මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ ඔය FM නාලිකාවලට අළුත් සිංදුවක් එහෙම දුන්නම ඒක ඉතින් දාලා දාලා පට්ට ගහනවනේ ඉතින් ටික දවසක් ගියාම අර සිංදුවත් එක්කම එපා වෙලා යනවා. ඔය දැන් එන ගොඩක් සිංදු එනවා ආපු ගමන් ජනප්‍රියත්වයේ මුදුනටම යනවා ඊට පස්සේ ඉතින් අහන්නත් එපා වෙනවා.

මේ නාලිකා වලින් බුද්ධාගමටත් ඒකම කරන්න හදනවද මන්දා. දැන් හැම එෆ් එම් චැන්ල් එකකම එක එක ජාතියේ පිරිත් දේශනා. සමහර ඒවා මන් අහලවත් නැහැ බුදුහාමුදුරුවෝ කියපුවද මෙයාලා හදපුවද මන්දා. අර සූත්‍රය මේ සූත්‍රය. ගොඩක් ඒවා මහා බලගතුයි ඉතින් කන පැලෙන්න සද්දෙන් මේවා දැම්මම සේරම ගොඩ.

හාමුදුරුවරු එෆ් එම් එක බණට කියන්වා මිනිස්සු පන්සල් එනවා අඩුයි කියලා. ඇයි ඉතින් පන්සල් යන්නේ හාමුදුරුවො ගෙදර ඉඳන් අහන්නම එෆ් එම් එකේ බණ කියනකොට. උදේ හවස එක එක සූත්‍ර දේශනා කරනකොට.

පහුගිය දවසක උදේ පාන්දර බස් එකේ යන්කොට හෙන සද්දෙන් පිරිත් දාලා. ඕන් ඉතින් හාමුදුරු නමකුත් බස් එකට නැග්ගා දැන් කොන්දොස්තර සල්ලි එකතු කරන්වා. ඉස්සරහම හිටිය හාමුදුරුවෝ අතඇරලා ඇවිත් ඊලඟ කෙනාගෙන් සල්ලි අරන් අන්තිමට හාමුදුරුවො ගාවට ගිය. උදේ හවස මොන පිරිත් දේශනාවක් ඇහුවත් මිනිහා විශ්වාස කරනව උදේම හාමුදුරු කෙනෙක්ගෙන් සල්ලි ගන්න්න එක හොඳ නැහැ කියලා. මිනිස්සු දැන් මෝස්තරේකට වගේ පිරිත් අහනවා ඒත් අනේ මන්දා....

ඔය බෞද්ධ අය අළුතෙන් ගෙයකට යනකොට පිරිත් කියන්න හාමුදුරුවරු වැඩම්මුවට වැරදිලාවත් අළුත් ගෙදරින් කන්න බොන්න හාමුදුරු කෙනෙක්ට නම් ඉස්සෙල්ලම දෙන්නේ නැහැල්ලු. අනික් ආගම් ගැන මන් දන්නේ නැහැ හැබැයි ගොඩක් බෞද්ධයො නම් ඔය වගේ බොරු ශ්‍රද්ධාවකින් තමා ඉන්නේ. ඒ උනාට මොකද උදේට නැගිටින්නේ රෑට නිදියන්නේ පිරිත් අහ අහ.

7 අදහස්:

අනේ මට මසුරන් ටිකක් තිබුනානන්..
මෙවා මෙහෙම ලියලා බැහැ.. ඔය ටි.වි එකෙ බණක් යද්දී යටින් පොඩි තීරුවක් ඇරලා දාන්න ඔනා එවා මෙවා....

ටි.වි එක බණ යද්දි ඉස්සරහින්ම ඉන්න සෙට් එක දිහැ බලද්දි ඔනා බුරුවෙකුට තෙරෙනවා, මු සෙට් එක හොදට ගසන කස්ටිය කියලා.

එකට මොකද හයියෙන් සාධු.. සාධු...

ලංකාවේ බුදු දහමත් pop culture එකට යට වෙලා. හාමුදුරුවරු දේශපාලනය සහ විවිධ ව්‍යාපාර වලට යොමු වෙලා. තව කට්ටියක් පන්සල් වෙනුවට අසපු, මධ්‍යස්ථාන කිය කිය ධර්ම කඩ හෙවත් සුඛෝපභෝගී ආයතන හදනවා. මෙච්චර කල් නිර්මල බුදු දහම තියනවා යයි කයූ රටේ හාමුදුරුවරු කරන විගඩං දැක්කම අබුද්දස්ස කාලෙ වත් ඇවිල්ලද කියල හිතෙනවා.

අපොයි මචෝ මීට වඩා ලිව්වොත් කියයි මූ බුද්ධාගම විනාස කරන්න ආපු අන්‍යාගමික කුමන්ත්‍රණ කාරයෙක් කියලා. හැබැයි උන්ට වඩා මේ සැදැහැවත් බොරු බෞද්ධයෝ ටික බුද්ධාගමට වින කරනවා

කථාව නම් ඇත්ත මරේ. අපේ මිනිස්සුන්ගේ තියෙන්නේ පුහු ශ්‍රද්ධාවක්. අනිත් කෙනාට වැඩිය කැපීපෙනෙන්න එහෙමත් නැතිනම් ස්ටයිල් එකට බණ අහන පිරිත් අහන මිනිස්සු ඉන්නේ. තව එකක් හාමුදුරුනමක් පිඬුසිගා වැඩියොත් ඒකත් අවාසනවකට හේතුවක් කියල සමහර බෞද්ධයෝ කියල මවාගත්ත පිරිසක් විශ්වාස කරනවා.

ඔය 'බවු'ද්දකමට බෙහෙත් නැහැ.. :/

ඔය පන්සල්, බෝධි වෘක්ෂ ලගදී බස් වල සීට් එකෙන්, තමන් යන වාහනේ සීට් එකෙන් පස්ස පැත්ත යන්තම් උස්සල ආයෙ හරි බරි ගැහෙන අයට මමත් මගේ කෂ්ටියත් කියන්නේ ....කේ බෞද්ධයො කියල.

නොදකින් !

අපෝ.. කථා කරනවා නම් මේ මළ විකාර ගැන කොච්චර නම් කථා කරන්න තියනවාද? දැන් රු.10 ක් ද කොහෙද දිලා ‍ෆෝන් වලිනුත් බණ අහන්න පුළුවන් රටක් මේක.. ඒ තරම්ම අපේ ජිවිතේ දැන් පහසුයි..
ඔය සිල් ගන්න ආච්චිලා ඉන්නාව නේද? අලි බොරුවක් කරන්නේ.. මාසේ පුරාවට ඕප දූප ටික දොඩවන්නයි ‍නිදා ගන්නයි තමා ගොඩක් අය පන්සලට එන්නේ.

Bloggers.com - Meet Millions of Bloggers