොහණ, දවසක් කුසුම්ලගේ ගෙදර ඇවිත් එයාලගේ අම්මා කමලාවතී ගැන මෙහෙම කියනවා
"...කොස් ඇටයක් අහක දාන්න බැහැ. ගහේ බිලිං ටික අහක යන්වට ලෝබකමට ඕක කඩල වේළල් තව තුනපහත් දාල අච්චාරු දාල බල්ලෙක්වත් කන්නේ නැහැ කුණු උනාම අහක දානවා. ඒක අපතේ යාමක් කියලා හිතන්නේ නැහැ ..." කියලා.
ඔය ටික කියවනකොට මටනම් මතක් උනේම අපේ ගෙදරයි අපේ සීයලෑ ගෙදරයි. ඔය දෙකේම එහෙමයි. කෑම පොදක් විසිකරන්නේ නැහැ. ඒක ඉස්සරනම් මන් දන්නේ නැහැ දැන්නම් ෆ්‍රිජ් එකේ දාලා සතියක් විතර තියාගෙන ඉඳලා තමා විසිකරන්නේ. ෆ්‍රිජ් එකේ තියෙනවට යන විදුලිය ගැන නිකන් ඉඩ යන එක ගැන එහෙම මෙලෝ ගානක් නැහැ. මටනම් ඔය වැඩේ පෙන්නන්න බැහැ ඒත් ඉතින් ඕකට දැන් රණ්ඩු වෙලා ඇති වෙලා. කොච්චර කලත් වයසක උදවිය හදන්න බැහැනේ කියලා මන් දැන් සද්ද වහලා ඉන්නවා. අපේ සීයලෑ ගෙදරත් එහෙමයි. කිසිම දෙයක් විසිකරන්නේ නැහැ විසිකරන්නේ කාලයක් තියාගේන ඉඳලා තියගත්ත එකේ වටිනාකම වගේ දෙකක පාඩුවකුත් සිද්ද කරගෙන හැබැයි එතකොට අර කලින් විසික්කරනන් තිබ්බ දුක නැහැ.
ඔය අහක දාන කඩදාසි එහෙම එකතු කරලා අන්තිමට අලි වේයෝ ගොඩක් හදාගෙන ඒක විසික් කරන්නේ ගෙදර තියෙන කබඩ් එකක තට්ටුවක් එක්ක ඒත් ගානක් නැහැ ආයි අනික් තට්ටුවෙත් ඒ වගේම කුණුගොඩක් එකතු කරනවා. අනේ මන්දා මේ පරණ කට්ටිය. සමහර විට ඕක වයසට එන ලෙඩක් වෙන්න පුළුවන්. මාත් වයසට ගියාම එහෙම වෙයිද දන්නේ නැහැ.
දවසක් ටීවී එකේ කවුද කියනවා, අහක දාන කිරි හට්ටි එකතු කරන්වලු ගහක් හිටවන්න කියලා ඒත් අන්තිමට කිරි හට්ටි ගොඩක් එකතුවෙලා එකකවත් ගස් නැහැ කියලා. ඔය වගේ තමා විසිකරන්න ලෝබයි ඒත් ගන්න වැඩක් නම් නැහැ.

9 අදහස්:

ඕකට වෙන්නේ මරේ, විසි කරන්න හදනකොට අයිඩියාස් ගොඩක් එනව ඔලුවට. එතකොට ඒක විසි කරන්න හිතෙන්නේ නෑ. එහෙම අයිඩියාස් ආවට එකක්වත් ක්‍රියාත්මක නම් වෙන්නේ නෑ. ඒකයි පාඩු සිද්ධ වෙන්නේ.

වැඩේ තියෙන්නේ මේ පරණ කට්ටිය එකපාරක් දෙපාරක් වැරදුනාමවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැනේ

ඕක එක්කෙනෙක්ට කියල තියෙන ලෙඩක් නෙමෙයි, හැමෝටම පොදු දෙයක්. බලමු අපේ මරේත් වයසට ගියාම ඔහොමද කියල. :D :D

atta katawak machan . .

කෝඩ් ගේ කතාව 100% ක් ඈත්ත. ස්මහර දේවල් විසීක් කරන්න හිතෙන්නෙම නෑහෑ. මාත් එහෙම එකතු කරගෙන හිටපු පොත් තොගයක් මේ ලගදි විසික් කලා! .

ane manda ithin marane aiye!
aththama aththa

ඕක ඉතිං පරණ අයට විතරක් නෙවෙයි එයාලගෙන් පස්සේ අයටත් තියනවා.. දැන් මං ගේ අස් කරොත් අපේ ගෙදර තියන ඒවායෙන් බාගයක් වත් එළියට විසි වෙනවා.. හැබැයි අපේ අම්මා එක්ක ඒවා විසි කරන්න බෑ.. අනේ මංදා.. මං ඒක නිසා ‍අපේ ගෙදර අස්පස් වලින් අයින් වෙලා ඉන්නේ.. මගේ ගෙදරක් හදපු දාකම මට ඕන විදයට තියාගන්න හිතන් ඉන්නේ.

සිරාවට බන් මිනිස්සු පරණ වෙන්න වෙන්න හරියට වෙනස් වෙනවා කබල් සංස්කෘතියක් කියලා එකක් අල්ලගන්නවා...

එපාවෙනවා... මමත් දැන් නාට්ය බලන එක නවත්තලා තියෙන්නෙ..