මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කාලෙකට පස්සේ, ඉස්සර වගේ බ්ලොග් ලියන්න ලොකු උනන්දුවක් දැන් නැහැ. මගෙ වැඩ හැම එකම ඔහොම තමා. මුලදි පුදුම උනන්දුවක් තියෙන්නේ පටන් අරන් ටික දවසකින් උනන්දුව කැලේ. හැබැයි බීම ඇරෙන්න.

පහුගිය දවසක බලන්න ලැබුන මේ වැඩසටහන (Highway On My Plate) බලද්දි මතක් උනේ ලඟදි කියවපු මේ ලිපියයි කාලෙකට කලින් කියවපු මේ ලිපියේ ප්‍රතිචාරයි තමා. දවස් දෙක තුනක්ම කන වෙලාවට කෑම එකත් අතේ තියාගෙන මේක බලන එක නියම වැඩක්.

Highway On My Plate වැඩසටහනේ ඉන්න නිවේදකයෝ දෙන්නා ඉන්දියාව පුරා තියෙන කෑම කඩවල් වලින් කන කෑම ගැන , කඩේ ගැන, කඩෙන් දෙන සේවය වගේ දෙවල් ගැන විස්තර තමා මේ වැඩ සටහනේ යන්නේ. බලා ඉන්නකොට කටට කෙල උනනවා. කාලෙකින් ලංකාවේ රූපවාහිනී චැනල් එකක් බලපු නැති නිසා මේ වගේ එකක් අපෙ රටේ රූපවාහිනී චැනල් වල යන්වද කියලා නම් මන් දන්නේ නැහැ. ඒත් මෙහෙත් කරන්න බැරි එකක් නම් නෙමෙයි. ඉන්දියාව කියන්නේ ලොකු රටක් වෙනස් ප්‍රන්ත වල ඒවාට ආවේනික උන විවිධ කෑම වර්ග තියෙනවා. අපේ රට එච්චරම ලොකු නැතත් අපෙ පළාත් වලත් විවිධ කෑම ජාති තියෙනවානේ.

මේකේ මන් බලපු ගොඩක් ඒවාගේ පෙන්නුවේ පාර අයිනේ තියෙන පොඩි පොඩි කඩවල් වල කෑම. ඒවායේ ගනනුත් දානවා එච්චරම ලොකු ගනන් ඒවාත් නැහැ. එක තැනකදි කියනවා කෑමක් ඉස්තරම් වෙන්න නම් ඒකේ මිල ඉහළ වෙන්න ඕනේ නැහැ කියලා. ඒක නම් ඇත්ත.

ඉතින් මේ වගේ වැඩසටහනක් මටත් කරන්න ආස හිතුනා. මට වැඩසටහන ඉදිරිපත් කරන්න දෙන්නෙක් නම් හම්බ උනා මේ ඉන්නේ මෙයයි මෙයයි පිටපත ලියන එකත් මේ අයම හොඳට කරයි . ප්‍රශ්නෙකට තියෙන්නේ කන කෑම වලට ගෙවන්නේ කව්ද කියන එක තමා. මොකො ඉතින් කොච්චර කයිද කියලා දන්නේ නැහැනේ....

මෙන්න මෙතනින් පුළුවන් Highway On My Plate එකේ වීඩියෝ ටිකක් බලන්න.

11 අදහස්:

අප්පා.. මේක මාර ඇඩ් එකක් නේ.. මරේ කාලෙකින් ලියන්න සෙට් උනාට ලියලා තියෙන්නේ මරු ලිපියක්.. මම මේ දවස් වල දවල්ට කන වෙලාවට බලන්නේ Discovery Travel and Living ඒකේ 12 ඉදන් chew කියන කැටගරි එක යටතේ World's Cafe Asia, Take the chef home,Nigella Bites , වගේ තව මරු මරු වැඩසටහන් ටිකක් යනවා.. කෙල ගිල ගිල අම්මා උයලා දෙන බත් එක කනවා ඉතිං.. සමහර වෙලාවට දකින කෑම වල රහ බත් කටෙත් දැනෙනවා වගේ අප්පා..
මේ අර කිව්ව ප්‍රෝගර්ම් එක කරමු.. මට ඒකට පෙනී ඉන්නවට සල්ලි එපා.. වියදම.. ම්ම්ම්ම්.. බ්ලොග් ලියන අයගෙන් 100 ගානේ වත් එකතු කරමු එක එපිසෝඩ් එකකට :p

අනේ මරේ බෑ බෑ නොකියා බ්ලොග් එක ලියහන් බං..

Peo TV වල නැද්ද NDTV Good Times? තියෙනවනම් හැමදාම රෑ 8 ට මේක යන්නේ. හැබැයි ගෙදර අනික් අය එක්ක බලන්න නම් හම්බ වෙයිද මන්දා.

හික් හික්.. හොඳට තියේවි මලී සහ මුචා ගිහින් කාල ආවොත්. දෙන්නම සෙට් වුනොත් නම් කඩවල් බංකොලොත් වෙනවා සත්තයි. ලංකාවේ ඔහොම දෙයක් කරලම නෑ මගේ හිතේ. අයිඩියා එක නම් හොඳයි ඒත් සාක්කු හිස් වෙන වැඩක් වෙයිද දන්නේත් නෑ.

කෑම ටික දැක්කම පිස්සු හැදෙනවානේ!

ලංකාවේ කෑම ගැනත් මෙහෙම එකත් කලොත් නියමයි නෙ..

හැබැයි මේ පිටරට වල ඉන්න අපිට තමයි දුක් සීන්! කෙළ ගිල ගිල ඕවා බලන එක විතරනේ අපිට කරන්න වෙන්නේ..

එක අතකට මෙහෙ එවුන් කන එකත් පිස්සුවෙන් වගේ කන්න ගන්නවනේ මමත් අපේ බෝඩිම වටේ කඩවල් වලට පිංසිද්ද වෙන්න කෑම වල රස විඳින එක අඩුවෙලා. ම ට පොඩි බ්ලොග් රික්වෙස්ට් පාරක් එව්වා මේල් එක බලපන්..

ඔව් බන් ඒක දැක්කා මන් ඔහොම වැඩක් කලින් කරලම නැහැ. පුළුවන් හොඳට එකක් ලියලා උඹට දාන්නම් හරි වැරදි බලලා හොඳ නම් පෝස්ට් කරන්න

මාස ගානකට පස්සේ පෝස්ට් එකක් දාලා තියෙන්නේ. එළ එළ.. :)

මං අද මේක බලන්න හැදුවා විතරයි වැඩේ බකස්.. මේක බලනවා කියන්නේ අපේ ගෙදර මිනීමරාගන්න වෙන වැඩක්.. ඉතිං මං පැත්තකට වෙලා ‍දිලා තිබ්බ ලින්ක් දිගේ ගිහිං කෙල ගිල්ලා.. මේ දෙන්නා ලංකාවටත් ඇවිත්.. ඒවත් ඉස්සරහට පෙන්නයි.. මං දැක්කා ඇඩ්වටීස්මන්ට්ස් යනවා..

මන් කිව්වේ, බට්ටිලා, පබාලා, මුතුකිරිල්ලියො අස්සේ මොන කෑම වැඩසටහන ද? බැරිද එකපාර පරිගනකයටයි රූපවාහිනියටයි ලයින් දෙකක් ඇදගන්න.

හැබෑද ලංකාවත් එනවද අපරාදේ මට බලන්න වෙන එකක් නැහැ අපේ ගෙදර ඔය ගෙවන ටීවී නැහැ මාත් ඕක දැක්කේ නෑදෑ ගෙදරකදි

මට මැවිලා පේනවා මන් කොම්පඤ්ඤවීදියේ බර්ගර් කින්ග් එකේ මලීයි රචියයි දාලා කරන්න හිටිය වැඩසටහන මුන් දෙන්න ඇවිත් කරනවා

ෂා නියමයිනේ.
අපොයි මේ ගෙම්බෝ දෙන්නා නම් ගන්න එපා ඕකට. උන් දෙන්නා කන හැටි දැක්කම අර කෑම කන්න වෙන මිනිස්සු එවෙන්නෙ නෑ. ( මොකද උන් දෙන්නා ඔක්කෝම කාල ඉවර වෙනවා ). අනික මේවගේ ප්‍රෝග්‍රැම් කරද්දි අනුග්‍රහය දක්වන්නේ ඒ ආයතථනය නිසා උන්ට ආත්මෙකට ඔළුව උස්සන්න බැරි වෙනවා.
අපි ඕකට මලියගේ හස්බන්ඩා වගේ අයව ගමු කන්නේ පොඩ්ඩයිනේ එයාල. මුචා වෙනුවට තව කෙනෙක්. (මොකද මේ වගේ වැඩ කරන්නේ ලාභ ලබන්න මිසක් පාඩු විඳින්න නෙමෙයිනෙ.

ඔයාගෙ බ්ලොග් එක අප්ඩේට් නොවේ නිසා දුකින් උන්නේ. මම හිතුවා කාන්තා පක්ශය බලය පෙන්වලා කියලා මේ මතට තිත එක්ක කියලා. හික් හික්

අයියෝ බුරූ ඔයා දැක්කේ නැද්ද මම ඔයාව අරන් කරන වැඩසටහන ඒකත් බලන්න.

Bloggers.com - Meet Millions of Bloggers