මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

Dec
31

අපේ කම්මැලිකමෙන් උපයන්නේ අපි නෙමෙයි අනික් අය. සක්විතිලා, දඬුවම්ලා, Golden Key ඔච්චර සල්ලි ගොඩකට වග කිව්වේ මිනිස්සුන්ගේ තියෙන කම්මලිකම නිසා. නිකන් ඉඳගෙන සල්ලි ගොඩක් හොයන්න මිනිස්සු තමන්ගාව තිබ්බ සල්ලි ඒවායේ දාලා නිකන් හිටියා අන්තිමට සල්ලිත් නැහැ.

දැන් දැන් නිතර දකින්න හම්බ වෙන වෙළඳ දැන්විම් තමා Online සල්ලි හොයන ක්‍රම ගැන තියෙන පාඨමාලා. කියන්නේ නම් ගෙදර ඉඳන් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියලා. ඉස්සර නිවසේ සිට කරන රැකියාවලට තිබ්බේ ලියුම් කවර සෑදීම, හඳුන් කූරු හැදීම , බිම්මල් වගාව වගේ ඒව දැන් ඒ ගොඩට අළුතින්ම එකතු උන එක තමා Online Money කියන එක.

2000/= විතර ඉඳන් 20000/= විතර වෙනකම් අයකරලා තමා මේ Online සල්ලි හොයන ක්‍රම උගන්නන්නේ. දැන් කාලෙකට ඉස්සල්ල කවුදෝ කෙනෙක් මේ වගෙ කතාවක් කියල Slot වික්ක. මාත් Slot ගන්න හදලා ඒකක් ගන්නවත් අතේ සල්ලි තිබ්බේ නැති නිසා යන්තම් බේරුනා.අන්තිමට මිනිහා අතුරුදහන් උනේ කෝටි ගානක් සල්ලිත් එක්ක.

එක දැන්වීමක් මන් දැක්ක ඒකෙ තිබ්බේ Google සමගමේ Part Time රැකියාවක් කරන්න එන්න කියලා වගේ කතාවක්.හැමෝම කැමතියි පොඩ්ඩක් වැඩකරලා ගොඩක් සල්ලි හම්බවෙන රස්සාවක් කරන්න. ඒත් ඔය Online සල්ලි හොයන විදිහ කියන තරම් ලේසිද කියලා නම් මන් දන්නේ නැහැ. මන් දන්න විදිහටනම් ඒක හිතන තරම් ලේසි නැහැ හැබැයි කරන්න බැරිම දෙයක්නම් නෙමෙයි.

Online සල්ලි හොයන්න හොයන්න ගිහින් අතේ තියෙන ටිකත් නැතිකරගන්නවට වඩා මහන්සිවෙලා ටිකක් හරි හම්බ කරගන්න විදිහ තමා හොඳම.

Dec
31

සංසාරණ්‍යයේ අසබඩ
ගොපළු තරුණයා
සයිමන් නවගත්තේගම
මට පිස්සු

කිසිම තේරුමක් නැහැ. ගොඩ දවසක ඉඳන් හිතේ තියෙන වචන ටිකක්. මොන හේතුවකට කිසිම සම්බන්ඳයක් නැති මේ වචන ටික මගේ හිතට ආවද මන්දා. මන් හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවද කොහේද.සංසාරණ්‍යයේ අසබඩ කියන පොත මන් කියෙවුව කාලෙකට කලින් ඒක ලියල තියේන්නේ සයිමන් නවගත්තේගම. පොතේ තිබ්බ මේලෝ සංසාරයක් මට තේරුනේ නම් නැහැ

ඉතින් හෙටින් උදා වෙන නව වසර හැමෝටම සුබ එකක් වේවා!!!!

Dec
30

අරක්කු, බියර්, සිගරට් මිල අඩු වේවා!!!
වැඩි වැඩියෙන් බොන්න ලැබේවා!!!!!
බොන්න නෙමෙයි නාන්න ලැබේවා!!!!
පඩි වැඩි වේවා!!!

Dec
29

මගේ අනික් වැඩ කටයුතු වගේම බ්ලොග් ලිවිල්ලටත් පටන් ගන්නකොට තිබ්බ උනන්දුව දැන් නැහැ (මේ දවස් වල මම වැඩියෙන්ම උනන්දු වෙන්නේ මොනාටද කියලා මම වත් දන්නේ නැහැ). මුලදි දවස ගානෙම ලිවුවා දැන් දැන් සතියකට එකක්වත් නැහැ. සැප්තම්බර් 22 ක් තිබ්බට දෙසැම්බර් වෙනකොට ඒක 6 ට බැහැල.

බීම ඇරෙන්න (ඒක නම් පටන් ගන්නකොට තිබ්බට වඩා උනන්දුවෙන් සහ බොහෝම පිලිවෙලට සැලසුම් සහගතව දැන් කරනවා ) අනික් හැම දේකම තත්වේ ඕකයි.

ඉතින් මම කොහොමද මනුස්සයෙක් වෙන්නේ. මම වගේ මිනිස්සු ඉන්න මේ රට කොහොමද දියුණු වෙනනේ???

කම්මැලිකම!!!!!!!!

Dec
23

උපතින් බෞද්ධ නිසා මන් බෞද්ධයෙක් ඒ ඇරෙන්න විශේෂ ආගමික ලැදියාවක් නම් මට නැහැ. බාරදීපු දවසට පමනක් සීමා වෙච්ච මගේ දහම් පාසැල් ගමනෙනුත් මගේ ආගමික නැඹුරුවට එච්චරම උපකාරයක් උනේ නැහැ. හැබැයි මන් ඔය හතර පෝයට සිල්ගන්න අයට වඩා නම් හොඳ බෞද්ධයා කියල නම් මන් දන්නවා.
නත්තල් උත්සවයේ පරමාර්ථනම් මන් දන්නේ නැහැ හැබැයි මන් කැමතිම ආගමික් උත්සවය නත්තල මොකද ඒකට විතරයි බාර් වහන්නේ නැත්තෙ. අපෙ හැම එකටම බාර් වහල වැඩිගානට විකුනන එකනේ කරන්නේ. පොයටයි අවුරුද්දටයි හැම එකටම බාර් ටික වහගන්නවා ඊට පස්සෙ ඒ වහපු බාර් එකෙන්ම වැඩිගානට විකුනනවා. මේ පාරා නත්තලට බොන්න එපා කියල හැමතැනම පෝස්ටර් ගහල තියෙන්වා මන් දැක්ක ඒත් ඕවායින් වැඩක් වෙයිද නම් මන් දන්නේ නැහැ.මන් නම් දත කට මැදගෙන ඉන්නෙ 24,25,26 හොඳට සෙට් වෙන්න ( හරියයිද නම් දන්නේ නැහැ ).
එහෙනම් චියර්ර්ර්ර්ස්ස්ස්ස්!!!!

Dec
16

ශාරුක් ඛාන්ගේ අළුත්ම චිතරපටිය Rab Ne Bana Di Jodi ලොවපුරා ප්‍රදර්ශනය කරන දවසෙම ලංකාවෙත් ප්‍රදර්ශනය ඇරඹුවා. තාම බලන්න නම් යන්න බැරි උනා ගිය සති අන්තයේ තිබ්බ පොලිම දැක්කම තව කාලෙකට සෙනඟ අඩුවෙන එකක් නැහැ කියලා හිතුනා. ඔය චිත්‍රපටිය බලන්න යන අදහසක් තියෙන නිසා මම සිංදු ටික Download කලා. එකක් දෙකක් තියෙන්වා හොඳ එවා. මුළු ෆිල්ම් එකටම සිංදු පහයි තියෙන්නේ. එකත් පුදුමයි. ෆිල්ම් එක බලන්න කලින් සිංදු ටික අහලා ගියාම ෆිල්ම් එක යන අතරේ සිංදුව ඇහෙනකොට මාර ගති . මන් හිතන්නේ ඒක වෙන්න ඇති ෆිල්ම් එක එන්නත් කලින් සිංදු ටික විකුනන්න දාන්නේ

ලිබර්ටි සිනමාහලෙ මේ ෆිල්ම් එකෙ අළුත් වැඩක් පටන් අරන්. සති අන්තෙට ගාන වැඩි. ලඟදි ලිබර්ටි එකෙ ෆිල්ම් එකක් බලපු නැති නිසා කලිනුත් තිබ්බද දන්නේ නැහැ. හැබැයි මේකෙනම් එහෙමයි. සති අන්තෙ බැල්කනි ටිකට් එකක් 360/= සතියේ දිනවල 340/= කොහොම උනත් ෆිල්ම් ටිකට් එකක් 360/= කියන්න්නේ නම් මාර වැඩි වගේ (අරක්කු බාගෙක ගාන අප්පා ). පුදුමයක් නැහැ මිනිස්සු රුපියල් 100/= දීලා DVD එක ගෙදර ගෙනියන්නම ගන්න එක.

දැන් බලන්නකෝ දෙන්නෙක් එක්ක ගිහින් සති අන්තයේ ෆිල්ම් එකක් බලන්න 720/= ෆිල්ම් ටිකට් වලට විතරක්. තව කන්න බොන්න මොනාහරි ගත්තොත් අඩුම ගානෙ 300/= ක් වත් යනවා ඊලන්ගට ෆිල්ම් බලල නිකන් එන්න පුළුවනෑ දවල්ට කන්නත් එපායැ ඒකටත් 1000/= ක් 1500/= ක් විතර ගියාම සතිඅන්තෙට විතරක් 2000/= ක් 2500/=ක් ඉවරයි. අනේ මන්දා කොහොම කරන්නද කියලා.

ශාරුක් ඛානුත් අපිටමනේ කෙලින්නේ!!!!!!

Dec
9

පහුගිය දවස් වල නිකුත් උන සිංහල Music Video කිහිපයක්ම මාත් ඉතින් Download කරල බැලුවා සමහර ඒවා හොඳයි සමහර ඒවා නම් ඉතින් ගන්න දෙයක් නැහැ සිංදුවත් වැඩක් නැහැ Video එකත් වැඩක් නැහැ සමහර ඒවායෙ නම් සිංදුව කෙසේ වෙතත් Video එක නියමෙට තිබ්බ නිසා බලන් හිටිය.

මේ හොඳ නරක දෙජාතියෙම තිබ්බ එපාම කරපු දේ තමයි සිංදුවට කිසිම ගැලපීමක් නැතුව වෙළඳ භාණ්ඩ ප්‍රචාරය කිරීම. බීම බොතල්, බීම කෑන්, මදුරු නාශක ජංගම දුරකතන, දුරකතන සේවා, සුවඳ විළවුන් ආදී මෙකී නොකී සියළුම වර්ගවල දේවල් මේ සිංදු අස්සේ තිබ්බා. සිංදුවටනම් මේවායේ කිසිම අදාලත්වයක් නැහැ.

අළුත් තාලේ Music Video එකක් හදන්න ගොඩක් වියදම් අනිවාර්යෙන්ම යන්වා ඇති ඇයි ඉතින් හැම දරශනේකටම වගෙ බාගෙට ඇඳ ගත්තු ගෑනු ලමයිව දාන්න එපායැ. එයාල නිකන් එහෙම ඉන්නවායැ. ඉතින් ඒ වියදම ටිකක් හරි පිරිමහගන්න මෙහෙම වෙළඳ දැන්වීම් දන්න ඕනේ ඇති ඒත් ඉතින් ඒක බලන අයට අප්‍රසන්න විදිහට නොපෙනෙන විදිහට දාන්න මෙයාලට බැරිද දන්නේ නැහැ.

කොහොමත් බාගෙට බාගයක් මේ Video හින්දි, ඉංග්‍රීසි කොපි කරලානේ හදන්නේ ඒත් එවායෙ මෙහෙම තියෙන්වා මටනම් මතක නැහැ. තිබ්බත් මේ තරම් තියෙනවද මන්දා

Dec
4

මම මේ කඩේ කෑම කිවුවෙ කඩයක් කන එකක් ගැන නම් නෙමේයි කඩවල් වල විකුනන්න තියෙන සුපිරිසිදු සුමිහිරි කෑම ගැන. දවසේ කෑම වේල් තුනෙන් දෙකක්ම කඩෙන් කන නිසා තමයි මේක ගැන ලියන්න හිතුනේ. අපි කඩෙකට ගිහින් කෑවම අනිවාරයයෙන්ම කඩේ මුදලාලි කියන ගාන ගෙවලා තව කීයක හරි වේටර්ටත් ගෙවල තමා එන්නෙ (වේටර්ට දෙන එක මම දැන් කරන්නේ නැහැ ) ඉතින් එහෙම කරලා එන අපිට ගෙවන මුදලට සරිලන කෑම වේලක් මේ කඩවල් වලින් දෙනවද?

මට තේරෙනෙ විදිහටනම් කඩවල් වලින් 99%කම දෙන කෑම ගැන කොහෙත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක ඉඳල හිටලා කනකොට තේරුනේ නැතත් දිගටම කනකොට හොඳට තේරෙනවා. පිරිසිදු කම කියන එක නම් මොකද්ද කියලවත් කෑම කඩ කාරයො දන්නේ නැහැ. කෑම අහක දාන්න හොඳ නැහැ තමා ඒත් දවල් බත් රෑට ෆ්‍රයිඩ් රයිස් වෙන එක වරදක් නැහැ ඒත් එක පහුවදාට නාසිගුරාන් වෙන එකනම් වැරදියි.ඉතුරු වෙන මාළු පිනි ශීතකරනයේ දදා ආයි ආයි දෙනවා. ඊලන්ගට උයන්න ගේන්නෙ වෙලඳ පොලේ තියෙන ලාබම එළවළු වර්ග. ලාබ උනත් කමක් නැහැ තේරිච්ච නැති හොඳ ඒව ගේනවනම් එකත් ගන්නේ නරක් වෙන්න ඔන්න මෙන්න එවා.

පහුගිය කාලෙ හාල්මිල සීඝ්‍රයෙන් ඉහල ගියා ඒ කාලෙත් බත් ගනන් වැඩි උනා, ඊට පස්සෙ කාලයක් එළවළු මිල වැඩි උනා එතකොටත් බත් වල ගාන වැඩි උනා. ඒත් දැන් මෙවා එහෙම්ම වැඩි නැහැ හැබයි වැඩි උන බත් වල ගාන ඒකම තමයි. පාරලිමේන්තුවේ කෑම වෙලට වෙළඳ පොලේ බඩු මිල බල නොපෑවට නිකන් කඩවල් වලට ඒක බලපානව. හරිම කලාතුරකින් තමා හොඳ බත් කඩයක් ගැන අහන්න හම්බ වෙන්නේ.

කෑම කඩ බොහොමයක් අරිනවට වඩා වේගෙන් වැහෙන්නෙ මෙ විදිහට ජාරාව මිනිස්සුන්ට කවන නිසා වෙන්න ඇති

Dec
3

නිකන් ඉන්න වෙලාවට මන් අපේ සුද්ද සිංහල වචන වලට ගූගල් වල තියෙන තැන හොයන්න ඒවා ගූගල් වල Search කරලා බලනව. මේ ලඟදි ආපු ප්‍රථිඵලයක් දැක්කම මටම පුදුමයි. අපේ කුණුහරපවලට ගිය තැනක්. කැමති නම් ගිහින් බලන්න. (කාන්තාවනට සුදුසු නැත ) ඉතාලියේ රොක් සංගීත කන්ඩායමක පලමු ඇල්බමයේ නම අපේ ලංකාවට අනුවනම් සුද්ද සිංහල එකක්. වැඩේ තියෙන්නේ Amazone වල මේක විකුනන්නත් තියෙන්වා ඒ නමින්ම. ලඟදි මචං නුත් බලපු නිසා අපේ ඈයො පිටරටවල ගිහින් නිකම්ම ඉන්නේත් නැහැ කියලයා හිතුනා.

මූ නම් මහ නැහැදිච්ච එකෙක් කියලා මට බනින්න නම් එපා ඕන්. ඔව් මම නැහැදිච්ච එකෙක් තමා. මගේ කොම්පියුටර් එකෙන් මම මට හිතෙන ඕනෙම වචනයක් Search කරනවා ඒකෙ වැරැද්දක් නැහැනේ.

සිංහලෙන්ම සුද්ද සිංහල වචන Search කලාම ගොඩක් ප්‍රතිඵල එන්නේ සිංහල බ්ලොග් වලට අනික් අය දක්වපු අදහස් ඉතින් එහෙම අදහස් දක්වන අයට සාපේක්ෂව මන් එච්චරම පහත් කියල මන් හිතන්නේ නැහැ.

Nov
25

මචං ගැන ගොඩ දෙනෙක් බ්ලොග් වල ලියල තිබ්බ

මලී
ආගන්තුකයා
ප්‍රියංකර
පැතුම්
තිලිණ

මේ හැමෝම වගෙ කියල තිබ්බේ හොඳයි කියලා. මාත් කියන්නේ හොඳයි කියල තමා.
අබා ගැනත් බ්ලොග් ලිපි දකින්නට ලබුනා. ඒත් මචං තරම්ම ලිපි මම නම් දැක්කේ නැහැ.

සුපුන්
අදහස් අවකාශය
රජිත් විදානආරච්ච

මම කියන්න යන්නේ ඒක නෙමෙයි අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අය අබා ගොඩක් වර්ණනා කලා. මචන් වලට එයාලගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒත් බලපු අපේ ප්‍රතිචාර අබා වලට වඩා මචං වලට වැඩී ඒ කියන්නේ අපි හරියට ෆිල්ම් බලන්න දන්නේ නැහැ කියන එකද නැත්නම් එයාල දන්නේ නැහැ කියන එකද?එහෙමත් නැත්නම් ඒ උදවිය චිත්‍රපටි වලට සහතික දෙන්නේ ඒකෙ ඉන්න අය හදපු කෙනා එහෙම දිහා බලා මිසක චිත්‍රපටිය බලන්නේ නැතුවද?එහෙමත් නැත්නම් අපි චිත්‍රපටියක් වත් හරියට රස විඳින්න දන්නේ නැති මෝඩයොද?

අනේ මන්දා

Nov
24

ඊයේ ගියා දෙමළ ෆිල්ම් එකක් බලන්න ගොඩකාලකෙට පස්සෙ තමා ගියේ ෆිල්ම් හෝල් එකට දෙමළ ෆිල්ම් එකක් බලන්න. ඉස්සරනම් මන් එන හොඳයි කියලා හිතෙන ෆිල්ම් සේරම වගේ බැලුවා. බෝයිස් බැලුවෙ පෝලිමේ පොරකාල ගිහින් ඉස්සරහම පේලියක ඉඳන්. මේකත් බැලුවේ එහෙම ඉස්සරහා ඉඳගෙන. සිංහල ප්‍රේක්ශකයෝ වගේ නෙමෙයි දෙමළ අය සජීවීවම සම්බන්ඳ වෙනව ෆිල්ම් එකේ අවස්ථා එක්ක. අප්පුඩි ගහනවා, විසිල් ගහනවා, හූ කියනවා සිංදු යනකොට නැගිටලා නටන අයත් නැත්තෙමත් නැහැ. මට දෙමළ තේරෙන්නෙ නම් නැහ ඒ වුනාට රූප බලා ඉඳල කතාව තේරුම් ගන්න පුළුවන්.

ෆිල්ම් එකනම් එච්චරම හොඳ නැහැ ඒ උනට බලාගෙන ඉන්න බැරි තරම් නරකමත් නැහැ. එක සිංදුවක් තිබ්බ ගොඩක් ලස්සන. මේන්න දෙමළ සිංදු අහනවනම් අහලම බලන්නකෝ.

ෆිල්ම් එක බැලුවෙ මරදානේ සිනෙ සිටි එකේ. මන් දන්න ෆිල්ම් හෝල් වලින් හොඳම එක තමා දෙහිවල කොන්කෝර්ඩ් ඊලඟට සිනෙසිටි. ගානනම් 300/= ක් තම ඒත් සැප පහසුව අතින් නම් හරිම ඉහලයි . සිංහල ෆිල්ම් පෙන්නන එක හෝල් එකක්වත් මේච්චර හොඳ නැහැ. මේ දෙකේම පෙන්නනේ දෙමල ෆිල්ම් විතරයි. සීට් පේලි දෙකක් අතර කකුල් සම්පූර්නයෙන්ම දිගාරින්න ඉඩත් ඉස්සරහ පේලියෙ කෙනගෙ ඔලුවට වැහෙන්නැති විදිහටත් තියෙන්නේ.

වැඩි විස්තර මේකෙ තියෙනවා

Vaaranam Aayiram

අපේ රටේ අනික් භාෂාව, මන් දන්නේ යන්තම් දෙමළ හෝඩිය විතරයි බ්ලොග් පොස්ට් එකක් ලියන්න තරම් වත් දෙමළ භාෂා දැනුමක් තිබ්බනම් මන් ගොඩක් සතුටු වෙනවා.

Nov
23

සිංහල භාෂාවේ තියෙන තනි අකුරේ රසවත්ම වචනය මේක කියල මටනම් හිත්න්නේ. වෙන එකක් ගැන මටනම් කල්පනා වෙන්නේ නැහැ. දවසින් දවස ඉහල යන අරක්කු මිල හමුවේ මන් වගේ පීඩිත පන්තියෙ පුද්ගලයෙකුට දරන්න පුළුවන් මිලකට තියෙන දෙයක් වීම ගැන මටනම් හරිම සතුටුය.

කොළඹ ඉඳලා මිනුවන්ගොඩ යනකොට ඒකල හන්දියේ ඔරලෝසු කණුව පහුවෙලා මීටර පනහක් විතර ගියතැන දකුණු අත පැත්තෙත්, කොළඹ ඉඳලා මීගමුවට යනකොට සීදූව හන්දිය පහුවෙලා කිලෝමීටරයක් විතර ගිය තැනත් රා තැබෑරුම් තියෙනවා. (මන් දන්න මන් ඉන්න හරියට කිට්ටුම ඔය දෙක තමා. තව දාගොන්නේත් තියෙන්වලු සිරා පොට් එකක්, රා කලයක් අරන් පැදුරේ වාඩිවෙලා බොන්න පුළුවන්. ඒත් බීලා වාහන එලවන්න බැරි නිසා මට තාම නම් යන්න හම්බ වෙලා නෑ ඒකට )

රා අනික් බීම තරම්ම ශරීරයට අහිතකරයි කියලා මන් හිතන්නේ නැහැ. මොකෝ ගොඩක් පරණ අය රා ගැන කිවුවම කියන්නේ හරිම ගුණ බීමක් කියලා.හැබැයි සෙම තියන අයටනම් ටිකක් අගුණයි . සෙම වැඩිවෙනවා ටිකක් . රා විකුණන බොහෝ තැන්වල මඤ්ඤොක්ක බයි එකට ගන්න තියේන්වා ඒකට හේතුවනම් මන් හරියටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් රා බෝතලයක් රුපියල් 40 එක්කෙනුකුට බෝතලයක් බොන එක එච්චර අමරු නැහැ. ඒක නිසා ලාබෙටම ගානකට වෙරිවෙන්න පුළුවන් බීම තමා රා කියන්නේ. රා වීදුරුවට ලුණු කුඩුයි ගම්මරිස් කුඩුයි කලවම් කරලා දැම්මම පොඩි ගතියක් තියෙනවා ඒක වෙන්නේ කොහොමද මන් දන්නේ නැහැ ඒත් රා විකුණන තැන්වල ඔය මිශ්‍රණය තියෙලා තියෙනවා කැමැති අයට දාගන්න

සමහර අය අකමැති උනත් මටනම් රා කියන්නේ ඉතින් හොඳ බීමක්

Nov
14

අද වැඩට ආවේ මගේ පාපැදියේ. මීටර් 100ක් වත් පදින්න හම්බ උනේ නැහැ මට හොඳටෝම හති. ආපහු බයිසිකලය ගෙදර දාල බස් එකේ එන්න හිතල ආපු එකෙ ඒකෙම එනව කියල බයිසිකලය පැදගෙනම ආව.මට මගේ කාර්යාලයට එන්න තියෙන්නේ කිලෝමීටර් තුනක් විතර කොහොමහරි ඔය ටික එනකොට මගෙ හොඳ පන ගිහිල්ල. දාඩිය පෙරාගෙන අවිත් වැඩ පටන් ගත්තා. මේකෙන් මට මගේ ශරීර ශක්තිය ගැන හොඳ අවබෝධයක් ලැබුනා. මන් වගේම දුර්වල නැතත් අනික් බොහොමයක් පරිගනක ආශ්‍රිතව වැඩකරන අයගේ තත්වය මීට සමානයි කියල මටනම් හිතෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් යතුරු පුවරුවට කොට කොට ඉන්නවා මිසක් ශාරීරික ව්‍යායාම වල යෙදෙන්න කාටවත් වෙලවක් නැහැ.

බොහෝ වෙලාවට පරිගනක වෘත්තිකයන්ගේ රැකියාවල් සුරක්ෂිත නැහැ. ලොක්ක යන්න කියපු ගමන් එලියට බැහැලා යන්න වෙනවා. ඒ වගෙම සෞඛ්‍යා රක්ෂන වගේ දේවලුත් නැහැ. ඉතින් මේ වගෙ රැකියාවක නියැලෙන අපි ගොඩක් වෙලවට ඉන්නේත් මානසික පීඩනයෙන් ඉතින් ඔය අතරට ශරීර සෞඛ්‍යත් පිරිහිලා ලෙඩෙක් වෙලා යන එන මන් නැති උන දවසක බලගනන කියන්න වෙන්නේ කාටද මන්දා.

වර්තමානයේනම් පරිගනක වෘත්තිකයන් විශාල් වශයෙන් මුදල් උපයනැවා හැබැයි අනාගතයේ අපේ රටේ ඉතුරු වෙන ලෙඩ්ඩු ටික සනීප කරන්න මේ උපයන මුදල් ප්‍රමානවත් වෙයිද මන්දා.

Nov
12

අද පෝය දවස වාසනාවකට නිවාඩු හම්බ උනා. හවස් අතේ මන් Download කරල තිබ්බ Film එකක් බැලුවා නම Death Race. අපි ජීවත් වෙන්නේ අපිට කැමැති විදිහටද? අපි ජීවත් වෙන විදිහ තීරනය කරන්නේ අපිමද? අපේ අනාගතය තීරනය කරන්නේ අපිමද?මට හිතුනේ මේවා තමා මේ Film එක බැලුවම. අවසානය එතරම් උද්වේගකර නැතත් හොඳ Film එකක්.

මේ සමාජය ශිෂ්ඨයි කිවුවට මටනම් හිතෙන්නේ මේක මිලේච්චයි කියලා. තව කෙනෙක් ගේ මරණය අනික් අයට මුදල් ඉපයීමේ මාරගයක් වෙලා. අනික් අය මැරෙන හැටි බල බලා මිනිස්සු විනෝද වෙනවා. මරණය වෙනුවෙන් ඔට්ටු අල්ලනවා. මිලියන ගනනක් මිනිස්සු, තව කෙනෙක් මැරෙනවා බලල විනෝද වෙන්න අන්තර්ජාලෙන් එක රැස් වෙලා.

අන්තර්ජාලය තුල මෙවැනි දේ සිදුවෙනවද කියලානම් මන් දන්නේ නැහැ. ඒත් නොවෙනවා කියන්නත් බැහැ. හැම නිර්මානයක්ම මනංකල්පිතම නෙමෙයිනේ.

Action Movie එකක් නිසා කාන්තාවන්ටනම් ගැලපෙන එකක් නැහැ. ඉදිරියේදී ලිබර්ටි සිනමාහලේ පෙන්නනවා කියලා තියෙනවා එයිද දන්නේ නහැ. මොකෝ පෙන්නනවා කියන සේරම මෙහෙ පෙන්නනේ නැති නිසා

Nov
11

සිදාර්ථ
ඇභිනිෂ්ක්‍රමනයෙන් ලද
මට
මරණයෙන් ලැබෙනවනම්

Nov
9

හෙට සඳුදා. මටනම් සතියේ එපාම කරපු දවස. අළුත් සතියක ආරම්භය ඒ කියන්නේ හෙට ඉඳන් දවස් පහක් වැඩ කියන එක. ආසම දවස සිකුරාදා. මේකාලේ හැමෝටම වගේ පොඩි හරි රස්සාවක් හොයා ගන්න පුළුවන් තරම් ඇබෑර්තු ඉරිදා පත්තරවල තියේන නිසා රැකියාවක් නැති නිසා අසහනයෙන් පෙලෙන අය හම්බ වෙනවා අඩුයි. හැබැයි ඒ අඩුවටත් හරියන්න රස්සවක් කරන ගමන් එ ගැන අසහනයෙන් පෙලෙන අයනම් ගොඩක් ඉන්නව මාත් ඇතුළුව.

ලැබෙන පඩිය අඩුවීම, වැඩ වැඩිවීම, ලොක්කන්ගේ අලි පාට් බලන්න සිදුවීම, නොයෙකුත් අසාධරණ කම්,වැඩ කරන තරමට ඇගැයීමක් නොමැති වීම, අයිස් ගහන අයට වැඩි සැලකිලි ලැබීම. මෙකී නොකී විවිද හේතු නිසා වැඩකරන අය අසහනයෙන් ඉන්නව. ඉතා ඉහල වැටුප් ලබන අයත් තමන්ගේ රකියාව ගැන සතුටින් නොසිටීමත් පුදුමයට කාරනාවක්.

මේකට හේතුව මිනිස්සු කවදාවත් කිසිම දෙයකින් තෘප්තිමත් නොවීමම කියන්නත් බැහැ.

රජයේ සේවකයො නිතර නිතර වරජන කරන්නෙත් මේ අසහනේ නිසාම කියලයි මටනම් හිතෙන්නේ. බැලුවම දොස්තරලත් ඉන්නේ අසහනෙන්

මට හිතෙන්නේ නම් හැමෝම ජීවත් වෙන්න රස්සවක් කලත් ඒක කරන්නේ සතුටින් නම් නෙමෙයි කියලයි.

ජේම්ස් බොන්ඩ් අළුත් චිත්රපටියක් ඇවිත් Quantum of Solace . තාම Download කරන්න තියෙන්නේ නම් Camara Copy එක විතරයි

Nov
7

මගේ ජීවිතේ එක එක කාලේට මන් එක එක දේවල් වලට අසා කල. කොච්චර ආස දෙයක් උනත් එක දිගට දීර්ඝ කාලයක් පැවතිලා නැහැ. මන් හිතන්නේ වැඩිම කාලයක් තියෙන එකම ආසාව තම පොත් වලට තියෙන ආසාව. ඒකනම් මට මතක ඇති කාලෙක ඉඳන් තාමත් තියෙනවා.අවුරුදු දහයක් දොලහක් වෙනකම් මන් මොනවටද ආස කලේ කියල මට මතක නැහැ. අවුරුදු දහතුන දාහතර වගේ කාලෙ මට පුදුම හින්දි උනක් තිබ්බ. ඒකලෙ තමා රූපවාහිනියේ හින්දි චිත්‍රපටි පෙන්නන්න පටන් ගත්තේ. ඒ කාලෙ මම ඒව බලනව ඊට පස්සෙ සින්දු කැසට් වල පටිගත කරගන්නවා නළු නිළියන්ගේ පින්තූර එකතු කරනවා.කොටින්ම හින්දි සිනමාවට ඇබ්බැහි වෙලා හිටියේ

අපොස සාපෙ කරන කාලෙ වගේ නම් ප්‍රේමයට ඇබ්බැහි වෙලා හිටියා. ඊට පස්සේ උසස් පෙළ කරන කාලේ කොළඹ තිබ්බ හැම ෆිල්ම් හෝල් එකකටම ආපු ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා හිටියා. දෙපාරක්ම බොරුවට උසස් පෙළ කරල යන්තම් පාස්වෙලා පරිගණක අධ්‍යපනය පටන්ගත්ත කාලේ ඉඳලා අන්තර්ජාලෙට ඇබ්බැහි උනා හැබැයි එක එක විශය වලට. මුලදිම ඇබ්බැහි උනේ එකම අකුරේ අකුරුතුනේ වචනෙට . වෙනදෙයක් නැහැ අන්තර්ජාල සම්බ්න්ධතාවයක් එක්ක පරිගණකයක් හම්බ උනාම ගූගල් ගෙන් අහන්නේම ඕක ගැන. එක බොහොම ටික කාලයයි ඊටත් පස්සේ ඔන්ලයින් චැට් රූම් වලට ඇබ්බැහි උනා මෙලෝ සිහියක් නැහැ චැට් කරනවා. ආයි කාලයක් මොකුත් නැතුව ඉඳලා එහාට මෙහාට ඊමේල් ෆෝවඩ් කරන්න ඇබ්බැහි උනා. පහුගිය ටිකේ බ්ලොග් වලට ඇබ්බහි වෙලා හිටියා එක තාම ටිකක් තියෙනවා. මේ දවස් වල මුහුණු පොතට ඇබ්බැහි වෙලා ඉන්නේ. එකත් දැන් දන් එපා වේගන එන නිසා තව ටික කාලෙකින් ඉවර වෙයි. ඊට පස්සේ තව දෙයක් හොයා ගනී.

හැබැයි කවදාවත් වැඩකට ඇති දෙයකටනම් මම ඇබ්බැහි වෙලා ඉඳල නැහැ.

Nov
6

Face Book මටනම් මාර වසංගතයක් වෙලා. වැඩ නැති විවේක වෙලාවට විතරක් නෙමෙයි වැඩ තියෙන කාර්ය බහුල වෙලාවටත් මන් ගිහින් අනුන්ගේ ඕප දූප බල බල ඉන්න පුරුදු වෙලා. මේක නම් වහාම නවත්තන්න ඕනේ නැත්නම් රස්සවෙනුත් මාව එලවලා දායි අපේ බොස්. මේක ලෝකෙම ජනප්‍රිය වෙබ් අඩවියක් නොයෙක් ජාති පිරිලා තියෙනවා ඒත් ඇත්තටම බැලුවහම වැඩකට ඇති කිසිම දෙයක් මටනම් Face Book වලින් හම්බ වෙලා නැහැ. විවිද Application තියෙනව ඒත් ඇති ප්‍රයොජනයක් නැහැ. අපි නිකන් ඒකට ඇතුළු වෙලා වැඩත් පාඩු කරගෙන අයිතිකාරයන්ට සල්ලි හම්බ කරලා දෙනවා.

වැඩිපුරම තියෙන්නේ ඕප දූප කියල තමා මටනම් හිතෙන්නේ. අනික් අය කාපුව බීපුව කරපුවා කියවන්න. මෙලෝ වැඩකට නැති එවායේ රස විඳින්න තරම් මාව පහලට වැටුනේ ඇයි කියලා මම නම් දන්නේ නැහැ.

Nov
5

මේකනම් මගේ කවියක් නෙමෙයි . ඒත් ඒක කියෙවුවම මට කොපි නොකර ඉන්න බැරි උනා ඒක ඒ තරමටම රසවත් නිසා

සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..

මට මේක හම්බ උනේ මෙතනින

මේය තමා මේක එතනට දාල තිබ්බේ

මේ තියෙන්නේ ලියපු කෙනාගෙ බ්ලොග් අඩවි.
අඩිය
අන්‌දරේ‍ගෙ......... ‍කෙරුම්

මේ කවිය කාගේද කියලානම් දන්නේ නැහැ. කාගේ උනත් මොකද රසවත් කවියක් නේ අපි මේක රසවිඳිමු

මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය මේ කවිය. මේකටනම් තෑග්ගක් දෙන්න වටිනවා

මේ කවිය තවත් තැන්වල තිබිලා තියේන්වා. මේ ඒව ගැන. හරේෂ් ට ස්තුති ඒ ගැන කිවුවට
මේ තවත් තැනක්
මේ එයගෙ ඡායා රූප එකතුව
තව වැඩි විස්තර අදහස් වල තියෙනවා

කමක් නැහැ කමක් නැහැ කාගේ උනත්. මන් මේක ගත්තේ මහේෂ් දාපු පිළිතුරකින් නිසා මහේෂ් ට ස්තුති.

Nov
4

පහුගිය දවසක බෝතලයක් ගන්න ආර්පිකෝ එකට ගියවෙලාවෙ (ඉස්සරනම් ආර්පිකෝ යන්නේ රබර් මොනාහරි ගන්න ඕනේ උනාම දැන් ආර්පිකෝ එකේ නැති දෙයක් නැහැ. ෆුඩ් සිටියේත් බෝතල් තිබ්බට එකෙන් ගත්තම බෝතලේ කවරෙක දාල දෙන්නේ නැහැ එක නිසා ආර්පිකෝ එකෙන්ම තමා ගන්නේ . ආර්පිකෝ එකේ බෑග් එකක දාල ගානට කවර් කරලා දෙනවා ) බාරි එකේ ෆ්රිජ් එකේ නරක් වෙච්ච පළතුරු වල හොඳ කොටස් ටික කපලා ලස්සනට ඇසුරුම් කරලා තිබ්බ. බාර් එකේ සේවක මහත්තය කිවුවා පළතුරු බයිට් එකකුත් අරගන්න කියල. සාමාන්යයෙන් පැලතුරු විකුනනේ වෙනම තැනක දැන් එක බාර් එකටත් ඇවිල්ලා. ඉස්සර කෑම කාල අතුරු පසට කාපු පළතුරු දැන් අය කන්නේ බයිට් එකට. එකත් හොඳයි.

මම මේ අරක්කු ප්රචාරනය කරනවා එහෙම නෙමෙයි වැඩිපුර ලියවෙන්නේ හුඟක් සමීප දේවල් ගැන නේ. මොනාකරන්නද බොනදේවල් වැඩිපුර සමීප උනාට

Nov
3

මම මේ දැකපු දෙයක් තමා සාමාන්යයේන් සති අන්තයේ බ්ලොග් කියවනයට එච්චර අළුත් ලිපි එකතු වෙන්නේ නැහැ, සතියේ දිනවල තරම්. ඒත් වෙන්න ඕනේ ඒකෙ අනික් පැත්ත සති අන්තයේ විවේකයේ වැඩිපුර ලිපි එකතු වෙන්න ඕනේ. මටනම් මේකෙන් පේන්නේ වැඩි දෙනෙක් බ්ලොග් ලියන්නේ එක්කෝ කාර්යාලයේ ඉඳන් නැත්නම් ඉගෙන ගන්න අධ්යාපන ආයතන්යේ ඉඳන්. මේ දෙතැනම ඉඳලා බ්ලොග් ලියන එක එච්චර හොඳ දෙයක් කියල මම නම් හිතන්නේ නැහැ. මාත් සමහර වෙලාවට කාර්යාලයේ ඉඳල බ්ලොග් ලියන්වා ඒත් ඒක වැරදි වැඩක් කියල තමා මටනම් හිතෙන්නේ
ඒත් ඉතින් ලියන්න දෙයක් හිතට ආවම ඒක ඉක්මනට අමතක වෙන්න කලින් ලියල දාන්ව මිසක ඉන්නේ කොහෙද කියල බල බල ඉන්න පුළුවන්ද.

Nov
2

අද ඉරිදා. මට ඊයෙත් වැඩ කරන්න සිද්ධ උනා. සතියම වැඩකලහම අඟට හරිම අමාරුයි , මම ඇඟ වෙහෙසන වැඩක් නොකලත් දවස් 6ක් එකදිගට වැඩකලහම ඇඟට පුදුම මහන්සියක් දැනෙනවා. ඒක නිසා අද ගෑණු ලමය හම්බ වෙන්න ගියෙත් නැහැ. ඒකට පොඩි පහේ යුද්ධයකුත් ඇති උනා. උදේ වරුවම නිදාගත්ත හවස නැගිටල Sex and the City: The Movie එක බැලුවා. ඉස්සර TV Series එක යනකාලේ ගොඩක් කැමැත්තෙන් බැලුවා එකක්. නම ටිකක් අවුල් උනත් හොඳ ෆිල්ම් එකක්. බලන්න කැමති අයට ටිකක් හොඳ Movie එකක්. කැමතිනම් බලන්න. මට නම් හොඳයි.

හෙට සඳුදා සතියේ අකමැතිම දවස මොනා කරන්නද ජීවත් වෙන්න රස්සවක් කරන්නම එපායැ. නැතිනම් කාල බිල ඉන්නෙ කොහොමද? (කන්න නම් කවුරු හරි දෙයි ඒත් බොන්න සල්ලි කවුරුත් දෙන්නේ නැහැනේ )

Oct
30

දවස ගානෙම බඩු මිල ඉහල යනවා ඒක අපි වගෙ පොඩි මිනිස්සුන්ට පුදුම විදිහට බල පන්නේ. පහුගිය දවසක මට ගිය වියදම් ටිකක් මේ
සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :640/= ( ඉස්සර 605/= )
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:192/= ( ඉස්සර 180/= )
අලියා සෝඩා පොඩි බෝතලයයි:55/=
පොඩි කොකා කොලා එකයි:65/=
රටකජු ග්රෑම් 100:30/=
කඩල ග්රෑම් 100:30/=
බුලත් විටයි:10/= (බිවුවට පස්සෙ එන ගඳ අඩු වෙන්න )
ඔක්කොම:1022/=
ඔන්න තුන් දෙනෙකුට යන්තම කාල බීල ඉන්න යන ගාන. මේක මේ ගෙදරක කරනවනම් නැත්නම් තව වැඩී
ඉතින් කොහොමද අපි වගේ පොඩි මිනිස්සු කාල බීල ඉන්නේ

Oct
28

පහුගිය දවසක අපි කට්ටිය නුවර එළියේ ගියා. නුවර එළියේ ගිහින් ඉතින් කරන්න දේවල් නැහැනේ ගිය වෙලාවේ ඉඳන් බොන එක ඇරෙන්න. බීම දැක්කම නෙමෙයි ඒත් තිබ්බ බයිට් එක දක්කම අපේ යාළුවෙක් ලියපු බ්ලොග් එකක් මතක් උනා. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. බොන්න තිබ්බේ ලෙමන් ජින් සහ ඇපල් සෝඩා. බයිට් එකට ඇපල් අච්චරු. හීනියට කපපු කොලපාට ඇපල් ගෙඩියකට ලුනු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාන විතරයි ඕනේ. පුදුම රසක් තියෙන්නේ. බයිට් එක හොඳ නිසාම හොඳට බොන්නත් පුළුවන්. නිකන් ඉන්න වෙලාවක ට්‍රයි එකක් දාල බලන්න මොකද හදාගන්න රුපියල් 30යිනේ යන්නේ එපා නම් විසිකලත් වැඩිය පාඩුවක් නැහැ. මන් හිතන්නේ ජින් ලෝකෙ හැම තැනම තියෙන්වා ඇපල් සෝඩා නැතත් ඇපල් ජූස් තියෙනවනේ ඒක නිස ඔය කොයි රටේ හිටියත් මේක ට්‍රයි කරල බලන්න බැරිකමක් නැති වෙයි.

Oct
24

මේ දවස් වල එපා වෙන්නම තියෙන නිසා හැමෝම කතාකරන දෙයක් වෙලා වැස්ස. යතුරු පැදිය ගමනා ගමනය සඳහා භාවිතා කරන අපි වගේ කට්ටියට ඉතින් උදේටයි හවසටයි වැස්සෙන් සිදුවන සේවාව ගැන නම් කියලා වැඩක් නැහැ. වැරැද්ද් වැස්සෙද නැත්නම් වහලෙ නැතුව මෝටර් බයිසිකල් හදපු මනුස්සයගෙද මන්දා. වැස්සත් එක්ක උදේට තියෙන සීතල නිදා ගන්න කියාපු එකක් ඒත් ඉතින් අවාසනාවට ජීවත් වෙන්න රැකියාවක් කරන්න වෙලානේ ඉතින් සීතලේ නිදා ගන්න වෙන්නෙ නැහැ. දවල්ට වහිනකොට නම් වැස්ස දිහා බලාගෙන හූල්ලන්වා අනේ ගෙදර හිටියනම් හොඳට පොරෝගෙන නිදා ගන්න තිබ්බා කියල. ඉස්කෝලෙ යනකාලේන්ම් වහින දවසට තමා වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කෝලෙ යන්නේ මොකද එදාට ලමයි අඩුයි ගුරුවරුත් නැහැ කලින් ඉස්කෝලෙ අරිනව ඒක නිසා ගිය වෙලාවෙ ඉඳන් කාගෙන් වත් බැනුම් අහන්නේ නැතුව වැස්සෙ සෙල්ලම් කරලා ගෙදර එන්න පුළුවන් නිසා. ඒවා නම් ඉතින් හැබෑම සොඳුරු මතකයන්.

වැස්සත් එක්ක තියෙන සීතලේ මත්පැන් වඩියක රහ බලන්න තිබ්බනම් ඉතින් මරේ මරු.

Oct
20

මගේ ඇඟ පුරාම තියෙන කම්මැලිකම ගැන තව ටිකක් ලියන්න ඕනේ කියල හිතුනා.හිතේ කොච්චර දේවල් තියෙනවද කරන්න ඕනේ කියල හිතාගෙනෑ ඒත් ඒවා හිතේ තියෙනවා විතරයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කලානම් මම බිල් ගේට්ස් වත් පරද්දල. නොදන්නෙත් නැහැ. කරන්නේත් නැහැ.

සරීර සෞඛ්‍ය එච්චර යහපත් නැහැ වගේ තේරුන නිසා අද වැඩට ගියේ නැහැ. ගෙදර ඉඳන් ශාන්ති දිසානයක ගේ දොලොස් මහ නවකතාව කියෙවුවා. ඒක ඉරිදා ලක්බිම පත්තරේ කොටස් වශයෙන් ගිය නවකතාවක්. මන් පොත ගත්තේ පොත් ප්‍රදර්ෂනයෙන්. සියල්ලෝම සතුටින් විසිරගියහ ජාතියේ පොතක් නෙමෙයි නිසා ඒකෙන් සතුටක් දැනුනේ නැහැ.

මේ දවස්වල හැඳෑවට වහිනව. වහිනව විතරක් නම් මදෑ අකුණුත් ගහනව ඉතින් නිතරම ට්‍රිප් එක යන නිසා වැඩිපුර ඉන්නේ කලුවරේ. හරිම සීතලයි. හීතල නැතිකරන්න පුළුවන් ජාති දෙකකට විතරයි එකක් තමා මත්පැන් වඩියක් අනික ගැන මන් කියන්නේ නැහැ. මේ වෙලාවේ වැස්සයි හීතලයි එක්ක මාත් එකක බ්‍රැන්ඩි වීදුරුවකුත් තිබ්බානම් කියලා වැඩක් නැහැ

Oct
19

පටන් ගන්න කොට නම් හිතුවේ හැමදාම බ්ලොග් පොස්ට් එකක් දානව කියල එත් දැන් දැන් ටික ටික ඒක මග ඇරෙනව. බ්ලොග් එකක් ලියන්න පැය භාගයක් හොයාගන්න තරම් කාර්ය බහුල පුද්ගලයේක් නම් නෙමෙයි මම. මන් හිතන්නේ තියෙන කම්මලි කම. මොකද ලියන්න දේවල් හිතේ ඕනේ තරම් තියෙනව. වෙලාවත් නැත්තෙම නැහැ එ උනාට ලිපි තමා නැත්තේ. මන් හිතන්නේ මගේ ජාතියේ වැරැද්දක් ද කොහේද. මේ ලඟදි කවුදෝ කියල තිබ්බ ශ්‍රී ලාංකිකයො ඉක්මනින් යමක් තේරුම් ගත්තට වැඩ කරන්න හරිම කම්මලි කියල. ඒකනම් ටිකක් ඇත්ත.

Oct
18

ගිනි මද්දහනේ
දවල් දොලහට
උණුසුම් කබායකින් සැරසී
සීතල තාර පාර මත
නිරුවත් දෙපයින් සිට
වින්ඳා මම
ජීවිතයේ සුන්ඳරත්වය!!!

Oct
17

කතාවට කියනව මිනිස්සු මුලින්ම බොන්න පටන් ගන්නේ බියර් වලින් කියල. මගේ ගැන ගත්තොත්නම් ඒක ඇත්ත. මොක්ද ඉතින් මාත් මුලින් බිවුවේ බියර් ටිකක් විතරයි පස්සෙ ඒක බියර් ගොඩක් උනා අන්තිමට අරක්කු , ජින්, වොඩ්කා, බ්‍රැන්ඩි බවට පත් උනා. හැබැයි තාම මුල අමතක කරල නැහැ ඉඳලා හිටලා බියර් බොනව ඒ වගෙම අනික් ජාතියක් බොන්න තරම අවට පරිඅස්‍රය සුදුසු නැත්නම් ඒ වගේ වෙලාවටත් ඉතින් බියර් තමා. ගොඩක් මහන්සි වෙලා ඉන්න වෙලාවට හොඳට කූල් බියර් එකක් ගැන මතක් කලත් මහන්සිය නැතිවෙනව එහෙවු එකේ එහෙම එකක් ඒ වෙලාවට බිවුවම් වෙන දේ කියන්න ඕනේ නැහැනේ .බියර් වල ඔක්කොම හොඳයි එක දේයක් ඇරෙන්න. බොන කොට බොන්න පුළුවන් වගේම ආපහු යනකොට යන්නත් පටන් ගන්නව එපා වෙනකම්. මේක කටින් ආපහු යන්න ගත්තොත් නම් බීම එපා වෙනවන දවස් දේක තුනකට. මොකද ඒක එතරම් අමරු කාරියක් නිසා

දැන් ඉතින් බියර් බොන්නත් අමරුයි මොකද ඒකෙත් ගනන් වැඩි කොරලනේ.

Oct
16

සිංහල බ්ලොග් කියවනයේ දැන් බ්ලොග් 150කටත් වඩා තියෙනව. මාත් ඉතින් නිකන් ඉන්න වෙලාවට ඔවට ගිහින් එහෙම බලනව. ඔක්කොම වගෙ හොඳ එවා . හැම එකකින්ම වගෙ ගන්න මොනවා හරි දෙයක් තියෙනව. ඔහොම බලාගෙන යනකොට මට හිතුනා මේ වගෙ බ්ලොග් වලට මන් කැමතියි කියල ඒවානම්
ප්‍රධාන ලිපිය ගොඩක් කෙටි එවා. එවා ඉක්මනින් කියවන්න පුළුවන්. මන් හිතන්නේත් බ්ලොග් ලිපියක් පුළුවන් උපරිමයට කෙටි වෙන්න ඕනේ. අනෙකුත් දීර්ඝ විස්තර කිරීම දැක්වෙන්න ඕනේ අදහස් තීරුව ඇතුලේ.
පිටුව ඉක්මනින් තිරයේ දිස්වීම. ගොඩක් වෙලාවට බ්ලොග් පිටුවට ඇතුල් කරල තියෙන උපාංග නිසා පිටු ලෝඩ් වෙන්න වෙලා යනව. අනික ඒ උපාංග වල එතරම්ම වැදගත් දේවළුත් නැහැ. ඇසට ප්‍රිය වෙන පාට. (අවාසනවට මගේ බ්ලොග් එකෙත් එ ලඛ්ෂණය නම් නැහැ )
මේවා ඉතින් මන් කැමති බ්ලොග් වල ලඛ්ෂණ විතරයි හොඳේ

ප.ලි.
මට අමතක උනා අපි බ්ලොග් ලියනේන් අපිට ලියන්න ඔනේ නිසනේ ඉතින් ඒක මොකටද අනික් අයට ඕනේ විදිහට හදන්නේ. අපි කැමති විදිහට සරසනව මිසක්

Oct
14

ආයිත් අරක්කු ගනන් වැඩිවේලා. මෙහෙම ගියොත් අපි කොහොමද හිතේ හැටියට බොන්නේ. රටේම ඉන්න මිනිස්සු බේබ්ද්දන්ට හෝ ගාලා බනිනව ඒ වුනට බේබද්දෝ තරම් රටේ ආර්ථිකයට තමන් හම්බ කරන සල්ලි වලින් දායකත්වය සපයන පිරිසක් තවත් මේ ලංකාවෙනම් නැතුව ඇති. මොකද ඔය සල්ලි හම්බ කරන වැඩි දෙනෙක් හරියට ආදයම් බදු ගෙවන්නේ නැහැනේ.සාමාන්ය මිනිස්සු සල්ලි හෙව්වට ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ එයලා පාවිච්චිකරන ගොඩක් දේවල් වලට ආණ්ඩුවෙන් බදු සහනත් දෙනව. ඒ උනට බේබද්දො අරක්කු බිව්වත් වැඩි කොටසක් ආණ්ඩුවේ බදු. සිගරට් එකක් බිව්වත් එහෙමයි. මෙච්චර දෙයක් කරන බේබද්දන්ට රටේ මිනිස්සු සලකන විදිහනම් හරිම වැරදියි

Oct
10

Facebook

Gamil

Blogger

yahoo

මල්ටි බැරල්
T-56

ආටිලරි

මෝටාර්

කුඹුර
බිත්තර වී

පෝර

ට්‍රැක්ටර්

අපි
මෙඋන්

සහ

ඔවුන්

Oct
7

ආයි නම් මන් මගේ ජීවිතේට අරක්කු බාග නම් ගන්නේ නැහැ. මොකද ඔය බාගෙ බොන්න තව බාගයක් ඕනෙමයි එක හොයන එක මල වදයක් . ජාති දෙකකින් කලවම් කරන්නත් බැහැ. අනික් බාගේ හොයන්න ගියාම අරක්කු එපා වෙනවා. ගම්පහ තියෙන බාර් වලින් වැඩි හරියක සංස්ථා අරක්කු නැහැ. තියෙන්නේ මෙන්ඩිස් විතරයි ඉතින් බාගයක් හොයන එක මල ඇණයක්. බොනකොට උඹල මෙන්ඩිස් බීපන් අපි සංස්ථා බොනව කියන්නත් බැහැනේ.

Oct
6

ගම්පහ ඉඳන් කොළඹ යනකොට කැළණි පලම අහුවෙල ටිකකින් වම් අත පැත්තෙන් දර්ශනය වෙනව ලෝකේ තියෙන දවස ගානේ උස වැඩිවෙන එකම කන්ද්. අනික් කඳු වල තියෙන ස්වභාවික කොල පැහැය වෙනුවට මේකෙ තියෙන්නෙ කලු පැහැයක්. විවිධ වූ පක්ෂීන් වෙනුවට කපුටන් පමනක් මෙහි දිස්වෙනව. මීදුමෙන් වැසුනේ නැතත් ඒ වෙනුවට කලු දුමෙන් කන්ද සමහර වෙලාවට වැසී යන්ව.
බ්ලූමැන්ඩල් කුණු කන්දත්, පොදු වැසිකිලියකුත් අපේ රටේ ඉන්න දේශපාලකයොත් යන තුනම දැක්කම අපේ හිතට එකම ආකාරයෙ හැඟීමක් ඇතිවෙන්නෙ අපේ අවාසනවටද රටේ අවාසන්නවටද මන්දා.
මේ කුණු කන්ද දැක්කමත් අපිට අප්‍රසන්න උනාට මේකෙ අයිතිකාරයටනම් මේක එක්තර විදිහට සුයිප් එකක් මොකෝ දවසකට මේක නිසා ඔහුට රුපියල් ලක්ෂ ගනනක් හම්බ වෙන නිසා. ඒක ලඟම ඉන්න අය ගොඩක් මේකෙ කුණු තෝරල ජීවත් වෙනව. දේශපලකය වගේම තමා. තමන් හම්බ කරගන්නවා, ලඟම ඉන්න අයට හම්බ කරලා දෙනවා හැබැයි ගඳ ගහනවා. මුළු පලාතම විනාශ කරනවා. පොදු වැසිකිලියත් මේ වගේම තමා. රටක් හදන්න ඉන්න දේශපාලකයො කුණු කන්දක්, වැසිකිලියක් වීම කොච්චර සුන්දරද?

Oct
4

පහුගිය දවසක ගම්පහ පැත්තෙ 17 ක් මැරුණා කසිප්පු බීල. එ වුනට කසිප්පු බොන එකෙනම් අඩුවක් නැහැ. මංජුල වෙඩිවර්ධන බත්තලංගුණ්ඩුවෙ කියන පලතුරුයි, දංකොටුව ස්පෙෂල් නුයි බීල බලන්න මටත් ආසවක් තිබ්බට නිකන් කසිප්පු නම් බොන්න ආසාවක් නැහැ. පහුගිය දවස් වල සරුංගල් උණක් තිබ්බ. හැඳෑවට වැඩ අරිල ගිහින් කෙලින්ම යන්නෙ වෙලට. කුඹුරුවල අස්වැන්න් නෙළන එකයි, හයියෙන් හුළං හමන එකයි , ඉස්කෝලෙ නිවාඩුවයි සේරම එකට අගෝස්තුවෙ එන්නෙ කොහොමද කියල මන් දන්නෙ නැහැ. හැබැයි අගොස්තු කියනෙ සරුංගල් වාරෙ කියන එක නම් මන් දන්නව. ඔන්න ඉතින් හැන්නදෑවට සරුංගල් අරින්න අපි වගේම එන කාණ්ඩෙ ඇරුනම් තව පිරිසක් එනව වෙල දිහවට හැන්දෑවට. සමරු කාර්‍යාලයෙ වැඩ ඉවර උන අය, සමහරු ගොවිතැන් වැඩ ඉවර උන අය, කම්කරු වැඩ ඉවර උන අය මේ වගෙ කට්ටියක් අපි යන හැමදාම එකම වගෙ වෙලාවට පෝලිමේ එනව. අපි යන්නෙ සරුංගල් වාරෙට විතරක් උනාට මෙයාල හැමදාම එන අය. ටිකකින් නොපෙනී ගිහින් ආපහු එනව පොඩ්ඩක් වැනී වැනී පහු කරගෙන යනකොට ඉතින් තේරෙනව කොහෙ ගිය අයද කියල. බැලූ බැල්මට විශ්වාස් කරන්න අමරු විදිහේ පෙනුම තියෙන අයත් මේ අතර ඉන්නව. ඔන්න ඔය වගෙ කසිප්පු වෙලඳාම ලංකාවෙ හැම ගමකම , නගරෙකම වගෙ බොහෝම සරුවට කෙරෙන එකක්. ඕක නවත්තන්න නම් පුළුවන් එකක් නෙමෙයි ඒ වගෙම ඉතින් 17ක් නෙමෙයි 17000ක් මැරුන කිවුවත් බොන එකා නවත්තන්නෙත් නැහැ. තාම සතියක් වත් නැහැ අර 17 දෙන මැරිල ඒත් අපෙ පැත්තෙ කස්සිප්පු වෙළ්ඳාමෙ නම් කිසිම වෙන්සක් නැහැ.

කසිප්පු කියන්නෙ නවතන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක නිසා මන් ජනාධිපති උනානම් කරන්නෙ එකට ප්‍රමිතියක් දාල හරි විදිහට පෙරන්න උපදෙස් දෙන එක මිසක් තහනම් කරන එකනම් නෙමෙයි. වෙලාවට මන් කවදාවත් ජනධිපති වෙන්නෙ නැත්තෙ

Oct
3

නීති විරෝධී උනත් ලංකාවෙ තියෙන් ඕනම නගරෙක ගංජා මිලදී ගන්න පුළුවන්. ඔතන්න දන්නවනම් පැකට් එකක් ගන්න එක ලාබයි නැත්නම් ඔතපු ඒවත් තියෙනව. මන් ඉස්සෙලම ගංජා බිවුවෙ පළවෙනි පාර A/L ඉවර උන දවසෙ. එදා විභාගෙ ඉවර වෙලා අපේ සෙට් එක ගියා නාච්චිමලේ. යනගමන් මල් පෝච්චි විකුනනු ලැබේ කියල බෝඩ් එකක් ගහල තිබ්බ ලෑලි කඩේකින් මල් පැකට් එකක් අරගෙනම තමා ගියෙ. අපි එක්ක ගිය සූස්තිය කියල හිටපු පොරක් දෙයියන්ට පූජා වට්ටියක් හදන තරම් භක්තියකින් මල් පැකට් එකෙ රොඩු අහක් කරල හැදුවෙ නැතෑ ලොකු පන්දමක් තරම් ගංජා සුරුට්ටුවක්. අපි සේරම එක බිව්වා සූස්තිය කියන කපුගේගෙ සිංදු අහ අහ. කොහොම හරි අන්තිම වෙනකොට මගෙ කන සාක්කුවෙ ගලුයි මලුයි ගහල. ගෙදර එන්නකලින් කබරය පාරකුත් දල මොකුත් උනේ නැහැ විභගෙ විතරක් ඉවර උනා වගේ ගෙදර ආව මල රෑ වෙලා. එදා ගංජා වලට වහ වැටුනු මම තමත් ගංජා දුමට පෙම් කරනව. දැන් A/L කරලනම් අවුරුදු 10 කටත් කිට්ටුයි එත පස් හය වතවකට වඩා මට ගංජා රස බලන්න නම් හම්බ වෙලා නැහැ. ඒක නිසා මගෙ ගංජා වලට තියෙන කැමැත්ත භයානක දෙයක් නෙමෙයි

Oct
2

ඉස්කොලේදි මුලින්ම ලියන රචනාව තමා මම ගැන ලියන රචනව ඒක අයි ලියන්න හිතුනා හැබැයි ඒ කාලෙ විදිහට නෙමෙයි පොඩ්ඩක් වෙනක් විදිහකට.

පොඩිම කාලෙ මට ඕන උනේ දොස්තර කෙනෙක් වෙන්න ඒ අර අනික් අය කියන නිසාද කොහෙද, දැන්නම් දොස්තර කම වගෙ සල්ලි පස්සෙ දුවන් ජරා රස්සාවක් ගැන හිතන්නෙවත් නැහැ. ඊට පස්සෙ කාලෙ ඒ කියන්නෙ උසස් පෙළ කරන කාලෙ ඕනෙ උනේ ඉංජිනේරුවෙක් වෙන්න එහෙම හිතාගෙන ගණිතය කලා ඒත් මොන ඉංජිනේරුවෙක්ද කියල කිසිම අවබොධයක් තිබ්බෙ නැහැ. කරනවට කලා. දෙපරක්ම උසස් පෙළ කර බාගෙට පාස් වෙල ගෙදර ඉන්න කාලෙ අනික් අය හොඳයි හොඳයි කියන නිසා පරිගනක හැදෑරුව අන්තිමට ඒක මගෙ රැකියාවත් උනා. ඇත්තටම මට ඕනේ නම් ගොවියෙක් වෙන්න මොක්ද කන්න දේවල් වගා කරන එක තරම් උසස් රැකියවක් වෙන නැති නිසා. ඊටත් වඩා කැමතියි හිපියෙක් වෙන්න. ඔහේ හැම තැනම ඇවිද ඇවිද හම්බෙන දෙයක් පොඩි කඩේකින් කාලා. හැන්දෑවට ලඟම තියෙන බාර් එකෙන් පොඩි අඩියක් ගහල එතන ඉන්න කෙනෙක් එක්ක පොඩි කතාවක් දාල, තියෙන නාට්ටියක් චිත්‍රපටියක් බලල, පුස්ථකාලෙකට ගොඩවෙලා එපා වෙනකම් තියෙන පොතක් පත්තරයක් බලලා, රට පුරාම ඇවිදල, කොහේ හරි වැටිලා නිදාගෙන, හම්බෙන ඔනේම වතුර වලකින් නාල, ජීවිතේ උපරිමට විඳින්න. ඒත් ඉතින් හිපියෙක් වුනා කියල කන්න බොන්න අතට සල්ලී හම්බ වෙන්නෙ නැති නිසා ගොවියෙක් තමා වෙන්න වෙන්නෙ. එතකන් මේ දන්න පුරුදු රස්සාවම කරනව.

ඔන්න ඔය විදිහට මම කවුද කියල මම තම හරියටම දන්නෙ නැහැ. ඉතින් කොහොමද මම ගැන ලියන්නෙ

Oct
1

අනාගතය ගැන දහසක් පැතුම්
ජීවිතයේ සුන්ඳර ප්රාර්ථනා
පොදිබැඳ ගෙන ජීවත් වන
තරුණ, මහලු, ළමා ලපටි
නොසිතූ විලසින් මියයද්දී
මම තවම පණ පිටින්
මරණය එකම බලාපොරොත්තුව කරගත්

Oct
1

කෙටිකරපු දිග කතා, කුමාරි කියල විතරයි ලේඛිකාවගෙ නම තියෙන්න. මන් පොත් ප්‍රදර්ශන්යෙන් ගත්ත තවත් පොතක්. තාම බාගයයි කියෙවුවෙත් ඒත් හිත හොඳටෝම සසල උනා.තියෙන්නෙ උතුරු නැගෙනහිර ඉන්න මිනිස්සුන්ගෙ කතා. 88 , 89 ගැන මට යන්තම් මතක ඒ අවුරුදු දෙකේ දකුණේ මිනිස්සු හිටියෙ කොච්චර පීඩාවකින්ද. ජේ. වී. පී එකෙන් ගෙනියයිද ආමි එකෙන් ගෙනියයිද නැත්නම් වෙන කවුරු හරි ගෙනියයිද කියල මොකද කවුරු ගෙනිච්චත් ආපහු එන්නෙ නැති නිසා.දකුණේ මිනිස්සු අවුරුදු දෙකක් විඳපු දුක් දැන් උතුරෙ අය අවුරුදු 25ක් හරි ඊටත් වඩා කාලයක් විඳිනවා. හමුදාව, එල්.ටී.ටී.ඊ එක, කරුණා එහෙමත් නැත්නම් කවුරුත් දන්නැති අය ඇවිත් අරන් යන තරුණ ජීවිතවලට වෙන දෙයක් නැහැ. රටක සුළු ජාතියක් වීම එච්චර පීඩාවක් අවුරුදු 25ක් විඳින්න තරම් වැරැද්දක් උනේ කොහොමද? නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සු අනාථ කඳවුරු වල ගාල් කරල ඒ අයට කරන නින්දාවට ඒ මිනිස්සු කොහොම මුහුණ දෙනවා ඇද්ද? මේ අයගැන කතාකරන අයට කොටි ලේබලේ ගැහුව කියල ඒ මිනිස්සුන්ට ඒකෙන් සැනසීමක් ලැබෙනව්ද? ඒකෙන් මේ ප්‍රශනේ විසඳෙනවද? නිදහසේ ජීවත් වෙන්න විතරක් ඉල්ලන මිනිස්සුන්ට අපෙන් ඒ දේ ලැබෙනවද

Sep
30

අර එදා අරාකු බෝතල් එක හමාරෙන් ඉතුරු උන බාගෙ තම සීට් එක යට
මාත් එක්ක හැමදාම වැඩට යනව එනව. නිදහසේ බොන්න විදිහක් තාම ලැබුනෙ නැහැ. කොහෙද මේ අපේ උන් එක්ක බොන්න ගියාම එපා වෙනව. සමහරු ගල් බොන්නෙ නැහැ ( මමත් අතුළුව ) සමහරු සංස්ථා ඔල්ඩ් එක බොන්නෙ නැහැ. ඉතින් හැමෝටම ගැලපෙන ජාති හොයන්න ගියාම බොන්න වෙලාවක් නැහැ.

Sep
29

පොත් ප්‍රදරිශනයෙන් ගත්ත නීල් විජේරත්නගෙ කේරළ නළඟන කියවල ඉවර කලා. ඉන්දියාව ගැන තියෙන චාරික සටහන් පොතක්. කියවනකොටනම් ඉන්දියාවට ගිහින් ඒතැන් බලන්න හිතෙනව ඒත් තාම හරියට ලංකවෙ වත් ඇවිදල නැති නිසා ඉන්දියවෙ යන එකනම් හීනයක් විතරක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනව. හොඳ පොතක් පොඩි අවුලක් තියෙන්නෙ මේකෙ රචකයා හිතන්නෙ එයා පොරක් කියල එකනිසා සමාන්‍යා මිනිස්සු එක්ක ඉන්න්කොට ඉහලින් ඉන්න හදන්ව වගේ. මට අල්ල්නෙ නැහැ එහෙම මිනිස්සු. සුනේත්‍රා රාජකරුනාණායකගෙ පොත් වලත් ඉන්දියාවෙ චරිකා සටහන් ගැන තියෙනව ඒවනම් කියවනකොට බොක්කටම වදිනව මොකද එය හැමවෙලෙම හසිරෙන්නෙ සමාන්‍යා ගැහැණියක් විදිහට කොයි වෙලාවකවත් එය අනික් අයට වඩා උසස් කියල හිතන්නෙ නැහැ. එහෙම කියනකොට තම මගේ හිතට සමීප වෙන්නෙ චරිකා කරන කතා නායකයව.

Sep
28

සිකුරදා රෑ නුවර ගිහින් මන් සෙනසුරාද උදේ අපහු ගම්පහ අවා. එනකොට නුවරින්ම නැග්ග නිසා ඉඳ ගන්න ආසනයක් නම් ලබුනා. උදෙට කාලා හිටියෙත් නැහ මග දිගට තිබ්බ දුම් රිය නැවතුම්පොලවල් වල ආපන ශාල තිබ්බත් මට ආසනය නැති වෙයි කියල බයට බැහැල මොකුත් ගන්න විදිහක් තිබ්බෙ නැහැ. ආසනය තිබ්බෙ දකුණුපැත්තෙ ඒත් කඩුගන්නව හරියෙ සුන්දර දරිශනය තිබ්බෙ වම් පැත්තෙ ආසනය නිසා එක බලන්නත් නැති උනා .ආසනය අහිමි කරගන්නත් බැහැ ගම්පහට එනකම් එන්නත් එපායැ. ආසනය නැති අයනම් නිදසේ හැම තැනම ඇවිද්ද ලස්සන දැක්කා කාලා බීල ජොලියෙ අවා මන් කිසිම ජොලියක් නැතුව ආසනය බදාගෙන බඩගින්නයි වතුර තිබහයි එක්ක කිසිම සුන්දර දෙයක් දකින්නෙත් නැතුව පැය තුනකට කිට්ටු කාලයක් විඳෝ විඳෝ ආවා කිසිම රහක් නැහැ හරියට ජීවිතය වගේ. සමහරු ජීවිතේ හරිම සාර්ථකයි ඒත් එයාල ජීවිතේ විඳිනවද? සාර්ථකත්වය බිඳ වැටෙයි කියල අමුතු මොකුත් කරන්නෙ නැහැ හැමදාම එකම විදිහට ඉන්නව. හැබැයි ජීවිතෙන් අසාර්ථක අය ඉට වඩ සතුටින් ඉන්නව කියල මට නම් හිතෙන්නෙ

Sep
25

මගේ මරණය
කවදාද මාව කැඳවාගෙන යන්නෙ
ඔබේ තුරුලට
හැඟීම් දැනීම්
කිසිවක් නැති

මේ ටිකනම් මගෙ නෙමෙයි. මට මතක විදිහට මේක මහගම සේකරගෙ පද වැලක්. හරියටම ෂුවර් නැහැ

මන්ද ඔතන නුඹ හැන්ගී කරන්නේ
නින්ද සදාකාලික කර දියන්නේ

Sep
23

නම අහනකොටත් මගේ මූනේ හිනාවක් ඇදෙන ගංජා ගැන මොනාහරි නොලිව්වොත් මගෙ හිතට හරි නැහැ. එහෙම කිව්වට හිතන්න එපා මම ගංජා කාරයෙක් කියල නිතර භාවිතා නොකලත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මග හරින්නෙත් නැහැ. මල්, ගංජා, සූස්ති, ජොයින්ට්, කංසා, රොකට් ඔය කොයි නමින් හැඳින්නුවත් සේරගෙම මන් දන්න විදිහට නම් තියෙන්නෙ වේලපු කංසා ගස් වල මල්. අපේ බල්ලට බඩේ අමරුවක් හැදුනමයි ඌ කෑම කන්න එක අඩු උනාමයි උගේ බත් එකට ගංජා ටිකක් දාල දෙනව. ඒ වෙලාවටනම් හිතෙනව බල්ල උනානම් හොඳයි කියල. ඒත් ගංජා දුමෙන් එන ආතල් එක කනකොට තියෙනවද කියල ෂුවර් නැහැ. මට තියෙන අත්දැකීම් වලා හැටියට ගංජා තරම් කෑම රුචිය වඩවන දෙයක් තවත් මේ ලොකෙ නම් නැතුව ඇති. ගංජා බිව්වට පස්සෙ කන්න පුළුවන් බඩ පැලෙන්න. අපේ මිනිස්සු ඉතින් හැම දේම නරකටනෙ යොදගන්නෙ නැත්නම් ලෝකෙ සමහර රටවල් තියෙනව නීත්‍යානුකූලව ගංජා බොන්න පුළුවන්. අනික ලෝකෙ තියෙන ඉස්තරම්ම වර්ගයෙ රෙදිවර්ගයක් නිපදවන්නත් ගංජා ගස් භවිතා කරනව. ගංජා බීල පැණිරස කන්න කියන්නෙ එත්කොට ආතල් එක වැඩි වෙන නිසා

අපෙ දුකා කියන විදිහට
පැණි රස කෑම දිවගාල කංසා බොන්න සොඳා

Sep
22

හඬනු මැන නිදහස කියන්නෙ සුනිල් මාධව ප්‍රේමතිලක පරිවර්තනය කරපු ඩොනල්ඩ් වුඩ්ස් ලියපු දකුණු අප්‍රිකාවෙ කළු ශිෂය්‍ය නායක ස්ටීව් බිකෝගෙ කතාව. මේක මගේ කතාව.
සතියක් ගානේ බොන්න සෙට් වෙන්න
දකින හැම කෙල්ලටම ලයින් දාන්න
කැමති වෙලවට කැමති විදිහට යන්න එන්න
නිදහසේ කෙල්ලො එක්ක චැට් කරන්න
පාරේ රස්තියදු ගහන්න
රෑ වෙනකම් පාරෙ ඉන්න
සිගරට් බොන්න
මල් ගහන්න
අතේ සතේ නැතිවෙනකම්
වියදම් කරන්න
නිදා ගන්න
නිදි මරන්න
මට තිබ්බ නිදහස දැන් කෝ?
හඬනු මැන ඒ නිදහස වෙනුවෙන්
අපොයි ආදරයක් මට කරපු වින්නැහිය

Sep
21

ඊයෙ ගියා බණ්ඩාරණායක අණුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ් ශාලවෙ පටන් ගත්ත ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න. පළවෙනි දවස නිසාද කොහෙද වැඩිය සෙනඟ හිටියෙ නැහැ. මේ පාර පොත් නම් ටිකක් ගනන් වැඩි. වෙනදට වඩා ඉඩකඩ ඇතුව කඩවල් නම් දාල තියෙනව. එන අයගෙ වාහන එකක් වත් ඇතුලට ගන්න දෙන්නෙ නැහැ. ඒක නිසා වාහන වල යන අයට නම් කරදරයක් වෙනව එවා නවත්තන්න තැනක් හොයාගන්න එක. කැම බීම කඩත් වැඩිපුර තිබුන.

Sep
19

බෙල්ලෙ වැල දම ගැනීම
වහ බීම
කෝච්චියට පැනීම
ගඟේ පැනීම
මුහුදෙ පැනීම
කණේරු ඇට කෑම
නියඟල අල කෑම
ගිණි තබා ගැනීම
මොකද්ද හොඳම විදිය
කාගෙන්ද දැන ගන්නෙ?

කලින් මැරුණ කෙනෙක් ගෙන් තමා

Sep
19

ප්රභාකරන්
සයණයිඩ් කරලක් දෙන්න
ඊලම වෙනුවෙන් නොව
ජීවිතය වෙනුවෙන්
සියදිවි නසාගන්න

Sep
18

අපේ රටේ අයි.ටී. ෆීල්ඩ් එකට තියෙන තැන කෘෂිකර්මාන්තයට නැහැ.අපේ රටේ තියා ලෝකේ කොහේවත් ගොවියන්ට තැනක් නැහැ. ඒක හරිම අසාධාරණයි මොකද අපිට කොම්පියුටර්, ඉන්ටර්නෙට් නැතුව ජීවත් වෙන්න පුළුවන් උනාට කෑම නැතුව ඉන්න බැහැ ඒක නිසා හරිනම් වැඩි තැනක් ලැබෙන්න ඕනෙ IT Field එකට නෙමෙයි Paddy Field එකට.

නැද්ද මං අහන්නේ

Sep
17

අපේ රටේ කඩා වැටුනු ජාතිය ගොඩ නගන්න ඇමති වරු ගොඩක් ඉන්න්නව ඉන් එක්කෙනෙක් පහුගිය දවසක ජාතිය පැත්තකට දාල තමන්ගෙ වත්කම් ගොඩනගපු නිස අල්ලස් දූෂණ විමර්ෂණ ඒකකයෙන් එක්කන් ගිහින් තිබුන. ඒ උත්තමයට පහුවදාම නයෙක් ගහල. මේ රටේ වැරදි කරන ඇමති වරුන්ට දඬුවම් දෙන එක දෙයිය්න්ට බාර කරලනෙ තියෙන්නෙ. නයෙක් හරි ඒක කලානම් වටිනව. නැතුව නීතියෙන් දඬුවම් කරනව නම් බොරු.

දවස් ගානක් මගෙ බයිසිකලේ සීට් එක යට දුක් වින්ඳ අරක්කු බොතල් එක හමාරෙන් එකක් නම් යන්තම් ඊයෙ ඉවර කලා. තව භායක් සීට් එක යට.මාත් එක්ක එහෙ මෙහෙ යන්ව.

Sep
16

මට මාර වැඩක් වෙල තියෙන්නෙ දැක් දවස් තුනක් තිස්සෙ මන් අරක්කු බෝතල් එක හමාරක් බයිසිකලේ සීට් එක අස්සෙ දාගෙන එහාට මෙහාට යනව, බොන්න කෙනෙක් නැහැ. දැන් කොල්ලො බොන්නෙ නැද්ද මන්ද්ද? දැන්නම් බයිට් එකත් සවුත්තු වෙලා ඇති. සිගරට් වලට හුලන් වැදිලත් ඇති. මොනව කරන්නද තනියම බොන එකෙ කිසි ආතල් එකක් නැහැනේ ඉතින් කවුරු හරි සෙට් වෙනකම් ඉන්නනම වෙනව

Sep
15

මානව හිමිකම්
කම්කරු අයිතිවාසිකම්
වෘත්තීය සමිති
වැඩ වර්ජන
මාධය වාරණ
මේ ඔක්කොම
විපක්ෂෙ ඉන්නකම්

Sep
13

හන්දියෙ බාර් එකේ සංස්ථා අරක්කු විකුනන්නෙ නැති එක නම් හරිම කරදරයක්. දැන් සංස්ථා අරක්කු බොන්න ඕනෙ නම් Town එකට ගිහින් ගේන්න ඕනේ ඒකට පැයක් විතර යන්ව එකෙන් වෙන්නෙ බොන්න තියෙන උනන්දුව අඩු වෙන එක. එක්කො මේ බාර් එකත් වහල දන්න ඕනෙ නත්නම් මේකෙ හැමජාතිම විකුනන්න ඕනෙ.

හැබයි එකෙන් එක හොන්දක් නම් වෙනව ඒතමා බොන එක ටිකක් අඩු වෙන එක අත ලඟ බඩු තිබ්බන කිසිම Control එකක් නතුව පෙවෙන්න ඉඩ තිබ්බ. දන් ඒක නැහැ

Sep
12

උම්මාද චිත්ත්රා
දීඝගාමිණී
අබා
මුන්ගෙන් මට වැඩක් නැහැ
බඩු ගිණි ගනන්
අපි කන්නෙ කොහොමද?

Sep
11

ජීවිතයේ සුන්දරත්වය ගැන හමෝම කතා කරනවා නමුත් විඳින්න වෙන්නෙ දුක් වේදනා. මරණ්ය ගැන කතා කරන්නත් බයයි, මරණය වේදනවක්ලු. ඒක එහෙමද?? මරණයේ සුන්දරත්වයක් නැද්ද?

Sep
10

මරණය සුන්දරද මෙතරම්..............
මරණය සුන්දරද මෙතරම්..............

Sep
10

ගරුතර සංඝරත්නය පාර්ලිමෙන්තුවට වැඩි සේක
උන් වහන්සේලා උසාවියටද වැඩියේය
අවසානයේ රිමාන්ඩ් බන්ධනාගරයට වඩම්මන ලදී
හිරේට වඩින්නනට පෙර නිදහස් විය

Sep
9

ගල් අරක්කු
ෆැන්ටා සැන්ඩිත් එක්ක
ගල් බනිස් ගෙඩියක් කකා
බොන්න තියෙනවනම්
මැරෙන්න ඉස්සල්ල

Sep
9

මෙලොව ඉපදුණ හැම කෙනෙකුටම උරුම මරණ්ය ගැන

Bloggers.com - Meet Millions of Bloggers